IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ලංවීමට තවත් සති දෙකකට ඉන්ධන

(අජන්ත කුමාර අගලකඩ)

බරපතළ ඉන්ධන අර්බුදකයට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.

සංස්ථාව සතු ඉන්ධන තොග අනුව එම ඩීසල් හා දැවිතෙල් ප්‍රමාණය විදුලිබල මණඩලයට නිකුත් කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවැති සාකච්ඡාවේදී දැනුම් දී ඇත.

සංස්ථාවද බරපතළ ඩොලර් අර්බුදයකට ලක්ව තිබෙන නමුත් විදුලිය අර්බුදය කළමානාකරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් වුවද මෙම ඉන්ධන ප්‍රමාණය මණ්ඩලයට ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කර ඇත. මේ අතර එම සති දෙකෙන් පසුව මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ගෙන්වා දීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී එකගතවා පළ කර ඇත.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලින් එම ඉන්ධන ගෙන්වා ගත්නා බවද ඇමැති රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත.

මේ අතර මණ්ඩලයට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලිය කප්පාදුවක් නොකර පවත්වාගෙන යා හැකි බව විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් එහිදී ප්‍රකාශ කළ බව වාර්තාවේ.මේ අතර ඩොලර් නොමැතිවීම හේතුවෙන් මුහුදේ නැංගුරම්ලා ඇති ඩීසල් හා පෙට්‍රල් නැවි දෙක කඩිනමින් නිදහස් කරදීමේ වගකීම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම සාකච්ඡාවේදී බාරගෙන ඇත. මෙවැනි තත්ත්වයක් තිබේ නම් එය කල්වේලා ඇතිව තමට දැනුම්දෙන්නැයි මහ බැංකු අධිපතිවරයා ඛනිජ තෙල් සංස්ථාවෙන් එහිදී ඉල්ලා තිබේ.

අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් අද (25) සිට දිවා කාලයේ පැයක් ද රාත්‍රී කාලයේ පැය එකහමාරක්ද වශයෙන් විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබිණි.

එම තත්ත්වය වළක්වා ගනිමින් විදුලිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (24) සාකච්ඡාව කැඳවනු ලැබීය.

 



අදහස් (3)

ලංවීමට තවත් සති දෙකකට ඉන්ධන

Kumara Tuesday, 25 January 2022 12:40 AM

ඉන්දන, ආහාර, ඖෂධ ආදී භාණ්ඩ ගෙන්වීමට ණය ගන්න සිදුවීම මුළු රටේම අභාගයක්. කවදා උන දේවල්ද?

:       0       0

Hafeel Tuesday, 25 January 2022 08:24 AM

එතකොට ගම්මන්පිල මහ ලොකුවට සද්ද දෙම්ම ඩොලර් නැතුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්න නැහැ කියල. ගම්මන්පිල නමට තමයි ඇමති. තීන්දු තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශයෙන්.

:       0       6

Mahesh Tuesday, 25 January 2022 03:00 PM

බැයිද කාට හරි මුහුද යටිං ගිහිල්ල, ඔය නැන්ගුරන් දෙක කපල, නැව් දෙක මෙහාට ඇදන් එන්න. නිකමට ඇහුවෙ. සර් ෆේල් සර්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1458 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site