(මනෝප්‍රිය ගුණසේකර )
සෙලින්කෝ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා හැකි ඉක්මනින් අවසන් කර ගැනීම පිළිබඳ නීතීපතිවරයා සමඟ කරන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති හෙයින් මෙම නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරි 22 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (19) නියෝග කළේය.
අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නිතීඥවරයා වන අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
මෙතුමා දඬුවම් ලැබිය යුතු විත්තිකරුවෙකු නොවෙයි. පහුගිය රජය සමයේ ඉතාම කෘෘර ලෙස අසාධාරණයට ලක් වූ කෘතහස්ත ව්‍යාපාරිකයෙක්.
මොනවා වුනත් තමන්ගේ ආයතනයේ මුදල් නැත්පත් කළ අවිහිංසක තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලැබෙන්ට සැලැස්වීම මොහුගේ වගකීමයි. එ්කෙන් ගැලවෙන්න ඉඩ දෙන්න බැහැ...
මෙතුමාගේ ව්‍යාපාර ටික අර අලිබබාගේ සෙට් එක කොල්ල කෑවා නේද?
ඕනෙම මුල්‍ය ආයතනයක් තැන්පත්කරුවන්ගෙන් ලැබෙන මුදල් ආයෝජනය කිරීමෙන් ලබන ලාභයෙනුයි තැන්පත්කරුවන් හට පොලිය ලබා දෙන්නේ. නමුත්, ආයතනය විසින් කරන ලද ආයෝජන අසාර්ථක වුවහොත්, තැන්පත්කරුවන් හට පොලිය හෝ තැන්පතු ආපසු ලබා දිය නොහැක. මෙය ඕනෙම මුල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරන ආයෝජකයෙකු විසින් ගන්නා අවදානමකි. මෙතුමා ලංකාවේ සිටි දක්ෂ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු තම ආයතනය අකාර්යක්ෂමව කළමනාකරණය කලා යයි සිතිය නොහැක.
පුෂ්පකුමාර උන්නැහේ, හරි. ඔය කතන්දරේ අපිටත් අහන්න ලැබුණා. අලිබබා සෙට් එක නොගහපු ගැහිල්ලක් නැහැ!