(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික් ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමඟ කුරක්කන් මිල කිලෝවක් රුපියල් 150 කින් පහළ වැටී ඇතැයි ගොවීහු කියති.
ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුරක්කන් හේන් වගාව මෙවර ඉතා සාර්ථකව වැඩි අස්වැන්නක් ලැබෙමින් පවතින බවද ගොවීහු පෙන්වා දෙති.
ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් බඩඉරිඟු ආදී හේන් වගාව සඳහා තවමත් ප්‍රසිද්ධව පවතින අතර අහස් දියෙන් මෙම හේන් වගා බොහෝමයක් සිදුකරයි.
මේ දිනවල විල්ගමුව ප්‍රදේශයේ හේන් වල බඩඉරිඟු අස්වැන්න මෙන්ම කුරක්කන් අස්වැන්න ද නෙළන අතර ඔවුන් කියාසිටින්නේ අස්වැන්න නෙළීමට පෙර රුපියල් 500 ත් 550 ත් අතර මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බවය. එහෙත් අස්වනු නෙළීම ආරම්භ කිරීමත් සමඟ එය රුපියල් රුපියල් 300 පමණ පහත වැටී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම කුරක්කන් අස්වැන්න නෙළා ඒවා කුරහන් ඇට බවට පත් කිරීමට විශාල වෙහෙස මහන්සියක් ගොවීන් දරන බවත්, අස්වැන්න නෙලා ගැනීම අවසන් වනතුරුම හේන්වලට වී වන අලින්ගෙන් සහ වන සතුන්ගෙන් තම වගාවන් බේරා ගැනීම සඳහා ද විශාල කැප කිරීමක් කරන බව ලග්ගල විල්ගමුව ගොවීහු පෙන්වා දෙති.
ලග්ගල අබන ප්‍රදේශයේ ගොවියකු වූ වයි.එම්. සේන මහතා තම ඉල්ලීම කවියකින් මෙලෙස ඉදිරිපත් කළේය.
ලග්ගල හේන්වල කුරහන් බරු බැහැලා
අපි දැන් ගෙට ගන්නවා මලු පුරවාලා
ඒවට හොද මිලක් දෙන්නට හිත පල්ලා
ලග්ගල අහිංසක ගොවියෝ රැකපල්ලා
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලග්ගල හේන්වල කුරහන් බරු බැහැලා
sharm warn Monday, 01 March 2021 09:38 AM
හරිම හිතපිරෙන දසුනක්... කුරක්කන් අඹරලා ඒ කෑම හදපු කාලේ මතක් වෙනවා.