(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමට තෝරාගත් ලෝකයේ රටවල් පහක ආයතන පහක් අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයද ඇතුළත්ව ඇත.
කොරෝනා ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොදා ගැනීමට විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටල දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයට මේ අනුව පරිත්‍යාග කර ඇත .
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ තෝරා ගත් ආයතන පහට ඇතුළත්වීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .
මෙම උපකරණ භාවිතා කර රෝගීන් හඳුනා ගැනීම වැඩි කිරීමට හැකිවන බවද ඔහු සඳහන් කළේය .
කොරෝනා විශේෂ ප්‍රභේද ආසාදනයවූ විශාල පිරිසක් පසුගිය කාලයේදී හඳුනා ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ඉවර කරන්න දෙන නෑ මුං