(ඩයනා උදයංගනී)
ලොකු ලුනූ සඳහා දැනට පවතින අවම සහතික මිල රුපියල් 20කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට රුපියල් 60ක් වන අවම සහතික මිල රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවූ බව කැබිනට් ප‍්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලොකු ලුනූ ගොවීන්ගේ ආදායම ඉහළ දැමීම සහ ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙමින් වගාව සඳහා ඔවුන් දිරිමත් කිරීම මෙම තීරණය ගැනීමේ අරමුණ බව ද ඇමැතිවරයා කීවේය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ලොකු ලුනූ වගාවන්හි ඵලදායිතාවය ඉහළ නංවමින් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩසටහනක් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට ද අගමැතිවරයා මෙහිදී යෝජනා කර ඇති බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනස්පහේ පාන් ගෙඩියට, අසූවේ ළුෑණු ගෙඩිය. නියම කම්බිනේෂන් එක... ඒ කියන්නේ ආචාරි තොමෝ පැවසූ ලෙස 2500ක් වත් යන්නේ නැහැ මාසෙකට ජීවත් වෙන්න අපිට...
ලංකාවටම ඇතිවෙන්න ලොකු ළුෑණු, රතු ළුෑණු, අමුමිරිස් සහ වියළි මිරිස් වවන්න අපේ රටේ පුළුවන්. කරුණාකර ඊට අවශ්‍ය පසුබිම සකස්කර දෙන්න.
2500න් ඉන්න පුලුවන් කියපු මහා ප්‍රාඥයා නේද මේ...?
එතකොට අවම විකුණුම් මිල කීයද?...
අර 69 ලක්ෂය ලුණු කන්නේ නැතිලු. ඒ මොනවද කියලා අහනවා...
ආර්ථික ඔස්තාර් කියන කතා කවුද විශ්වාස කරන්නේ? සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්න බැහැ කිව්වෙත් මෙයානේ...
දැන් ලොකු ළුෑණු ලාභයිද හාමුදුරුවනේ...?