(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

උඩප්පුව පුනවිටිය මුහුදු තිරයෙන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් ලක්ෂ 50 කට අධික කහ තොගයක් නාවික හමුදා බුද්ධි තොරතුරක් මත මැරින් නාවිකයින් විසින් සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන උඩප්පුව පොලිසියට 7 දින භාර දී තිබුණි.

මෙසේ භාර දි තිබු කහ තොගයේ කිලෝ 1297 කට ආසන්න ප්‍රමානයක් තිබු බව නාවික හමුදා බුද්ධි අංශ පවසයි.

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධිවර යාත්‍රා යොදා ගනිමින් මෙම කහ තොගය මෙරටට රැගෙන විත් උඩප්පුව පුනපිටිය වෙරළ තිරයට ගොඩ බාමින් සිටියදී නාවික හමුදාව අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම කහ තොගය පොහොර උර 27 ක අසුරා තිබු බවත් අධි බලැති ධාවන තත්වයේ පවතින අශ්ව බල 40 ධාරිතාවයේ එන්ජින් යොදා ගනිමින් මෙම කහ තොගය ධිවර යාත්‍රා යොදා ගනිමින් ප්‍රවාහනය කර පුනපිටිය වෙරළට ගොඩ බැමට සුදානම් වෙමින් තිබියදී අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම කහ තොගය සමග උඩප්පුව කොත්තන්තිව් පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා නිළධාරින් සමත්ව තිබුණි.

වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩි.කේ.පි.දසනායක මහතාගේ උපදෙස් මත පුත්තලම තම්බපණ්නී ආයතනයේ අණදෙන නිළධාරි කමාන්ඩර් ඊ.එම්.ආර්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් වැටලිම සිදුකර තිබුණි.

අත් අඩංගුවට ගත් කහ තොගය උඩප්පුව පොලිසියට භාර දිමේන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවට භාර දිමට පොලිසිය කටයුතු කර තිබුණි
.