(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා යතුරු පැදි තොගයක් හා ජංගම දුරකථන නීතිවිරෝධී අයුරින් දොඩංගොඩ ,බෝම්බුවල  අංක දහය වත්තේ  ස්ථාන දෙකක සඟවා ගෙන සිටි පුද්ගලයකු අද  (01) අත්අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්ධන අංශය කියයි.

 එම සැකකරු  සමඟ විවිධ වර්ගයේ යතුරු පැදි 23, ජංගම දුරකථන 5, අඩි හතරක් දිගැති තියුණු  ආයුධ දෙකක් හා යතුරු පැදියක එන්ජිමක් පොලිසිය භාරයට ගෙන ඇත.