
(සිතුම් චතුරංග)
බලපත්‍ර නොමැතිව අල්ලන ලද රුපියල් ලක්ෂ 50 අධික වටිනාකමින් යුත් මුහුදු කූඩැල්ලන් කිලෝ 724 ග්‍රෑම් 500 සමඟ පුද්ගලයකු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
නිවසක සඟවා තිබෙන මුහුදු කූඩැල්ලන් තොගයක් පිළිබඳ මන්නාරම දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු හා නිවසෙහි සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධීව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ බවට අනාවරණයවූ බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ සොයාගත් මුහුදු කූඩැල්ලන් තොගයෙන් කොටසක් ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් මෙරටට ගෙන්වන්නට ඇතිබවට සැක කරන බවයි.
විදේශ රටවල මිල අධික ආහාරයක් වන මුහුදු කූඩැල්ලන් ධීවර හා ජලජ සම්පත් අඥාපනත යටතේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගැනීම ප්‍රවාහනය කිරීම තහනම් වන බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම එරුක්කලම්පිඩ්ඩිහි පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා සැකකරු යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

COMMENTS