
(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ 13ක් වටිනා කහ තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මන්නාරමේදී අද පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම වැටලීම කරනු ලැබුවේ මන්නාරම කුංචිකුලම් යුද හමුදා මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි 542 පාබල බලසේනා මූලස්ථානයට අයත් 15 (සෙව්) ගැමුණුහේවා බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
කිලෝග්‍රෑම් 219ක් බර මෙම කහ තොගය සැකකරුවන් විසින් කැන්ටර් වර්ගයේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව යුද හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාශ නොකර ජනතාව අතර බෙදා හරින්න. අපරාදේ සල්ලි.
ගිනි තියන්නේ නැද්ද?
කුළුබඩු ළඟ තියාගත්තාමත් පොලිසියෙන් අල්ලන යුගයක් නිර්මාණය කළ මේ ආණ්ඩුවට අපගේ හදපිරි මෙව්වා එක.. !
මෙම නිෂ්පාදනය සියලු සතොස වෙත බෙදා දී මිනිසුන්ට ප්‍රයෝජනයට ගත යුතුය.