(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කේරළ ගංජා ඇසුරුම් තුනක් මෝට රියකින් ප්‍රවාහනය කරමින් සිටි  පුද්ගලයින් තිදෙනෙකු,කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ දලුව ප්‍රදේශයේ, තම්බපණ්ණී නාවුක හමුදාව මගින් පවත්වාගෙන යන මර්ග බාධකයේ දී අද(10) පෙරවරුවේ දී නාවුක හමුදාව මගින් අත් අඩංගුවට ගෙන ඇත.
 
කේරළ ගංජා ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 6ක් පමණ වන අතර වටිනාකම ලක්ෂ දහයකට ආසන්න වේ.
 
සැක කරුවන් තිදෙනා පානදුර හා කොළඹ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25,28,සහ 30 අතර අයවලුන් වෙති.කුළී පදනමින් ලබාගත් මෝටරියක් මේ සදහා භාවිතා කර ඇත.
 
නාවුක හමුදා බුද්ධි අංශ මගින් වැඩි දුර විමර්ශන සිදුකරණ අතර සැක කරුවන්  හා නඩු භාණ්ඩ නොරොච්චෝල පොලිසියවෙත හාර දීමට නියමිත ය.