( තිළිණි ද සිල්වා )
අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් එරට වැසියන් සඳහා සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයා යුතු බවත්, සංචාරයක නිරත යම් කිසි එමීර් වැසියෙකු සීටී නම් හදිසි අවස්ථාවකදී +94 112-301-601 දුරකථන අංකය හරහා කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය හෝ +971 800-444-44 යන දුරකථන අංකය ඔස්සේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැකි යැයිද මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමෙහි සඳහන්ව ඇත.
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප‍්‍රහාරය පසුව ගනිමින් එමීර් රාජ්‍යය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ද මෙරට සංචාර නොකරන ලෙස දන්වමින් එරට වැසියන්ට සංචාරක උපදේශනයක් පනවනු ලැබිණි.
COMMENTS
හෝටල්කරුවන් හා ඒ ආශ්‍රිතරැකියා කරන්නන් තවත් වල පල්ලට දැමූ අන්තවාදය ට ස්තූතියි.
හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නද මන්ද.....
මේක ලෝක විහිළුවක්. ලංකාවේ අපියි අරාබියෙන් ප්‍රවේශ්ම් වෙන්න වෙලා තියෙන්නේ. අන්තවාදය ආවේ අරාබියෙන්.
අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මොන තරම් අඩුවට ටිකට් දුන්නත් අපේ උන් යන්නෙම මේ කුවේට් ගුවන් සේවයේ නේ. දැන්වත් මොලේ කල්පනා කරලා බලනවානම්
දැන්නම් ඇත්තටම අවදානමක් තියෙනවා කියල හිතන්නවෙනවා . ත්‍රස්තයන්ට මුදල් එන්නෙ මේ රටවල් වලින්ම තමා
අසරණ ගෘහ සේවිකාවන්ගේ අත් ,තෙල් හැන්ද තියෙනකොට පුච්චන කට්ටිය මොකට බය වෙනවද. . විපක්ෂයේ කෙනෙක් ඔය පැත්තෙන් ගියාද නිකමට අහුව්වේ , ලංකාවෙත් බොරු ත්‍රස්ත බිය පතුරවලා. , හිටපු අන්දරේද දන්නේ නැහැ
සෞදියත් ඕකම කරා නම් හොඳයි.
ලංකාවේ අපි කාගෙන්ද පරිස්සම් වෙන්න ඕනේ .
අරාබි සංචාරකයෝ ලංකාවට එන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ආවත් නතර වෙන්නේ බහුජාතික සමාගම් වලට අයිති ලොකු හොටෙල්වල. ඒ අය නාවා කියාල අපට එතරම් විශාල ප්‍රශ්නයක් නැහැ. මේගොල්ල අඩුවෙන් එන තරමට අපිට හොඳයි. මොවුන්ට විසා දීම තාවකාලිකව නතර කරලා එම රටවල් වල තිබෙන ශ්‍රී ලංකික තානාපති කාර්යාල හරහා වීසා අයදුම් කරන්න කියන්න. එහෙම විසා දෙනකොට හොඳට හොයලා බලන්න. බොහෝවිට අන්තවාදය වපුරවන්නට මුදල් විසි කරන්නේ එම රටවල සිටින ශේක්ලා සහ ධනකුවේරයන්.
ප්‍රතිශතයක් ලෙස ගත්තම ඉතාම සුළු සංචාරක පිරිසක් මෙහි එන රටක් .. අපි කලබල විය යුතු නැහැ .. එන්නේ නැති තරමට හොදයි .. මොකද මෙයාලගෙ අස්සෙන් රිංගගෙන තමයි ත්‍රස්තවාදීන් සහ ආධාර එන්නේ .. හිස්බුල්ලා කාත්තන්කුදියට මුදල් ගෙන්වා ගත්තේ කිසිම බැංකු වාර්තාවක් නැතුව ... අපි ලොකුවට අපේ රට කියල කෑ ගහනවා අඩු ගානේ අපිට ආරක්ෂාවක් වත් නැහැ ...