ශ්රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙකු ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන ඩේවිඩ් ලින්සි නම් සිසුවා පැවසුවේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹ ජාතික රෝහලට ගෙන ආ රෝගීන්ගෙන් රෝහල පිරි ගිය බවයි.
“සමහර විට [රෝහලට] වඩා හොඳ දේවල් තිබුණා නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා” යැයි 22 හැවිරිදි වේවිඩ් පවසයි. මේ වන විට ඩේවිඩ් සිය ආර්ථික විද්‍යා උපාධිය හදෑරීම පසෙක තබා සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරයි.
ඩේවිඩ්ගේ සහෝදරයා වන ඩැනියෙල් (19) සහ සහෝදරිය වන 15 හැවිරිදි ඇමීලි කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයට එල්ල වූ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
තම සහෝදරයා හා සහෝදරිය වෙනුවෙන් ඔහු එක්සත් රාජධානියේ ඇමීලි සහ ඩැනියෙල් ලින්සි පදනම පිහිටුවා ගත් අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයද දායකත්වය ලබාදෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔහු අවස්ථාව දෙකකදී ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ.
මීට පෙර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රෝහල් නවයකට රෝගීන් මාරු ට්‍රොලි ඇඳන් සියයක් පරිත්‍යාග කළේය.
( ඩේලිමිරර් ඇසුරෙනි.)
125
COMMENTS
ඔබ සිදු කරගන්නේ මහත් කුසලයක්..., ඔබට හොඳක්ම වේවා..!!!
"අප්පමදෝ අමත පදං" මහා කාරුනිකයාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත් බොදුනුවකු නොවන නියම බොදුනුවෙක් දිටිමි. මිනීමරුවාට වෛර කරනවා වෙනුවට මේ තරුණයා දුටුවේ ජීවිත බේරා ගැනීමට තිබුණු ඒත් මගහැරුණු අවස්ථායි. ඔහු ඒවා සම්පූර්ණ කරන්නට දරන වීරිය අගේ කළයුතු අතර ඔහුගේ සොයුරාට සහ සොයුරියට ඒ කුසල් අනුමෝදන් වේවා...!!!
ඩේවිඩ් ඔබේ ක්‍රියාව අගය කරමි. එහෙත් අපට හරිම දුකයි ඔබේ නැතිවූ සහෝදරයයි සහෝදරියි ගැන. අපි ලෝක ප්‍රජාව වශයෙන් ඔබ හා මම ඇතුළුව දැන්වත් තේරුම් ගත යුතුයි ලෝකයටම පිළිලයක් වූ මේ අශිෂ්ට සම්පන්න ආගම තව දුරටත් මේ සුන්දර ලෝකය විනාශ කීමට ඉඩදී බලා සිටිය නොහැකි යන වග.
මේ ප්‍රවෘත්තිය ඊයේ විදේශ මාධ්‍යයක කියෙව්වා. අපේ රටේ මෙම ඛේදවාචකය තම පටු දේශපාලන අරමුණු සඳහා යොදාගනිද්දී සැබෑ මනුෂ්‍ය ගති ඇත්තෙක් එයින් මියගිය තම සහෝදරයන් දෙදෙනා වෙනුවෙන් වෙනත් රටක සෞඛය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අරමුදලක් පිහිටුවා මුදල් එකතු කරනවා. ලොව කොතැනක හෝ කුමන ජාතියකට හෝ වර්ගයකට අයත් වුවද, ඒ තුළ ඇත්තේ අති උතුම් වූ මිනිස් ගුණදම් නම් අගය කළ යුතුමයි.
මේ තරුණ දරුවාගේ සේවය කෙසේ කුමන වචනවලින් අගයමිද මට නොතේරේ. තමන්ගේම සොහොයුරාත් සොහොයුරියත් ඔහුට මේ අපරාධය නිසා අහිමි වුවත් කිසිවෙකුටත් ද්වේශ නොකර තම සතුරන්ට පවා සමාව දෙමින්, ලංකාවේ රෝහල්වලට මේ අවැසි දෑ සපයන්නට මේ කරන්නාවූ උත්සාහය සෑම සියලු ශ්‍රී ලාංකිකයෙකුගේම පැසසුමට ලක්වෙනවා නොඅනුමානයි. අප රටට අද අවශ්‍ය වන්නේ මෙවැනි ධර්මිෂ්ටයින් යයි මට සිතේ.
බයිලා තමයි. සේරම කොළඹට වන්නියේ ඉන්න අපිට වතුරත් නැහැ.
මහත්තයෝ මේක උතුම් ක්‍රියාවක්. ඔබට පින්. අනේ ඒ වුනත් මේ රටට " සල්ලි" නම් දෙන්න එපා. භාණ්ඩ වලින් ආධාර කරන්න. සල්ලි බිල්ලන්ගේ රාජධානිය මේ සිරි ලංකාවයි මහත්තයෝ. ඔබ වැරදිලාවත් සල්ලි දුන්නොත් මේ රටේ පාලක හොර රැල ඔක්කොම සාක්කුවේ දමාගන්නවා. මේ සත්තයි.
උතුම් ආදර්ශයක්
අපිට මොකටද සුද්දන්ගෙන් ඇදන්. ඒවයෙ මොන වගේ විස ඇතුළත් කර තිබෙනවා ද දන්නේ නෑ නේ. ඊට හොදයි බිම නිදා ගන්නවා.
තමන්ගේ අකාලයේ මියගිය සොහොයුරා සහ සොහොයුරිය වෙනුවෙන් සොහොන් කොත් බදිනවා වෙනුවට වෙනත් රටක ජනතාව වෙනුවෙන් මේ තරම් සේවයක් කරද්දී ... අපේ අයගේ අදහස් බලනකොට ලංකාවේ ඉන්න දුපත් මානසිකත්ව කාරයෝ අදුන ගන්න පුළුවන් .. සමහරු ඒ තරුණයාව බෞද්ධ කරන්න හදනවා (ආගමක් කොහෙත්ම අදාළ නැති කාරනාවකදී ) තව කෙනෙක් හිතනවා ඒ ළමයාගේ උදව්ව යන්නේ කොළඹට විතරයි කියලා ( එහෙම කියන අතරේ තමන්ගෙන් තමන්ගේ ගමට පොදුවේ මොනවා හරි හොදක් වෙලාද කියලත් හිතල බලන්නකෝ ) තව කෙනෙක් ගැට කලේ කිබුල්ලු හොයනවා ට්‍රොලි වල වස තියෙයි ලු. අඩු ගානේ කෙනෙකුගේ ක්‍රියාවක් අගය කරන්නවත් එක අදහසකට ගන්න බැරි නම් , ලංකාවේ මිනිස්සු කොහොමද රටක් හැටියට දියුණු වෙන්න ඉස්සරහට යන්න එකතු කරගන්නේ ?? මට විතරද මෙහෙම හිතෙන්නේ ???
හොඳ ගේමක් දෙන්න යන්නේ අහුවෙන්න එපා.
ඔබ උතුම් මිනිසෙක් ඔබ ලංකාවට ආධාර ලබා දුන්නටත් වඩා වටින්නෙ ඔබ ඔබේ සහෝදරයින් ඝාතනය වුනු රටට සමාව දී නැවත ඒ රටට පැමිණීම. වෙන කෙනෙක්නම් ශාපලත් රටක් කියලා අයේ පැත්තවත් නොබලනු ඇත.
දරුවෝ ඔබ කරන්නට යන වැඩය ඉතාම අගය කරමි. කරුණාකර මුදල් ලංකාවේ කිසිම කෙනෙකුට දෙන්නට එපා. සුනාමියට එකතුවුණු මුදල් වලට වෙච්ච දෙයක් නෑ. උපකරණ පමණක් අරන් දෙන්න.