
( තිළිණි ද සිල්වා )
පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකිකයකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (03) පැවසීය.
සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවද පකිස්ථාන අග්‍රමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටී.
තමන් මීට අදාළ පරීක්ෂණය අධීක්ෂණය කරමින් සිටින බවත් වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට ගෙනවිත් දැඩි දඬුවම් පමුණුවන බවත් ඔහු අවධාරණය කර තිබේ.
පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදිනම රාත්‍රිය වන විට සැකපිට පුද්ගලයන් 52 ක් අත්අඩංගුවට ගැනීමට පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්ත පොලීසිය කටයතු කර ඇතැයිද ද පකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටී.
පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයෙකු බව එම වෙබ් අඩවිය අනාවරණය කර තිබුණි.
මේ අතර මෙම සිද්ධිය ගැන එරට ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තොරතුරු සොයාබලමින් සිටින බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
සියල්කොට් නගරයේදී සිදුවූ මෙම සිද්ධිය ගැන හා ලාංකිකයා ගේ තොරතුරු පාකිස්තාන බලධාරීන් සමග ඒ්කාබද්ධව තොරතුරු සොයා බලමින් සිටන බවද අමාත්‍යාංශය කියා සිටී.
එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉෂ්ඨ කිරීම පාකිස්තාන බලධාරීන් විසින් සිදුකරනු ඇතැයි තම අපේක්ෂාව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණස්සල්ල පමණක් ලැබෙයි...
ක්‍රිකට් මැච්වලදී ඒ පැත්තට හුරේ දාලා අත්පුඩි ගහනවට වැඩක් වෙලා නැහැ වගේ... ඒ අත්පුඩි ගහන කට්ටියට මෙව්වා හොඳ පාඩම්...!
අන්තවාදීන් ඉවත් කළ යුතුයි.
අන්න ශ්‍රේෂ්ඨ නායකයින්....
ඉතාම කණගාටුයි. මේ ශ්‍රමිකයාගේ පවුලට මෙයට ඉහළ වන්දියක් ලබා ගැනීමට වගකිව යුතු අය කටයුතු කළයුතුයි. මෙවැනි රටවල ශ්‍රී ලාංකිකයන් කටයුතු කරන විට මෙම ප්‍රදේශවල සාමාන්‍ය මිනිසුන්ගේ ඇති නූගත්කම සහ කෲරත්වය පිළිබද සමාජ අවබෝධයක් රැකියාව පටන් ගැන්මට මත්තෙන් කල යුතුයි. එසේ වූවේ නම් ඔහු මෙවැනි සංවේදී සිද්ධීන් කළමනාකරණය කිරීම එම රටේ අයෙකුට දී මගහැර සිටින්නට තිබුණා...
කටින් බතල කොළ හිටවන තවත් නායකයෙක්...