(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා ආසාධිත නොවන බවට ලැබුනු වාර්තා දෙකක් මත කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණයක්ද පවත්වා භූමදානය සදහා සදහා බාරදුන් දේහයක් නිට්ටඹුව ප‍්‍රදේශයේ මල් ශාලාවක සිට නිවසට ගෙන ඒමට සූදානම් වෙද්දී ආසාධිත බවට වාර්තාවක් යළි ලබාදුන් සිද්ධියක් නිසා තමන් මහත් අපහසුතාවයට පත්වූ අතර ඒ පිලිබදව දැඩි සැකයක් පවතින බව එම පවුලේ සාමාජිකයෝ සදහන් කරති.

මෙසේ මියගොස් ඇත්තේ මීගමු පාර උදම්මිට වේයන්ගොඩ පදිංචිව සිටි අමරතුංගගේ ඉයන්තිමාලා විජේගුණවර්ධන 50 නම් මවකි.

ඇය පසුගිය 17 වැනිදා රෝහල්ගත කෙරුනු මෙම කාන්තාව ශළ්‍යකර්මයකින් පසුව දින කිහිපයකින් නිවසට එවූ බවද යලි අසනීප විම නිසා ඉකුත් 27 වැනිදා යලි ජාතික රෝහලට ඇතුුලත් කළ බවද පවුලේ සාමාජිකයො‍ේ සඳහන් කරති.

එදිනම රාති‍්‍රයේ ඇය මරණයට පත්වී ඇති අතර 29 වැනිදා කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේ පැවැති මරණ පරීක්ෂණයකින් පසු දේහය අවසන් කටයුතු සදහා බාරදී ඇත.

ඒ අනුව දේහය නිට්ටඹුව ප‍්‍රදේශයේ මල් ශාලාවකට ගෙනවිත් එම්බාම් ආදිය ඇතුළු සියලූ කටයුතු සූදානම් කර නිවසට ගෙන ඒමට නියමිතව තිබියදී  ඇය කොරෝනා ආසාධිතයකු බවට ජාතික රෝහලෙන් දන්වා ඇතැයිද මේ නිසා මල් ශාලාවේ සේවක පිරිස් පවා දැඩි අවදානමකට පත්ව ඇතැයිද පවුලේ පිරිස් සදහන් කරති.

රටේ දැඩි අවදානමක් තිබියදී කොරෝනා මරණයක් නම් මේ ආකාරයට බාර කලේ ඇයිදැයි ප‍්‍රශ්න කරන ඥාතීහු ශළ්‍ය කර්මයේ දී සිදුවු කිසියම් වරදක් වසා ගැනීමේ අරමුණකින් මේ ආකාරයට සිදුවූ බවට දැඩි සැකයක් පවතින බවද සදහන් කරති.