( විනීතා එම් ගමගේ)
රුසියානු සමුහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය ශර්ගෙයි ෂොයිගු මහතා විසින් ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා වෙත නිල සුභ පැතුම් පණිවිඩයක් එවා ඇත.
එකී සුබ පැතුම් පණිවිඩය ලැබී දින කිහිපයක් ගත වී ඇතත් ඒ පිළිබඳව කිසිදු ප‍්‍රචාරයක් දෙන්නට විදේශ කටයුතු අමාත්‍යංශය කිසිදු පියවරක් නොගත් බවට රාජ්‍ය ඒකාබද්ධතා, සංහියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී අද (3) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක දී එකී සුභ පැතුම් පණිවිඩය පෙන්වමින් චෝදනා කළේය.
රාජ්‍ය නිලධාරින් අතරින් පිරිසක් රාජ්‍ය යාන්ත‍්‍රණය ගැලපෙන පරිදි පවත්වාගෙන යාමට රජයට සහය පළ නොකරන බවට චෝදනා කළ අමාත්‍යවරයා මෙම පණිවිඩයට ප‍්‍රචාරයක් නොදීම ඊට හොඳම උදාහරණය යැයි ද පැවසීය.
මේ රජයට කිසිම රටකින් පිළිගැනීමක් නැතැයි විපක්ෂය කරන චෝදනා මෙකී සුභ පැතුමෙන් බොරු වන කී නානායක්කාර මහතා එවැනි වැරදි චිත‍්‍රයක් මවන්නට නිලධාරින්ගේ ද සහය ලැබෙන බව පෙනෙතැයි සඳහන් කළේය.
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆෝමින් මහතා විසින් මෙරට ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු වෙත ද සුභ පැතුම් එවා ඇතැයි අමාත්‍යවරයා කීය.
සහයෝගිතාවය තව දුරටත් වැඩි දියුණු කරමින් අස්සන් කෙරුණු ‘‘ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අන්තර් රාජ්‍ය ගිවිසුම’’ ආරක්ෂක කෙෂත‍්‍රයේ රුසියානු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ මාවතෙහි තවත් එක් පියවරක් බවට පත් වූ බවත් මෙම ගිවිසුම මඟින් දෙරට අතර ආරක්ෂඛ සහයෝගිතාවය වර්ධනය කිරීමේ නව අපේක්ෂාවන් විවෘත වී ඇති බවත් එම සුභ පැතම් පණිවිඩයේ සඳහන් ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
දකුණු ආසියා කළාපයේ සහ ඉන්දියානු සාගරයේ සාමය පවත්වා ගැනීම සහ ස්ථාවරත්වය වෙනුවෙන් දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා මෙම නව පත්කිරීම් දායක වනු ඇතැයි ද රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇතැයි ද නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවෙන් එවු සුබ පැතුම විදේශ කටයුතු අමාත්‍යංශය හංගලා