
(අංජුල මහික වීරරත්න)
රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම පියවර ගෙන තිබේ.
මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියක් ඇතුලත මෙම බලකාය පිහිටුවීමට තීරණය කර තිබෙි.
රසායනික පොහොර හා කෘමිනාශක වර්ග භාවිත කර ගොවිතැන් කිරීමෙන් ගොවීන් වකුගඩු හා පිළිකා රෝගවලට ගොදුරු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් සමීක්ෂණ වාර්තා මඟින් සනාථ කර ඇතත් රසායනික පොහොර භාවිතාව ගොවීන්ගේ සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර නොතිබීම නිසා හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. හරිත කෘෂිකර්මය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශවලට විශාල වගකීමක් පැවැරෙන බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
-
කන්දක් විලිලා මීයෙක් වැදුවා වාගෙයි. මොන තරම් බලකා හැදුවත් ඒවට ක්ෂෙත්‍රයේ ප්‍රවීනයො වගේම අහඹු ලෙස තෝරාගත් ගොවි මහතුන් නැති කමින් බල්ලන්ටත් ගොයම් කන්න සිද්ධ කලා. කරපු ඇති දෙයක් නැහැ. ගොවි ජනතාවට වන්දිවත් රටට කන්න ආහාරත් නොමැතිව චීන අසූචිවලට මුදල් ගෙවන මෝඩ පාලකයො ඉන්න තවත් රටක් තියේද?
රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයේ ආරම්භය ?ඒ සම්බන්දව තියන රාජ්‍ය ආයතන?නියාමන අධිකාරියන්?සැප නින්දෙන් ඉඳන්ද ඇහැරුනේ ?
එතකොට පිටරටින් ගෙනෙන හාල් වලට කාබනික පොහොර යොදලා තිබ්බට කමක් නැද්ද?නිකන් පීචන් වෙන්නේ නැතුව දැන්වත් ඔතනින් ඉල්ලා අස් වෙන්න
ඔන්න දැන් බළලා මල්ලෙන් එලියට පැන්නා.එතකොට මේ කිසිම දෙයක් ගැන නිශ්චිත අධ්‍යයනයක් නොකර තමා මේ කාබනික පොහොර වැඩසටහන පටන් අරන් තියෙන්නේ.කට වාචාල කමයි කුලප්පුවයි හින්දා කෙතරම් හොද වැඩ සටහනක් වුනත් අල වෙලා ගිහින් ගොවියගේ ඉදලා සාමන්‍ය මනුස්සයට වෙනකම් වෙලා තියෙන්නේ හූල්ලන්න.දැන් වන්දිත් ගෙවනවනේ නැවට.හරිම සනීපයි.කමිටු දදා ඉන්නවලා කෝකටත් බෙහෙත ඒක කියලා.
වත්මන් මේ පාලනය තුල බලකාය, ගැසට් පත්‍ර, කමිටු, කොමිසන් සභා ඕවා තමයි . නමුත් යහපත් ප්‍රතිපල දකින්න නම් නැහැ. අනික රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයට වඩා, මේ රටේ දේශපාලකයන්ගෙන් තමයි බොහෝ අහිතකර බලපෑම් එල්ල වෙලා තියන්නේ.
ඇයි දෙයියනේ, එතකොට රසායනික පොහොර තහනම් කළේ ඒවා නරකයි කියලා හරියටම දන්නෙත් නැතිවද? මේ වගේ උන්නැහැලාට ඡන්දෙ දුන්නු අය වැළලෙන්න ඕනෑ මේවා දකිනකොට...
එතකොට අරක්කු, සිගරට් හිතකරයිද?
රටේ කරුමෙට දේශපාලනේට ආපු මිනිස්සු තමයි මේ..!
මොන කණ්ඩායම් පත්කළත් මාධ්‍යවලට කියන්න එපා ඔවුන්ගේ නම්... එතකොට අර සමාගම් වලින් අල්ලස් දීලා ඔය හදන වාර්තාව ඔවුන්ගේ වාසියට හදනවා. මේවට කියන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියලා...
ඈ ගොබිලො එතකොට තොපි මෙිවා තහනම් කළේ හීනයක් බලලද