IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රවි ගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500 ක් පාඩු කළ යැයි චෝදනා කරමින් මහාධිකරණය හමුවේ තමාට  එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට නොතීසි දන්වා යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියම කර ඇත.

එසේම එදිනට පෙත්සම සලකා බැලීමට ද අභියාචනාධිකරණය දින නියම කර ඇත.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට මෙම නියෝගය කර ඇත.

2016 වසරේ මාර්තු 31 වැනිදා ශ්‍රී  ලංකා මහ බැංකුව සිදුකළ බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500ක පාඩු සිදු කළ බවට චෝදනා කරමින් නීතිපති ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා  රවි කරුණානායක මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , බැදුම්කර වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හා එහි සභාපතිවරයා නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කාර රවී කරුණානායක මහතා  සිය පෙත්සමින් පෙන්වා දී ඇත්තේ බැදුම්කර ජනාධිපති කොමිසම මගින් දුන් නිර්දේශ මත තමාට එරෙහිව මෙම අධි චෝදනා පත්‍රය  ගොනු කළ බවට නීතිපති පැවසුවද, එවැනි නිර්දේශයක් එම කොමිසම විසින්  සිදු කර නොමැති බවය.

එබැවින් එලෙස අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නීතිපතිට බලයක් නොමැති බවත්, මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ඇති එම අධි චෝදනා පත්‍රය බල ශූණ්‍ය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

රවි ගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site