




(ඩයනා උදයංගනී)
අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පවතින පැරණි චූඩා මාණික්‍යය ඉවත් කර පළඳවන නව චූඩා මාණික්‍යය ජනතාවට දැක වැඳපුදා ගැනීම සඳහා අද (18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි තැන්පත් කෙරුණු අතර එය අනිද්දා (20) දිනය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
රුවන්වැලි මහා සෑයේ පවතින වසර 80ක් පමණ පැරණි චූඩා මාණික්‍යය හා එහි රන් ආලේපිත පාදම මේ වන විට පලුදු වී ඇති බැවින් නව චූඩාමාණික්‍යයක් තැන්පත් කිරීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
ඒ අනුව අලුතින් නිර්මාණය කළ මෙම රන් පාදම සහිත චූඩා මාණික්‍යය තවත් එය නිපදවූ විදේශීය සමාගමේ සිට මෙරටට වැඩම කරවා තිබේ.
නව චූඩා මාණික්‍යය ඉන් අනතුරුව අනුරාධපුරයට වැඩමවීමට නියමිත අතර අනතුරුව එය මහජනතාවට වැඳ පුදාගැනීම සඳහා රුවන්වැලි සෑ භූමියේ සුවිශේෂී කුටියක් ද තැන්පත් කෙරෙනු ඇත.
පසුව එය රුවන්වැලි මහසෑයේ පැළඳවීමට සුදුසු සුභ වේලාවක් සකස් කිරීම දෙස් විදෙස් ජ්‍යොතිර්වේදීන්ට පවරා ඇතැයි දැනගන්නට තිබේ.
එමෙන්ම රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩා මාණික්‍යය සහ පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම තැන්පත් කර මහ ජනතාවගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමට නියමිතය.
දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම් පලිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පලිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ට්‍රේලියානු සමාගම විසිනි.
එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.
මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.
රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම දිනවල කෙරේ. නව චූඩා මාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ‘විශ්ව පාරමී’ පදනම මගිනි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරප දේවල් දැන් කොච්චරට පන්සලට ඇවිත් ද කියල තේරෙනවා මේක ඇහුවම.
පහන් සිතින් දැක බලාගෙන වැඳ පුදා ගන්නද? නැත්නම් ෆොටෝ ගහන්නද මේ කට්ටිය ඇවිත් තියෙන්නේ?
ලෝකය දියුණු වෙලා, තාක්ෂණය විසිවන සියවසරට පා තබනවා. අපි තවමත් දෙවිවරු වන්දනාමාන කරනවා. එහෙම කලත් කමක් නැහැ ශිෂ්ට සම්පන්න ජාතියක් නම්.
බුදු රජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට , විශේෂයෙන්ම මහියංගනයට වැඩිය අවස්ථාවේදී උන් වහන්සේට දන් පිළිවෙල කොට පුද පුජා පැවැත්වුයේ ශ්‍රී ලංකාවේ වෙසෙන ආදිවාසි ජනතාවගේ මුතුන් මිත්තෝ. එම මුතුන් මිත්තන්ට ගරු කිරීමක් වශයෙන් මෙම කොත් වහන්සේ රුවන් වැලි චෛත්‍ය රාජයාට පැළඳ විය යුත්තේ උරුවරිගේ වන්නියල ඇත්තෝ අතිනි. එතුමා තරම් බුද්දිමත්, ගුණවත් සත්‍ය කතා දමන මිනිසෙක් අපට හමුවීම අපගේ වාසනාවක්.
සමහරක්ගේ ප්‍රතිචාර දැක්කාම මට මතක් වුනේ විමලරත්න කුමාරගමයන්ගේ අයියනායක කවි පන්තියේ එන සුප්‍රසිද්ධ කවියක්. සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම කෙම්වර දවස්වල පානින් සැරසී ම වන අතු කඩා ගස් දෙබලක දැවටී ම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
ඕස්ට්‍රේලියාවේදී ඔප දමන ගලකුයි, සිංගප්පූරුවෙන් ගත් රත්තරං කිලෝ 8 යි, තවත් කොහෙන් හරි ගත්තු මැණික් ගල් ටිකයි ගෙනිහිල්ල වෙහෙර උඩ තියපුවාම, ඒක කොහොමොද අපේ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන්නෙ? දන්නෙ නැති නිසයි අහන්නේ ?
අපිට වඩා මුදල් අතින් හා නව සොයාගැනීම් අතින් දියුණු රටවල්වල ජනයාත් තවම පිළිගන්නේ ලෝකය බිහි කළේ දෙවියන් වහන්සේ කියල. කොතරම් දියුණු වුනත් තමන්ගේ ආගමට හා ජාතියට ගරහනවා අඩුයි. අපි හොදටම දන්නවා මේවා කරලා විතරක් නිවන් දකින්න බැහැ කියලා.
අපේ ශ්‍රී ලංකාවෙන් ලබාගත නොහැකි දේවල් යොදා මේ නව චූඩා මාණික්‍යය නිපදවා රුවන්වැලි මහා සෑරදුන්ට පැලඳවීම ගැන අපට එරෙහි විය නොහැක. නමුත් එම උතුම් පිංකම සිදු කිරීම සඳහා සුදුසු සුභ වේලාවක් සකස් කිරීම දෙස් විදෙස් ජ්‍යොතිර්වේදීන්ට පවරා ඇත්තේ, අපේ රටේ එවැනි අය දුර්ලභ නිසාද? අපේ රටේ දේශපාලකයන් වෙනුවෙන් වේලාව බලා පස්ස බිම ඇනගත් සමහර නැකත්කරුවන් නිසා මේ විදියට විදෙස් ජ්‍යොතිර්වේදීන්ට දත නියවීමට අපට සිදුවී තිබේ !
සියලුම වැඩිහිටියන් වන්දනා කිරීම පෙසෙක ලා, ඉතා උනන්දුවෙන් ෆොටෝ ගැනීම කරති. ඒ අතරින් සිඟිති දරුවෙක් මාණික්‍ය වන්දනා කිරීමට වෙර දරයි, උස මදි නිසාවෙන්. නමුත් එය කිසිඳු වැඩිහිටියෙකුට පසක් නොවේ.
රුවන්වැලිසෑය මිනිස්සු වදින්නේ ගර්භයේ තියන දාතුන් වහන්සේලා නිසා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු මෙතන තියන මැණිකට වදින්නේ කියලා.
ජ්‍යතිර්යවේදියෝ කියන කට්ටිය ඡන්දෙදි කියපුව දැක්කනේ. මම කලින් කීව වගේ වන්නිල ඇත්තෝ ගෙන්නලා එතුමාව පරිස්සමෙන් ගොඩ කරවලා පැලඳුවානම් ඉතාම අගෙයි.
පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්ස : ඔබ වහන්සේගෙන් ඉතාම කාරුණික ඉල්ලීමක් කරනවා. තවමත් භික්ෂුනී වරුන්ට සම තැනක් නැත. ඡන්දයවත් දැමීමට අවසර නැත. මෙම කතිකාව දැන් ආරම්භ කිරීමට කාලය ඇවිත් ඇත.
කලින් තිබූ චූඩාමාණික්‍යය පුපුරලා කියන්නේ ඇත්තද? රටට ඇති අහිතකර තත්වයයි පෙනෙන්නේ.
ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ. නැකැත් බලලා මේ වගේ දේවල් කරන්න කියල බුදුහාමුදුරුවෝ කීවද? ඒක නිසාද මෙහෙම කරන්නේ? එහෙම කියලා නැත්නම් කරන්නේ ඇයි කියලා දන්නේ නෑ.
මම කප් රුක පුජ කළා එක සැරයක්. මගේ ජීවිතේ මම වැඩියෙන්ම සන්තෝෂ උන දවස එදා. මගේ බුදුන් වහන්සේගේ දහම තරම් නිර්මල දෙයක් මේ තුන් ලෝකෙම නැහැ.
සාධූ !සාධූ ! සාධූ!