(මනෝජ් හර්ෂික)
රාවණ - 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීමට අද (17) කටයුතු කෙරෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කරන ලදී.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙස, නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සමඟ 2017 වසරේදී සහයෝගීතා පර්යේෂණ ගිවිසුමක ප්‍රතිඵලයකට අනුව චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට හැකිව තිබේ.
ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ ශිෂ්‍යයත්වයක් ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මෙනවිය වෙත හිමි වූ අතර මුදල් ගෙවන සාමාජිකයකු ලෙස ආතර් සී.ක්ලාක් ආයතනය විසින් එම ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු තරිදු දයාරත්න මහතා මේ කාර්යයට සම්බන්ධ විය.
මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය විසින් පිරිනමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුවට බෙර ගහලා අඩව් අල්ලලා ලංකාවේ එකම අජටාකාශ විශේෂඥයා කියාගත්තු කෙනෙක් කලින් එකක් යව්වානේද? ඒකට මොකද වුනේ?
නව නිර්මාණය වෙනුවෙන් සුබ පැතුම්
චන්දන ජයරත්න ඇතුළු උගතුන් සියලු දෙනාට අපගේ සුබ පැතුම්.