IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


රයන්ගේ මෝටර් රථය මිරිස්සෙන් හමුවේ

(තරංග ගුණරත්න)                     

පසුගියදා ඩුබායිහිදි මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (08) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සුරන්ජි සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිගේ ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම මෝටර්රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇත. මෙම මෝටර් රථයේ තිබී කේරල ගංජා  මිලිග්‍රෑම් 5750 ක් හමුවී ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ සිදුකරයි .



අදහස් (22)

රයන්ගේ මෝටර් රථය මිරිස්සෙන් හමුවේ

Thilanka Saturday, 09 February 2019 07:16 AM

ග්‍රෑම් 5ක් කියල දැම්මොත් මදි වගේ නිසාද..?

:       212       304

අනුරSunday, 10 February 2019 02:03 AM

සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 1000ට වැඩිප්‍රමාණ ග්‍රෑම්වලින් තමයි ප්‍රකාශ කරන සම්මත ක්‍රමය...

:       1       5

ravi Saturday, 09 February 2019 07:27 AM

"පොලිස් සුනකයින්ගේ " රාජකාරී වලින් පසු හුඟක් දේවල් හොයාගන්න ලැබෙයි...

:       128       96

සනත් Saturday, 09 February 2019 07:41 AM

මේ මෝටර් රථයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 25 යි.

:       59       43

පෙරේරාSaturday, 09 February 2019 10:37 AM

ටොයෝටා ලඩිය ඔච්චර ගණන්ද?

:       102       83

Lankaputha Saturday, 09 February 2019 07:54 AM

හාල් මැස්සෝ ගොඩක් ලාබයි වගේ.. තෝරු අල්ලන්න බැහැ වගේ...

:       90       123

Ranji Saturday, 09 February 2019 08:39 AM

කාර් එක කීයටද දෙන්නේ?

:       1       29

සනත්Sunday, 10 February 2019 09:35 AM

ඇයි වැරදි වෙඩිල්ලකට මුහුණ දෙන්න ආසද?

:       0       37

මංජුල බිරැට් Saturday, 09 February 2019 08:56 AM

මේ නම මොකක්ද කියලා මම කල්පනා කරන්නේ...?

:       17       4

Mahee Saturday, 09 February 2019 09:02 AM

අපි මධුෂ් බයිට් එකට ගත්තට, මේ සෙල්ලමෙන් අමාරුවේ වැටෙන කට්ටියක් දෙකක් ඉන්නවා. තමන් කරන අපරාධ මෙච්චර කල මධුෂ් පිටින් යවපු පාතලයෝයි, අල්ලගන්න බැරි අපරාධ ගැලවිල්ල සඳහා මධුෂ් පිටින් යවපු කට්ටියයි.

:       0       99

බද්රානි Saturday, 09 February 2019 11:01 AM

ඇත්තටම වර්තමානයේ ලංකාවේ කලාකාරයින් කියලා කොටසක් ඉන්නවද? අපි දන්නා විදිහට නම්, බහුතරයක්, දේශපාලන හෙන්චයියෝ, කුඩුකාරයෝ, තක්කඩි, දණහිසෙන් පහළට දැනෙන ලෙස කිසියම් නාඩගමක් නටන්න දඟලන පිරිසක්. (විශිෂ්ඨ නිර්මාණ බිහිකළ සමාජයට වැදගත් යමක් දායාද කළ වැදගත් කලාකරුවන්ට මෙය අදාළ නොවේ)

:       2       286

jagath Saturday, 09 February 2019 11:04 AM

ඔය ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ 25 දෙනාම මාකඳුරේ මදුෂ්කගේ ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ මේ අය සියල්ල දන්නා සියල්ලටම සම්බන්ධ අය.. දැන් රඟපාන්නේ ඒ අයත්, එයාලගේ පවුල්වල අයත් මේගොල්ලෝ මුළු මාසේම සිල්ගන්න පන්සල්වල ජීවත්වෙන අය වගේ..

:       0       36

iron Saturday, 09 February 2019 11:05 AM

මේක වෙන්න ඇති කුඩු අදින වාහනේ..

:       8       25

මිහිරිපැන්න Saturday, 09 February 2019 11:06 AM

අලුත්ම ටොයෝටා එකක්... මෙච්චර සල්ලි කොහෙන්ද? කුඩු, ගංජා?

:       54       13

dias Saturday, 09 February 2019 11:16 AM

බලාගෙන ගියාම මේ ඔක්කොම කුඩු පප්පලානේ...

:       2       55

සෙනෙවි Saturday, 09 February 2019 12:51 PM

ඉතිං එයාට වාහනයක් තියෙන්න බැරිද

:       9       18

bandaSaturday, 09 February 2019 05:32 PM

වාහනයක් තියෙන්න පුළුවන්, වාහනේ පාවිච්චි කලේ මොකටද කියලා අහගන්න

:       0       16

janatha anura UAE Saturday, 09 February 2019 12:51 PM

මොවුන් කුඩුකාරයන් කලේ කවුද? ඔබගේ පවුලේ අයත් නොදැනීම එහෙම වෙන්න පුළුවන් දකුණු ආසියාවේ බෙදාහරින මධ්‍යස්ථානය ලංකාව වෙලා මේවායේ නිර්මාතෘ වරු රටේ දේසපාලන බලය නැවත ලබාගෙන තිබෙනවා

:       28       6

janatha anura Saturday, 09 February 2019 12:57 PM

ග්‍රෑම් පහක් ගෙනියන්න ටොයෝටා කාර් ඕනෑ නැහැ. පශ්චාත් භාගයේ සඟවාගෙන යන්නේ...

:       1       35

kamaniSaturday, 09 February 2019 05:09 PM

ඊයා ...මගේ බඩ දඟලනවා...

:       6       4

Chaminda Saturday, 09 February 2019 01:59 PM

25කට දෙනවා නම් ගන්නවා.

:       85       2

parakkrama Saturday, 09 February 2019 03:51 PM

වාහනයේ අංකය අපැහැදිලි නිසා හොඳයි. නැතිනම් පහළොවකටවත් ඉල්ලන එකක් නැහැ .

:       11       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 1002 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 584 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2472 5

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2431 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 254 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2814 4

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site