(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 24 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 4.5%කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඊට අමතරව එම කාලයේදී යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව රුපියල 12.3%කින් ද ජපාන යෙන්වලට සාපේක්ෂව 9.0%කින් ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 7.5කින් ද අවප්‍රමාණය වී තිබේ. ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.1%කින් අවප්‍රමාණය වී තිබේ.
රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
පසුගිය දින කිහිපයේදී විනිමය අනුපාතිකය අනවශ්‍ය ලෙස උස් පහත් වී ඇතැයි ද එම නිසා වෙනත් ක්‍රියාමාර්ග ගන්නා අතරම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ උච්ඡාවචන පාලනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද මහ බැංකුව සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඉකුත් දා (24) රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි.
COMMENTS
Reply To:
-
සීනි කිලෝ එකක් ගන්න ෂොපින් බෑග් එකක සල්ලි ගෙනියන්න වෙන දවස වැඩි ඈතක නැහැ. සිම්බාබ්වේ රට මතක් වෙනවා. ඔහොම වෙලා මදි උඹලට. අනුන්ව මරාගෙන හෝ මුදල් රැස් කරන උඹලට යන්න වෙනම අපායක් හදන්න ඕනා. මිනී පෙට්ටියට සල්ලි පටවලා මිනිය ගෙයි ඇතුලෙම භූමදානය කරන්න දැන් කාලය හරි!! කොරෝනාවෙනුත් ගසාකන ජාතියක් මේ මිහිපිට නම් නැහැ!!
2021 දී ලංකාව බංකොළොත් රාජ්‍යයක් වෙවි යයි ලොක්කාගේ මතය එයට පවතින රජය වගකියන්න ඔනෑද? නැද්ද?
පවතින බයියන්ගේ රජය වගකියන්න ඕනා. ඒක ස්ථිරයි. තමන්ට පුළුවන් කියලා බයියන්ට මැජික් පෙන්වලා චන්දෙ අරගෙන හදපු ආණ්ඩුවක් මේ. රටට කෙලවුනොත් ඔය පාලකයෝ එකෙකුටවත් පණපිටින් යන්න බැරි වේවි. බඩගින්නට පාරට බැහැපු මිනිස්සු නිකම් ඉන්නේ නැහැ.
2021 ඩොලරය රුපියල් 300ය පසුකරාවි දෝ මන්දා...?
පසුගිය කාලේ විපක්ෂයේ හිටපු ධන රින තුමා දැන් ඇමති කෙනෙක් වෙලා කියන්නේ. ඒ අය කරනකොට වැරදියි... අපි කරනකොට හරියි කියලද?
රුපියලට බුදු සරණයි... ආණ්ඩුවට ජෙසු පිහිටයි... ජනතාවට දෙවි පිහිටයි.
මොනවා වුණත් අපි පළාත් සභා ඡන්දය දිනනවා.
රුපියල නොවෙයි ... රටම අනාථයි.., ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටුවෙ කට්ටිය ගොඩ...
මහා බැංකුවේ සේවය කරන්නේ මෝඩයින් නොවේ. ඒ අය ආර්ථිකය හැසිරවීම ගැන බොහෝදේ දන්නා උගතුන් පිරිසක්. නමුත් රුපියලේ වැටීම හෝ නැගීම තීරණය කරන්න ඒ අයට තනිවම කරන්න බැරි වැඩක්. විශේෂයෙන්ම ලංකාව වැනි නුගත් දුෂිත මෝඩ රැලක් රට පාලනය කරන රටක. දේශපාලුවන් ගන්නා තීරණ මත රුපියලේ ඉරණම රඳා පවතිනවා. ඒවා හරිවුනත් වැරදිවුනත් මහා බැංකුවේ නිලධාරීන්ට ඊට උඩින් යන්න අවසරයක් නැහැ. ගිය සුමානේ යුරෝ එක රුපියල් 230 යි. අද 232 යි. මට හිතෙන විදිහට 2021 දෙවැනි සුමානේ වෙනකොට යුරෝ එක රුපියල් 235 වෙයි. කෙසේවෙතත් මේ අගය 250 වගේ තත්වයකට පැමිණියහොත් රටතුල මහා කලබගැනියක් වෙනවා. පාලකයින්ට රට පලනය කරගන්න බැරිවෙනවා. රින 16 ආර්ථික වර්ධන වේගයක් තිබෙන මොහොතක එයට බොරු අගයක් ලබාදිම නිසා මහා ආර්ථික ප්‍රශ්නයක් ඉතාම මෑතකදී සිදුවෙන්න පුළුවන්... සංචිතවලින් නය ගෙවන ලෝකයේ එකම රට මේ ධර්මදිවිපයයි. හෙවත් නාගලන්තයයි. 69 ලක්ෂයක් මෝඩයින් විශ්වසකරපු නාග ලෝකයේ නාග රාජා ආයෙත් කැළණියෙන් මේ ලෝකෙට ඇවිත් එයාගේ අරමුදලෙන් අපේ රටේ නය හෙවත් දේශපාලුවන් විසින් හොරාකාපු මහජන මුදල් විදේශයන්ට ගෙවුවොත් හැර අපිට කිසිම පිළිසරණක් නැත. නැව ගිලෙනවාමයි...!!!
ඔය මොන බයිලා ගැහුවත් ආචාර්ය බන්දුල ඇමතිතුමා කියන විදිහට රුපියලට සත 100ට වැඩිය අඩුවෙලා නැහැනේ...!
අනේ නිකන් හිටපල්ලා. ඔබලා දන්නවද තට්ටු මාරු ක්‍රමයට වැඩ කරන කුඹුරු ගැන. ඒවාට කවුරුවත් පොහොර ගහන්නේ නැහැ. කැඩුණු නියරවල් බඳින්නේ නැහැ. මොකද ඊළඟ කන්නේ වැඩ කරන්නේ වෙන කෙනෙක් නිසා.
රුපියලට මොනවා වුණත්මෙ රජයට කරන්න පුළුවන් දෙයක් නැහැ. මොවුන් බලයට ආවෙ ජනතාවගේ බදුමුදල්වලින් සුඛෝපභෝගී ජීවිත ගතකරන්න.
වඳවෙන ජාතියක්ලු සිංහල... වඳවෙන මුදලලු රුපියල...