IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුපියල් කෝටියක් අවභාවිතා කළැයි කී නඩුව ජුලි 6 දා

(මනෝප්‍රිය ගුණසේකර)

මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිත කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් 6දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි 06 වැනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (19) නියම කළේය.

පුත්‍රයාගේ රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා අධිකරණයේ අවසර මත විදේශ ගතවු, නඩුවේ 06 වැනි විත්තිකාර ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන ලක්මිණ මුනිදාස මහතාට කොරෝනා වයිරස තත්වය හේතූවෙන් යළි ලංකාවට පැමිණීමට නොහැකිව සිටින බව පවසමින් නීතීඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.


2014 නොවැම්බර් 20 වැනිදාත් 2015 ජනවාරී 07 වැනිදාත් අතර කාලය තුළ කොළඹ හා මීගමුවේදී ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාව බාරයේ තිබු රජයට අයත් රුපියල් 112,78,000ක මුදලක් වංක ලෙස සිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කුමන්ත්‍රණය කළ බව සියලුම විත්තිකරුවන්ට  එරෙහිව  නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
 
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.
 
බරපතල වංචා සහ දුෂණ විමර්ශන කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.
 
බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද මුල්ම නඩුව වන්නේ මෙයයි.
 
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 06 වැනි විත්තිකාර ලක්මිණ මුනිදාස මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩු විභාගය කල් තැබු විනිසුරුවරයා නඩුව ලබන ජුලි 06 වැනිදා යළි කැඳවීමට වැඩිදුරටත් නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන පෙරේරා මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ අසිත විපුලනායක, නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.



අදහස් (4)

රුපියල් කෝටියක් අවභාවිතා කළැයි කී නඩුව ජුලි 6 දා

sachith Friday, 19 February 2021 11:35 AM

රුපියල් 2500ක් විතර දඩයක් ගහලා එළියට දානවා....

:       2       8

chandana Friday, 19 February 2021 05:29 PM

නිදොස් කොට නිදහස් .. එහෙම නොවුණොත් මේක පොහොට්ටු අණ්ඩුව නොවේ.

:       2       7

සිසිල් සුදේශ් Saturday, 20 February 2021 07:50 AM

අපරාදෙ, අර මොකක්ද කොමිසමට දැම්මා නම් නිදහස් විතරක් නෙවෙයි, විභාග කරපු පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගන්නවානේ...

:       1       4

Rata Perata Saturday, 20 February 2021 09:06 AM

ඕක කාටවත් දැනගන්න තියන්න එපා.. මිනිහා නඩුව අයින් කරගෙන සියලු දෙනා නිදොස් කොට නිදහස් කරයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site