(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් හා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපලෙන් පිට කිරිමට ගෙන යමින් සිටි ගුවන්තොටුපළ සේවකයකු අද (22) අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.
රේගුව බාරයට ගත් රන් බිස්කට්වල වටිනාකම රුපියල් කෝටි 4ක් සහ ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් වේ.
සැකකරු මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් ගෙනයාම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් වූ අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
තරුණයා තම දෙකකුල්වල බත් කෙණ්ඩ ප්‍රදේශවල පාර්සල් 5 ක් ලෙස සකස් කර සුදු පැහැති ගම් ටේප් යොදා අලවා ගෙන තිබිණි.
එහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 40 ක් සහ කිලෝ ග්‍රෑම් 1 යි , ග්‍රෑම් 400 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළපුරුදු හොරෙක්නම් ඇයි තව තවත් ගුවන් තොටුපල වැනි සංවේදී ස්ථානවල තියාගන්නේ? දේශපාලුවෙකුගේ අත කොළුවක්වත්ද? වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථාන මාරුවක් හා තදින්ම නිතිය ක්‍රියාත්මක කරන්න.
මේ සේවකයා මීට පෙර අවස්ථා දෙකකදීද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් පිට කිරීම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් කෙනෙක් නම් අැයි සේවයෙන් ඉවත් නොකොට තියා ගෙන ඉන්නේ? දෙවතාවක් අත්අඩංගුවට ගත්තේ නම් කී වතාවක් අසු නොවී පිට කරලා ඇත්ද ?
ඕකේ ඉන්න ගොඩක් අය ඔහොම තමයි. ඔය පොඩි අය එක්කෙනෙක් දෙන්නෙක් අල්ලලා සංදර්ශන දාන්නේ. කෝ දැන් ඔය අල්ලන බඩු?
ඔතන ඉන්න ඔක්කොම හොරු...
ලංකාවේ රේගුව කියන්නේ හොර කපිතාන්ලා ඉන්න තැනක්. ලංකාවේ රජයේ සේවය හොර ගුහාවක්. අපි දේශපාලකයන්ට විතරක් හොරු කියලා වැඩක් නැහැ.
ඔතන හොර ගුහාවක්! බැංකුව කොල්ල කාපු එවුන්ගේ ගෝල බාලයෝ තමයි මේ. කාට කියන්නද මේ දුක, ඔබ හැර, කෙහෙල් කොලේ බත් කන ජනපති!