IMG-LOGO

රනිල් අභයාරාමයට ගොස් ආශිර්වාද ගනී

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු  අද (23) පස්වරුවේ  නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්  බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

එහිදීකොල්ලුපිටිය වාලුකාරාමය ප්‍රමුඛ පංච මහා විහාරාධිපති කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ  සභාවේ රත්මලාන පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව බුද්ධ පූජා පිංකමකට ද සහභාගී විය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (17)

රනිල් අභයාරාමයට ගොස් ආශිර්වාද ගනී

Nimal Fernando Wednesday, 23 June 2021 06:19 PM

මෙයා අාපහු පාර්ලිමේන්තුවට අවා. ඕකට ගෙවන පින් පඩියෙන් පවුල් කීයක් නඩත්තු කරන්න පුලුවන්ද? මෙයා මොන ඉටි ගෙඩියක් කරන්නද? 1977 මම ඉපදෙන්නත් කලින් ඉඳලා මෙයා පාර්ලිමේන්තුවේ... මොනවද කරලා තියෙන්නේ? 2-3 වතාවක් රටේ අගමැති... අනේ අම්මපා...!!!

:       1820       2555

gaminiWednesday, 23 June 2021 10:20 PM

නිමල් ඔයාගේ නියම වයසද ඔය කියලා තියෙන්නේ? ඔයාගේ වයස 77යි නේද?

:       136       552

Bnd Wednesday, 23 June 2021 06:50 PM

පක්ෂය ගොඩනගාගෙන එන අවස්ථාවේ තවත් දෙපිටකාට්ටුවන්නට ඉඩදෙන්න එපා. නුවරඑළිය පැත්තේ කෙනෙක් තවමත් මේක විනාශ කරන්න හදන බවයි පේන්නේ.

:       577       447

saliWednesday, 23 June 2021 08:17 PM

ඔයා ළඟටම වෙලා ඉන්නේ ගාල්ලේ පැත්තේ හාදයා... හරිම විශ්වාසවන්ත අවංක මනුස්සයෙක්...

:       376       617

Sagala Wednesday, 23 June 2021 07:21 PM

ශ්‍රී ලංකා ඉතිහාසයේ තනි පක්ෂයකට හිමි විශාලම ඡන්ද හිමි එක්සත් ජාතික පක්ෂය බිමට සමතලා කරපු මේ අයට බලය නැතුව නින්ද යන්නේ නෑ. මෙයා පක්ෂයත් කාලා රටත් කාපු කෙනෙක්. මේ පාර පැරදිලත් කිසිම ලැජ්ජාවක් නැතුව ඔය රින්ගලා තියෙන්නේ රාජපක්ෂලාව රකින්න. මෙයා හිතන් ඉන්නේ මෙයා තරම් කෙරුමෙක් නෑ කියලාලු...

:       2437       2378

SankaThursday, 24 June 2021 08:16 AM

රනිල් එක්ක ඉන්න නඩය තමයි එජාපය සජිත්ට නොදෙන්න රනිල් එක්ක කුමන්ත්‍රණ කරලා එජාපය අන්ත පරාජය කලේ. සජිත් ජනාදිපතිවරණයෙන් චන්ද ලක්ෂ 6700000 ගන්නකොට රනිල් ඡන්ද 246000 ගත්තේ.රනිල්ට එක ආසනයක් දිනා ගන්න බැරිවුණා මුළු රටෙන්ම. සජිත් ජනාධිපතිවරණය එජාපයෙන් ඉල්ලුවා නම් අද තියෙන්නේ එජාප රජයක්. එජාපය කාලා විනාශ කරලා දැම්මා මේ රනිල් ඇතුළු හොර කල්ලිය. දැන්වත් එජාපය සජිත්ට දුන්නා නම් ඓතිහාසික ජයක් ඉදිරි ඡන්දයකදී ලබන්න පුළුවන්. එ්ත් මේ මෝඩ රැල එජාපය දක්කන් යන්නේ කනත්තට. කොයිතරම් ඛේදවාචකයක්ද?

:       70       0

chandima Wednesday, 23 June 2021 07:43 PM

මොන ආරාමයෙක් ආශීර්වාද ගත්තත් වැඩක් නැහැ.. මහජනතාවගේ ආශිර්වාදය නැතිව...

:       1112       1570

රට වැසියා Wednesday, 23 June 2021 07:49 PM

රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත දේශපාලනයට එන්නේ නම් පන්සල සහ පාර්ලිමේන්තුවේ වෙනස හොඳින් හඳුනාගත යුතු අතර ඒ දෙක වෙන්කර තැබීම අනිවාර්ය වේ. රට විනාශ කිරීමට පන්සල මෙන්ම පල්ලිය ද දායක වූ බව බහුතර රට වැසියා තේරුම් ගනීමින් සිටිති.

:       704       1021

Sri Lanka Wednesday, 23 June 2021 07:52 PM

දැන්නම් මොන ආරාමයට ගියත් වැඩක් නෑ වගෙයි. යන්නත් වයසක් නැති නිසා...

:       626       747

wmal Wednesday, 23 June 2021 08:11 PM

ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේත් මේ වගේ දේශපාලකයෙක් නැතිව ඇති.

:       53       412

Ravi Wednesday, 23 June 2021 08:52 PM

මෙයත් පටන් ගත්තා අභයාරාමයට යන්න. රාජපක්ෂලාගේ කෙනෙක්නේ..

:       712       1482

Nihal Wednesday, 23 June 2021 09:29 PM

අපේ අගමැතිතුමා පරදින්න දක්ෂයි. මේ පාර නම් ජනාධිපති වෙනවා. තවම ඒ තරම් වයසකුත් නැහැනේ.

:       709       925

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 June 2021 07:21 AM

පොහොට්ටුවෙන් හා එහි දේශපාලනඥයන්ගෙන් කිසියම් අවැඩක්, හානියක් රටට ජනතාවට සිදුවුණා නම්, එයට මේ අයද වගකිව යුතුයි. එදා වඳ කොත්තු, වඳ පෙති ඇතුළු බොරු ආගමික උසිගැන්වීම්, මහා ඉහළින් බොරු ජාත්‍යාලය මතුකර රට නොමඟ යවා මේ අද පවතින මට්ටමට රට ගෙනඒමට ඒ අය බොහෝ වෙහෙසුණා. එවැනි තැන්වලින් බලාපොරොත්තු වෙන්නා වූ ආශීර්වාදය ලැබේදැයි සිහි නුවණින් සිතාබැලීම වටී...

:       0       22

Gamini Thursday, 24 June 2021 08:17 AM

විද්‍යාගාරයේ ඇට සැකිලිත් ලබන පාර ඡන්දෙට යන්න ඕනෑ කියනවා.

:       102       74

Bamunuarachchi Thursday, 24 June 2021 09:06 AM

පන්සලට දේවදත්තයා ආවත් පිරිත් ටිකක් කියකිය පිරිත් නූලක්ගැට ගහනවා.

:       10       7

p.d goonawardena Thursday, 24 June 2021 09:18 AM

මේ අයව පංචසීලයේ පිහිටුවන අයත් තව අපේ ශාසනයේ ඉන්නවනේ..!!! 

:       203       147

kamal Thursday, 24 June 2021 11:45 AM

ඊළඟ ඡන්දෙ බලාගත්තැහැකි ජනතාවගේ ආශීර්වාදය කොහොමද කියලා..

:       61       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 190 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 696 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1096 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site