IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


රන්ජන් මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයට මුහුණ දෙයි

(ඩයනා උදයංගනී)
            
කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සිටීද යන්න සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුව හමුවට ගොස් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (22) විශේෂ ප‍්‍රකාශයක් ලබා දී ඇත.


එම ප‍්‍රකාශය ලබාදීමෙන් අනතුරුව තමන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න ගැන තහවුරු කරගැනීමේ රුධිර පරීක්‍ෂාවක් කරගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලට ගිය රන්ජන් රාමනායක මහතා ඒ සඳහා රුධිර සහ මුත‍්‍රා සාම්පලයක් ද ලබාදුන්නේය.

මෙම පරීක්‍ෂණය මගින් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය 11 ක් ගත වූ මාස තුනක් තුළ භාවිතා කර ඇත්ද  යන්න තහවුරු කරගත හැකි බව රන්ජන් රාමනායක මහතා කීවේය.

කොකේන් භාවිතා කරන මැති ඇමැතිවරු සිටින බවට රන්ජන් රාමනායක මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (20) දිනයේදී මෙම කමිටුව පත් කළේය.

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වන අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, නීතීඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

එම කමිටුව විසින් සකස් කරන වාර්තාව අනිද්දා (25) දිනයේදී අගමැතිවරයාට බාරදීමට නියමිතය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (21)

රන්ජන් මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයට මුහුණ දෙයි

de silva Friday, 22 February 2019 09:37 AM

ස්තුතියි රන්ජන්, ඔන්න ඔය විදිහට හැමෝම ගිහින් ඔය පරීක්ෂණයට මුහුණ දෙන්න.

:       6       379

abaranFriday, 22 February 2019 01:07 PM

මට හරිම කණගාටුයි පිටරටවල පදිංචි උගත්තුන්ගේ හැසිරීම සහ හිතන පතන විදිය ගැන. ජීවිත කාලය පුරාවට කුඩු ගහපු කෙනෙක් පැය ගණනක් තුල මත්ද්‍රව්‍ය නොගෙන සිටී නම් එය ලේ වලින් හොයන්ට බැහැ. මත් ද්‍රව්‍ය ගෙන යම් කිසි කාල සීමාවක් තුල පමණයි එය ඔප්පු කල හැක්කේ. රුධිර පරීක්ෂාවට පෙර නියමිත පැය ගණනකට කලින් මත් ද්‍රව්‍ය භාවිතා කර තිබේ නම් ඒ පුද්ගලයා එයට අසුවන්නේ නැත. මෙයාකාරයට කිසිකෙනෙක් මත් ද්‍රව්‍ය භාවිතා කල බවට ඔප්පු කළ නොහැක. මේක මෝඩ ජනතාව රවටනා සංදර්ශනයක් පමණි.

:       468       30

nishaFriday, 22 February 2019 03:27 PM

මාස තුනක්, පැය ගණනක් නොව

:       0       29

sarath perth Friday, 22 February 2019 10:01 AM

ක්‍රියාවෙන් ආදර්ශයක් දුන්නාට ස්තුතියි. දැන් අනිකුත් අයගේ වාරයයි. අන්තිමට කුඩුකාරයෝ ඉතිරිවෙයි

:       3       206

RUWAN Friday, 22 February 2019 10:05 AM

මිත්‍ර රන්ජන් මහත්මයණනි. හැබැවට ඔබතුමා සෘජු අවංක චරිතයකි. මතට විරුද්දව කටයුතු කිරීම සදා අමරණීයිවේ. මේ මොහොතේ ලංකාවේ සිටිය යුතු වන්නේ ඔබතුමා වැනි චරිත වේ.

:       4       407

smn Friday, 22 February 2019 10:44 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන මාහැඟි ඔවදන මේ ආකාරයට පාර්ලිමේන්තුවෙන්ම සනාථ වෙනවා නම් මොන තරම් වටිනවද…?

:       0       136

Mahee Friday, 22 February 2019 10:45 AM

රන්ජන්, ඔබට බැරිද නාගානන්ද සමග එකතු වෙන්න? ඔබ වැනි අවංක, එඩිතර පුද්ගලයෙකු ගැලපෙන්නේ නාගානන්ද වැනි කෙලින් මිනිහෙකුටයි...

:       37       640

Amila Friday, 22 February 2019 10:55 AM

ඉතුරු වෙන අය කුඩ්ඩෝ සහ කොකේන්කාරයින් කියලා තීරණය කරන්න මේ වගේ දෙයකින් පහසු වේවි.. !!!

:       0       196

senaka Friday, 22 February 2019 10:56 AM

මා සිතන්නේ අනිකුත් මන්ත්‍රීවරුන් මේ පරීක්ෂණයට ඉදිරි සති දෙකට කලින් නොගියොත්, ඔවුන් මත්කුඩු භාවිතා කරන බවට මහජනයා තුළ සාධාරණ සැකයක් තිබෙන බවයි...

:       0       181

Chathura Pradeep Friday, 22 February 2019 10:57 AM

ඔබ කළා සේම අනික් අයද මේ ලෙස කටයුතු කරාවිද?

:       9       99

කපිල Friday, 22 February 2019 11:01 AM

එල නළුවා... කැමරා අරගෙන යන්නේ...

:       340       5

Cisco Friday, 22 February 2019 11:02 AM

ඔච්චරටම තටමන්නේ ඔය නම් ලිස්ට් එක මහජනතාවට දුන්නා නම් ඉවරනේ... මේ නිකම් රඟපෑම්!!!

:       433       8

shans saudi Friday, 22 February 2019 11:11 AM

මිත්‍ර රන්ජන් මහත්මයාණෙනි. හැබෑවට ඔබතුමා සෘජු අවංක චරිතයකි. මතට විරුද්ධව කටයුතු කිරීම සදා අමරණීය වේ. මේ මොහොතේ ලංකාවේ සිටිය යුතු වන්නේ ඔබතුමා වැනි චරිත වේ. කරුණාකර ඔබගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. ඔබ යන ඔය ගමන වන සතුන්ටත් වඩා නින්දිත මුර්ගයින් වසන තැනක් බව ඇත්ත හෙළි කරලීමට ගිය බොහෝ මාධ්‍යවේදීන් බොහෝමයක් අද ජීවතුන් අතර හෝ ලංකාව තුළ වසන්නේ නැත. ඔබ ඔවුන්ගේ ඉලක්කයක් වීමට ඉඩ නොතබන්න. ඔබතුමාට දළදා සමිදු සරණයි... ඔබට ජය

:       1       329

SUMUDU Friday, 22 February 2019 11:12 AM

ජවිපයේ අයත් කොකේන් ගහන ලිස්ට් එකේ ඉන්නවද?

:       7       10

hesaFriday, 22 February 2019 07:54 PM

අපෝ නැහැ. ඒ අය බෝ පැල...

:       0       0

gayan Friday, 22 February 2019 11:17 AM

හැබැයි රන්ජන් මහත්තයෝ, වෙන වෙන ක්‍රියාත් පරික්ෂා කරන්න ආවොත් ඒවටත් ඔය විදියටම මුලින්ම ගිහින් මුහුණ දෙන්න ඕනේ... නැත්තන් රට්ටු හිනාවෙයි.

:       143       3

ranga Friday, 22 February 2019 11:45 AM

මාස 3-4ක් ගියාට පස්සේ අපේ අය ගිහින් ඔය පරීක්ෂණය කරලා මම කොකේන් ගත්තේ නැහැ කියයි..

:       0       332

susantha Friday, 22 February 2019 12:20 PM

ඔය වගේම පක්ෂ කමිටුවකින් නේද? බැඳුම්කරේ කිසිම හොරකමක් වෙලා නෑ කිව්වේ... අනේ ඔය ගොන් ජෝක් හොඳයි, අර දෙකයි පනහේ සිංහල කොමඩි බලලා විසිල් බල්ටි ගහන ජනතාවට...

:       352       244

de silva berlin Friday, 22 February 2019 08:30 PM

ලොකු මහත්මයා මේ ප්‍රශ්නෙදි නිහඬ මොකද? ඔබතුමා කුඩු කාරයන් එල්ලනවා. පිලිපිනේ, සිංගප්පුරු ක්‍රමයට මර්ධනය කරනවය කියල ලෝකේ පුරාම ගිහින් කියකිය ලෝකේ පෙරලන්න හැදුවා. පස්සේ එල්ලන්න ඉන්න මිනිසුන්ගේ ලිපිගොනු හොයහොයා රට වටේම ගියා, යුරෝපේ මිනිස්සු කුලප්පු වෙලා අපිට දෙන බදු සහනත් කපාහරින්න ලැහැස්ති වුණා. දැන් රන්ජන් පාර්ලිමේන්තුව කුඩුකාරයන්ගෙන් තොර තැනක් කරන්න හදනකොට කිසිම සපෝර්ට් එකක් දෙන්නේ නැහැ. තවම විස්තරේ පත්තරෙන් දැක්කේ නැතිද?

:       0       0

ranjith Saturday, 23 February 2019 02:07 AM

අපි බලමු තමන් මත්කුඩු ගන්නේ නැතිබව ඔප්පු කරන්න කීප දෙනෙක් ඉදිරිපත් වෙයිද කියලා ස්ව කැමැත්තෙන් මෙහෙම ඔප්පු නොකරන්නේ මත්කුඩු කාරයින් තමයි.

:       0       20

Rata Perata Saturday, 23 February 2019 08:47 AM

ඉතා හොඳ දෙයක්... අපේ රටේ සමහර කාලකන්නි මේකත් විවේචනය කරයි. එ්ත් ඉදිරියටම යන්න, බුද්ධිමත් මිනිස්සු ඔබ එක්ක ඉඳීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 941 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න
2025 පෙබරවාරි මස 07 568 0

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.


ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි
2025 පෙබරවාරි මස 07 2806 7

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.


වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්
2025 පෙබරවාරි මස 07 145 0

වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්


දුම්රිය දමා පළාගිය රියදුරුගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 07 4220 0

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි


මණ්ඩලයේ ජලය ගැන බියක් වෙන්න එපා
2025 පෙබරවාරි මස 07 578 1

සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 24 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 107 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 834 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site