( +++ සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා බුදුන්වහන්සේට, යශෝධරා දේවියට, සුද්ධෝධන රජතුමාට හා මරිය මව්තුමියට අපහාස වන අන්දමින් කැළැයි කියන ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (13) සංසරණය වෙමින් තිබිණ.
මේ අපහාසාත්මක ප්‍රකාශ සඳහන් වන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා තරුණ රංගන ශිල්පිනියක අතර සිදුවන දුරකථන සංවාදයක් ඇතුළත් හඬ පටයකය.
මෙයට අමතරව ගොංගාලේගොඩ බණ්ඩා විරුවාටත් මේ රටේ ප්‍රසිද්ධ දේශපාලන පවුල් කිහිපයක ඇතැම් සාමාජිකයන්ටත් අපහාසවන ආකාරයේ ප්‍රකාශ ද මේ හඬ පටයට ඇතුළත්වී ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ වනවිට රන්ජන් රාමනායක මහතාට සම්බන්ධ හඬපට 28ක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර මේ හඬපටවලට ඇතුළත්වී ඇති බොහෝ සංවාද මේ රටේ විවිධ ක්ෂේත්‍රවල විශාල ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවී ඇත.
ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම 28 යි නම්, මේ යන වේගෙට එක් ලක්ෂ විසි දාහක් අහන්න අවුරුදු දෙතුන් සීයක් කල් යයි නේද? මේ වැඩේටම වෙනම රුපවාහිනී නාලිකාවක් ආරම්භ කළා නම් හොඳ නැද්ද? දැනට තියෙන නාලිකා නම් දන්නා තරම් වෙර දරනවා පුළුවන් තරම් ප්‍රචාරයක් දෙන්න. වැඩේ තියෙන්නේ ඒ නාලිකාවල හඬ පටවලට වඩා ප්‍රචාරය දෙන්නේ එක එක දේශාපාලන විශාරදයින් සහ සමාජ ශෝධක උගතුන්ගේ විග්‍රහවලට, ඒ විශාරදයෝ කල් ඇතුව නිශ්චය කරගෙන ඇති මේ හඬපටවල තමන්ගේ නම නැති බවට.
ඔය කියන දුරකථන සංවාදය පෞද්ගලික සංවාදයක්. මට නම් ඔකේ ගත යුත්තක් නෑ. ඔහොම ගියොත් තමන්ට තමන්ගේ මතයක් හිතන්නවත් බැරි වෙයි . ගැලිලියෝ ගැලිලි එකල ආගමේ සඳහන් දෙයකට විරුද්ද මතයක් ඉදිරිපත් කරලා ඔහුට ආගමික නායකයෝ දඬුවම් කලා. දැන් බහුතරය පිළිගන්නේ ගැලිලියෝ ගේ මතය මිසක් ආගමික මතය නෙමෙයි. දැන් රන්ජන් කියපුව වැරදි වෙන්න පුළුවන් හැබැයි එක ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න නීතිමය රාමුවකට අදාල නෑ.
රාජපක්ෂලා ගැන මොනවත් නැති එක තමයි පුදුමේ.
තෝරා බේරා ගත් හඬපටවල එහෙම හිටින්න විදිහක් නෑ නේද? එක්කෝ ඒවා ඉවත් කරලා, නැත්නම් රන්ජන් එක්ක එකතුවෙලා ගේම දෙන්නේ හිරේ ඉන්න තමන්ගේ මිනිස්සු ටික එලියට ගන්න. කොයි එක වුනත් දැන් සිදුවෙන්න යන්නේ ඒක බව පොල් පැල දිහාර හැරෙන ගොනුන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවීමෙන් පෙනෙනවා.
සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මේ හඬපට වරින් වර දැමීම සංවිධානාත්මකව කරන වැඩ පිළිවලක්. රජයට අවශ්‍ය නම් මෙම වැඩ පිළිවෙල නවතා සිදුවී තිබෙන නීති විරෝධී දේවල් ගැන කටයුතු කළ හැකියි. එහෙත් එය කරන්නේ නැත්තේ මෙතනින් ලබා ගන්න දේශපාලන වාසි නිසා. කොහොම උනත් අනුන්ගේ කිලුටු ප්‍රසිද්ධියේ සේදීම නැත්නම් පුද්ගලිකව දුරකථනයෙන් කතා ප්‍රසිද්ධ කිරීම සදාචාර විරෝධී දෙයක්.
රටට වැඩක් නැතුව, ගමට වැඩක් නැතුව අනුන්ගේ ඇතුළේ තියෙන්නේ මොනවාද කිය කියා උදේ දවල් හොය හොයා කාලේ කන මේවගේ මැටි මෝල්ලුන්ව අංගොඩ යවා මොලේ පරික්ෂා කරවන්න. අඩුම ගානේ මේ රජයෙන්වත් ඒක කරන්න. මේවගේ ගොන්නු වෙනුවෙන් කරන මතු පිනකි.
මේ පුද්ගලයාගේ නියම ස්වරූපය ජනතාවට පෙන්වූවාට සමාජ මාධ්‍යවලට අනෙක වාරයක් ස්තුති කරනවා. දුමින්දට නිදහස ලැබුනොත් ඒ සමාජ මාධ්‍ය නිසාමයි. රනිල් ජනාධිපති වුණානම් බෞද්ධයින්ට හොඳට හම්බවෙයි සහ බුදුන්වහන්සේට නිග්‍රහ කරපු හඬපට ඇතුළු විරුද්ධ දේශපාලකයින්ට කරපු කුමන්ත්‍රණ අපි දැනගත්තේ සමාජ මාධ්‍යවලින්. එමනිසා සමාජ මාධ්‍යවලට ස්තූති කරනවා.