(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට බාරදුන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි.
රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියමවී මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් පසු එම නිල නිවස පාවිච්චි කිරීමේ අවස්ථාවද අහිමිව ගියේය.
අලුතින් නිවෙසක් සොයා ගන්නා තෙක් එම නිවෙසේ ඔහුගේ බඩුබාහිරාදිය තබා ගැනීම සඳහා අවස්ථාව දෙන්නැයි රංජන් රාමනායක මහතා කළ ඉල්ලීමක් අනුව කතානායකවරයා ඔහුට ඒ සඳහා මාස 3ක සහන කාලයක් ලබා දුන්නේය. එම සහන කාල සීමාව පසුගිය 20 වැනිදායින් අවසන් විය.
රන්ජන් රාමනායක මහතා පාවිච්චි කළ නිවෙස තමාට ලබා දෙන්නැයි මනුෂ නානායක්කාර මහතා ඉන් අනතුරුව ඉල්ලීමක් කර තිබූ හෙයින් එම නිවස ඔහුට බාර දුන් බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
රන්ජන් රාමනායක මහතාගේ බඩු බාහිරාදිය තමා බලා ගන්නා බවට නානායක්කාර මහතා එහිදී දැනුම් දුන් බවද ඒ නිලධාරියා ප්‍රකාශ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම වූ රංජන් රාමනායක මහතා දැනට රඳවනු ලැබ සිටින්නේ තංගල්ල අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්ජන්ගේ මාදිවෙල නිවෙස මනුෂ ගනී
සමරේ Wednesday, 28 July 2021 06:24 PM
මනූෂ අමනුෂ වූවාද? චන්දිමාල් වෙන මොන දේ කරත් අඩු ගානේ රන්ජන්ට ඉන්න ගෙයක් දෙනවා. එකට හිටපු දේශපාලන සගයින් මොකද කරන්නේ...? පසුගිය කාලේ තිබුණා සජිත් ගෝඨාභයගෙන් රන්ජන්ට ජනාධිපති සමාව දෙන්න ඉල්ලුවාය... ඒ ගමන ගෝඨාභය කිව්වා කියලා ඒ අවශ්‍ය ඉල්ලීම කරලා ලිපියක් බාරදෙන්න කියලා. ඒක කරනවා කියලා පෙනෙන්නේ නෑ. රංජිත් මද්දුමබණ්ඩාර කියලා තිබුණා එයාලා එහෙම ඉල්ලීම් කරන්නේ නෑ කියලාම මොකක්ද හේතුව? ජනාධිපති සමාව දීමේ ක්‍රමවේදයක් තිබෙනවා නම් ඒ දේ කරන්න බැරි ඇයි?. අන්තිමට බැලුවාම මේ අය රන්ජන්ගේ මිතුරන් වෙන්න නම් බෑ. මම පුද්ගලිකව රන්ජන් පහුගිය කාලයේ කරපු දේවල් අනුමත කරන්නේ නෑ. ඒත් තමුන්ගේ පක්ෂයෙන් රන්ජන් වෙනුවෙන් දෙයක් කරනවා මදි. උසාවියේ නඩුව වුණත් සාක්කි කරුවන් ඉඳිද්දී කතාකරේ ටික දෙනාටයි.
SUNIL MILANO Wednesday, 28 July 2021 07:56 PM
ඔන්න සමගි බලවේගයේ හැටි... කෝ සමගිය? යාළුවගේ ගෙදරට වැඩේ දුන්නා... මනූෂගේ යටගියාවත් ඔය වගේ තමයි...!
Ranga Wednesday, 28 July 2021 08:06 PM
මතක් කරලා හොඳට හෝදලා ගන්න...
Bamunuarachchi Thursday, 29 July 2021 09:05 AM
ඒ කාලේ ඒ මනුස්සයාට කට පරිස්සම් කර ගන්න කීවා නම් එයාට ඔහොම වෙන්නේ නැහැ. එයාගේ බ්රේක් නැති කටින් අනික් ගොයියන් ප්‍රයෝජන ගත්තා. ඕවා තේරුම් ගෙන එයා පක්ෂයෙන් ඉවත් වුණාම දීපු ගේ ආපසු ඉල්ලගන්න වෙනවා.
duminda Thursday, 29 July 2021 09:55 AM
උන දේ ගැන අවබෝධයක් නැති කට්ටියක් කමෙන්ට් කරලා තියෙන්නේ ,
Bamunuarachchi Friday, 30 July 2021 08:14 AM
අපි නොඇසූ හඬපට තිබෙනවාද කියලා ඔහේ නිකන් ඉන්න ගමන් බලන්න. පරණ යාලුවන්ගේ කෝල් එහෙම ඒවි.