(නාලක සංජීව දහනායක)
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අතුරලියේ රතන හිමි විසින් ආරම්භකළ මාරාන්තික උපවාසය හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වූ බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශකර තිබේ.
ඉන් ප‍්‍රයෝජන ගත් ආණ්ඩුව විශ්වාසභංගය මඟ හැර ගියබවත්, රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම නිවරදි බව ඔප්පු කිරීමට උත්සාහගත් බවත් ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා පවසා ඇත.
ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක‍්‍රියාව තමන් කළ බවත් එය හොඳ හිතින් කළ දෙයක් බවත් අතුරලියේ රතන හිමියෝ එහිදී පවසා තිබේ.
එහෙත් මාරාන්තික උපාවාසය හේතුවෙන් ආණ්ඩුව පරාජය කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණ බව අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා නැවතත් ප‍්‍රකාශ කර ඇත. ඊට අමතරව අනෙක් මන්ත‍්‍රීවරුන්ද උපවාසයට එරෙහිව අදහස් දැක්වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
දිගින් දිගටම ඇදී යන මෙම වාදය නතර කිරීමට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාටද මැදිහත්වීමට සිදුව ඇත.
පසුගිය දේවල් කතා කිරීමෙන් තේරුමක් නැති බවත්, ඉදිරියේදී කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් විපක්‍ෂනායකවරයා පවසා තිබේ.
ඒ සමඟම අතුරලියේ රතන හිමියෝ රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර එසේ නොකරන ලෙසට විපක්‍ෂනායකවරයා උන්වහන්සේගෙන් ඉල්ලීමක්ද කර ඇත.
එහෙත් උන්වහන්සේ ඒ පිළිබඳව තැකීමක් නොකර මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ඉවත්ව ගිය බවද වාර්තාවේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම අද (09) පෙරවරු 11.00 පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.
ජනාතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව සහය දීමටද මන්ත‍්‍රී කණ්ඩායම එහිදී තීරණය කර ඇත.
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රතන හිමියෝ - ආනන්ද අලුත්ගමගේ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටෙති
Buddika Tuesday, 09 July 2019 02:25 PM
බොහොම හොඳයි හාමුදුරුවනේ.. නගින්න දීපු ඉනිමගට පයින් ගැහුවාම මෙහෙම වෙනවා.
samanThursday, 11 July 2019 05:43 AM
යම් යම් අවස්ථාවල රතන හිමි වැරදි තීරණ ගත් බව ඇත්ත. නමුත් උන් වහන්සේ අවංකයි. දැක්මක් ඇති නිර්භය හාමුදුරු කෙනෙක්. මට පුළුවන් නම් උන්වහන්සේ රටේ ජනපති කරනවා...
චමින්ද Tuesday, 09 July 2019 02:29 PM
හාමුදුරුවනේ බල්ලොත් එක්ක ලැග්ගම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියලා අාසානැද්ද?
කරුණාපාලTuesday, 09 July 2019 03:15 PM
කවුද කියලා හොයා ගැනීම කෙසේ වෙතත්, මැක්කෝ රැල එකට පොරබදන බව අපිට නම් පැහැදිලියි. "උණු පුරුකේ දැම්මත් බලු නැට්ටේ අද නෑරේ" වගේ බලු නැට්ටේ එල්ලෙන මැක්කන්ටත්, බල්ලා නැට්ට ගසපුවම අත්වෙන ඉරණම අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ. මේ ගැන දන්නා චමින්ද මහත්තයට මම කිව්ව දේ තේරෙනවා ඇති මගේ හිතේ..?
de silva berlin Tuesday, 09 July 2019 02:32 PM
රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන්න එම අවස්ථාවේ විපක්ෂයකටවත් පාර්ලිමේන්තුවේ බහුතරයකටවත් කිසිම වුවමනාවක් තිබුනේ නැහැ. එහෙම තිබුණා නම් අර හිතාමතාම වැරදියට දිනය දමලා කතානායකට දීපු විශ්වාස භංග යෝජනාවට වත් විපක්ෂනායක අත්සන් කරන්න ඕනෑනේ? හැමෝම හිටියේ රිෂාද්ගේ ඡන්ද කුට්ටියට කෙල හලමින්, ප්‍රහාරයෙන් මිය ගිය මිනිස්සු වෙනුවෙන් සහ හිස්බුල්ලාගේ ෂරියා විශ්ව විද්‍යාලය වසාදැමීම වෙනුවෙන් අවංකව පෙනී සිටි කිහිප දෙනාගෙන් කෙනෙක් රතන හාමුදුරුවෝ, අලුත්ගමගේලා, මහින්ද මහත්මයලා දැන් බොරුවට උඩ පැන්නට, රිෂාද්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා නම් එදාට මේ ගොල්ලන් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව මගහැරලා යනවා. ජනතාව ඔය කාගේ කාගේත් කෙරුවාව ගැන විපරමින් ඉන්නේ...
jagathwana Tuesday, 09 July 2019 02:35 PM
බලේට ඔච්චර කෑදරවෙන්න එපා... ආනන්ද, රතන හාමුදුරුවෝ උපවාස කලේ රටගැන හිතලා, නැත්නම් අදටත් රිෂාඩ්, හිස්බුල්ලා, අසාද් ඇමතිලා. අර නාගානන්ද මහත්මයා කිව්වා වගේ ප්‍රදාන පක්ෂ දෙකම සුළුතර මුස්ලිම් ඡන්ද බලාගෙන රට පාවාදෙනවා.
saliya Tuesday, 09 July 2019 02:36 PM
අහෝ ! ලබන සැරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය....!
Ajith Nissanka Tuesday, 09 July 2019 02:59 PM
රතන හාමුදුරුවෝ උපවාස කලේ ඊළඟ ඡන්දෙදී ආයේ සැරයක් උන්වහන්සේට පාර්ලිමේන්තුවට වැඩම කරන්න ...!
Chanak los angeles Tuesday, 09 July 2019 03:04 PM
ගිහියන්ගෙන් වැඳුම් ලබන්න ඕනෑ භික්ෂූන් ගිහියන් සමග ගැටෙනවා.. අනේ කාලේ වනේ වාසේ..
Buddika Tuesday, 09 July 2019 03:40 PM
උතුම් බුදුදහම රකින්න ඉන්න භික්ෂූන් වහන්සේලා එක පැත්තකින් තියලා දේශපාලනය කරද්දී නැතිවන්නේ තමන්ගේම ගරුත්වය. දණ නමස්කාර කරලා වැඳුම් ලබන භික්ෂුවට මෙහෙම මෙහෙම වෙන්නේ තමන්ගේ අරමුණින්, මාර්ගයෙන් බැහැරව ගිය නිසයි. මේ නිසාම වෙන්නේ ඔබ වහන්සේගේ සසර තව දික්වීම නේද? වෛරය, ක්‍රෝධය වපුරන දේශපාලනය තුළ වංචාව, බොරුව රජවෙලා.. අනික බල්ලොත් එක්ක නිදාගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ. ඒ වගේම තමයි කුම්බලා මාළු කෑවාම දුක විඳින්නම වෙනවනේ...
Hafeel Tuesday, 09 July 2019 03:53 PM
මේක එක්සත් ජනතා නිදහස් සන්ධානේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම්... නමුත් මෙතන ගැටුනේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු ගිය දෙදෙනා...
Chanak los angeles Tuesday, 09 July 2019 04:46 PM
රට, ජාතිය ගැන හිතලා භික්ෂුවට උපවාස කරන්න නොවේ... බුදුන් නම් වදාළේ.. සත්වයා ශීලයේ පිහිටුවන්න කටයුතු කරන්න කියායි.
lankasri Tuesday, 09 July 2019 09:32 PM
බුදුදහම අදහන්නත් රට ජාතිය රැකිලා තියෙන්න ඕනේ.
Kumara Wednesday, 10 July 2019 03:34 AM
ලබන සැරේ ජාතික ලැයිස්තුව මුන්වහන්සේට මන්ත්‍රී ධුරය ආයෙත් කිසිඳු පක්ෂයකින් දෙන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය ඔවුනට ලබාදෙන්න.
de silva Wednesday, 10 July 2019 09:47 AM
රතන හාමුදුරුවෝ ස්වාධීනව ඉල්ලුවත්, පාර්ලිමේන්තු යන්න පුළුවන්, කොහොමත් මුස්ලිම් ඡන්දවලට කෑදරවෙලා මහා පක්ෂ පසුගිය මාස 2 හැසිරුණ ආකාරය ගැන ජනතාව ඉන්නේ කලකිරීමෙන්... ඔබවහන්සේ ඔය මහා පක්ෂවල පස්සේ යන්නේ නැතිව අවංක, උගත්, රටට ආදරය කරන කිහිප දෙනෙකු සමග කොළඹින් ස්වාධීන කණ්ඩායමක් සමග මැතිවරණයට ඉදිරිපත් වෙන්න...
de silva Saturday, 13 July 2019 12:31 PM
අලුත්ගමගේලා දේශපාලනයෙන් හරි හම්බු කරගත් බව මුළුරටම දන්නවා.