(චමිල් රූපසිංහ)
මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්වයේ පවතින බවත් හෙට දිනයේදී රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කර රෝහලෙන් නිදහස් කිරීමට හැකි බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
ඉල්ලිම් හතරක් ඉල්ලා දින හතරක් පුරා උපවාසයේ යෙදුණු රතන හිමියන් මහනුවර මහ රෝහලට ඊයේ (03) ඇතුළත් කළ පසු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ලබා දුන් බවත් රතන හිමියන් දින කිහිපයක් ආහාර ගෙන නොතිබූ බැවින් විජලන තත්වයක් ඇතිවී තිබු බවත් මේ වන විට එය සජලන තත්වයට පත්වී හිමියන් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් ඒ මහතා කීය.
මේ වන විට රතන හිමියන් දානය ලබා ගන්නා අතර හිමියන් මනා සෞඛ්‍ය තත්වයකින් පසුවුවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් වෛද්‍ය කණ්ඩායම් සිටින බවත් වෛද්‍ය සම්න් රත්නායක මහතා පැවැසීය.
එලෙසම නිරාහාරව සිටි නිසා හිමියන්ට අධික තෙහෙට්ටුවක් ඇති වී ඇති අතර ඒ සඳහාද වෛද්‍යවරුන් මේ වන විට ප්‍රතිකාර ලබාදෙන බවද රතන හිමියන් ඉතාමත් නිරෝගී තත්වයට හෙට දිනයේදි පත් වුවහොත් ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය කණ්ඩායම් සමඟ සාකච්ඡා කර හෙට දිනයේදී රෝහලෙන් නිදහස් කිරීමට හැකිවන බවද වෛද්‍ය සමන් රත්නායක මහතා පැවැසීය.
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට
tenewara Tuesday, 04 June 2019 04:15 PM
සෝබිත හිමිගේ අභීත නාමයටත් උඩින් යන්න කළ... උත්සාහයක් ලෙසයි රටේ බුද්ධිමත් සියල්ලෝම මෙය දකින්නේ..
kanthi Tuesday, 04 June 2019 04:17 PM
මේවට කියන්නේ ඉල්ලන් කෑම කියලා... ඔහොම තමයි රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් කරන කොට...
thilak Tuesday, 04 June 2019 04:20 PM
බුදුසරණයි ...!!
theniwara Tuesday, 04 June 2019 04:52 PM
ඉල්ලන් කාලා මුහුණ දෙන්න බැරිව හොර ලෙඩ දෝ මන්දා ...?
Kriss Tuesday, 04 June 2019 09:17 PM
පක්ෂ භේදය හැම එකකටම ගාවගන්න එපා. මොන පක්ෂයේ වුණත් හාමුදුරුවෝ කලේ කෙරෙන්නට වුවමනාම දෙයක්. ඒකත් අවිහිංසාවාදීව.
Chanak los angeles Wednesday, 05 June 2019 01:45 AM
හොඳ බෞද්ධයන් මේ දෙකයි පනහේ වැඩ පිළිකුල් කරති
Punyasoma Wednesday, 05 June 2019 06:17 AM
හාමුදුරුවනේ කරුණා කරළ ටීවී එකේ යන ඥානසාර හාමුදුරුවන්ගේ අලුත්ම කතාව බලන්න එපා ආපහු ලෙඩ වැඩි වෙයි. ඔබ වහන්සේ කරපු කැප කිරීමත් එතන බාල්දුවට ලක් කරල තියෙන්නෙ.
THESHAN Wednesday, 05 June 2019 06:18 AM
ඉහත සමහර අදහස් වලින් පෙනේනේ ලංකාවේ බොහොමද දෙනෙක් අවදි වුනත් තවමත් නිදාගෙන සිටින දේපාලන වහලුන් සිටින බවයි.
kamal Wednesday, 05 June 2019 06:38 AM
අපේ සාසනේ විනාස කරන්න එපා
C.K.Lankaputhra Wednesday, 05 June 2019 06:42 AM
රත්න හාමුදුරුවො රඟපෑවෙ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය. කාදිනල් තුමා සහ ඥානසාර හිමි දෙදෙනා ගරු රඟපෑම්වල යෙදුනා. නිශ්පාදනය අධ්‍යක්ෂනය, පිටපත, තිර රචනය ලොකු ලොකු අයගේ. ඒගොල්ල තිරයෙන් පිටුපස. හැබැයි එතරම් ආදායම් වාර්තා නං තිබ්බෙ නැහැ.
Dayan Wednesday, 05 June 2019 09:56 AM
මීට පස්සේ දළදා මාලිගා පුජා භුමියේ මේවගේ බාල වැඩ කරන්න එපා.
kaanthini Wednesday, 05 June 2019 12:18 PM
විමල් වීරවංශගේ දෙවන කොටස මේ...
darmapaala Wednesday, 05 June 2019 12:20 PM
බුද්ධාගම්කාර අපිටත්, රටටත් මහා ලැජ්ජාවක්..
iresh Wednesday, 05 June 2019 12:22 PM
මීට පස්සේ දළදා මාලිගා පූජා භුමියේ මේවගේ බාල වැඩ කරන්න තහනම් කරන්න. ඔය ගම්පහ කට්ටිය කරලා තියෙන්නේ ඒ වගේ...