(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා අද( 04) පැවසුවේය.
ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීම මෙම ආපදා තත්ත්වය යටතේ සිදුවන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
එසේම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කිරීමේ ද වෙනසක් ඇති කර ඇති බව කී ඔහු ඉන් රෝගීන්ට කිසිදු බලපෑමක් නොමැති බව ද පෙන්වා දුන්නේය. රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල ම කල්දමා ඇති බව ද කීවේය.
රටේ සහ රෝහලේ පවතින කෝවිඞ් 19 රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෝවිඞ් මර්දන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩල අවශ්‍යතාව මතුවීම නිසා මෙවැනි පියවරක් ගත් බව ද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පැවසුවේය.
රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ කෝවිඞ් 19 වැළඳුණ බරපතල රෝගීන්ට ප‍්‍රතිකාර කරනු ලබයි. ඒ වෙනුවෙන් දැඩි ෂත්කාර ඒකකයක් ද ස්ථාපිත කර ඇත.
මෙම හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කිරිම සම්බන්‍ධයෙන් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, රත්නපුර දිස්ත‍්‍රික් කොවිඞ් කමිටුවටත් රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ලිඛිතව දන්වා යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර රෝහල නොවේ මූලු ලංකාවටම හදිසි රෝගී තත්වයක් තමා ප්‍රකාශ කරන්න වෙලා තියෙන්නේ. එන්නත් විදීම ක්‍රියාවලිය සාර්ථක වුවත් එහි ප්‍රතිඵල සාර්ථක ද යන්න ගැටලුවක්. එන්නත් දෙකම ලබා ගත්තත් රෝගය බෝවුණු යළි හැදුණු අය ඉන්නවා. ලොකු පම්පෝරි නවත්වලා ඇත්ත කියන්න රටට...