IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රත්නපුර කෝටි තුනේ කොල්ලයට ගුරුවරු දෙදෙනකු ඇතුළු 5ක් සැකපිට

(තරිඳු ජයවර්ධන)

රත්නපුර පැල්මඩුල්ලේ ව්‍යාපාරික ස්ථානයක සේප්පුවක් කඩා රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරන සොරා ගත්තේයැයි සැකපිට ගුරුවරුන් දෙදෙනකු , යුද හමුදාවේ හිටපු සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක මැණික්, ස්වර්ණාභරණ සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.

රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පැල්මඩුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් සේනාරත්න බණ්ඩාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් එක්ව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.  

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සේප්පුවේ තිබී සොරා ගත් බව කියන රුපියල් එක්කෝටි විසි ලක්ෂ අසූ පන්දහසක් වටිනා මැණික් ගල් 604ක්, රුපියල් ලක්ෂ 49ක් පමණ වටිනා රත්තරන් පවුම් 50ක් සහ රුපියල් ලක්ෂ හතරක මුදලක් ද තිබෙන බව පොලිසිය පවසයි.

තම සේප්පුවෙන් රුපියල් කෝටි තුනකට අධික මැණික්, ස්වර්ණාභරණ සහ මුදල් සොරාගෙන ඇතැයි කියමින් පැල්මඩුල්ල පොලිසියට පැමිණිල්ල ලැබී ඇත්තේ පසුගිය 28 වැනි දා උදෑසන 10.30ට බවත්, ඒ අනුව පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් හා පොලිස් නිල සුනඛයන් යොදවා පරීක්ෂණ සිදු කළ බවත් පොලිසිය කියයි.

පොලිස් නිල සුනඛයා එම සේප්පුව සහ යතුර ඉව කර එම ස්ථානයේම එහා මෙයා ගියත් සාප්පුවෙන් පිටතට නොගිය බව ද, එහි සීසීටීවී කැමරා සවි කර තිබුණත් ඒවායේ මෙම සොරකම පටිගත වී නොතිබුණ බව ද පොලිසිය පවසයි. ඒ අනුව මුලින් නිවැසියන් ගැන සැකයක් පැමිණිය ද මෙම ව්‍යාපාරය රක්ෂණය කර නැති නිසා ඔවුන් මෙවැනි දෙයක් සිදු නොකරනු ඇතැයි උපකල්පනය මත මෙහි විමර්ශන තවත් පැතිකඩ ඔස්සේ කරගෙන ගිය බව  පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් උපාය දූතයන් සහ තොරතුරුකරුවන් යොදවා විමර්ශන සිදු කළ බවත්, මැණික් වෙන්දේසියේදී මීට දින දෙකකට පමණ පෙර විකිණූ මැණිකක් ගැන ඇතිවූ සැකයක් මත විමර්ශන සිදු කරද්දී සැකකරුවන් අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අතර ගණිත ගුරුවරයකු සහ දෙමළ භාෂාව උගන්වන ගුරුවරයකුත්, යුද හමුදාවේ සේවය කළ බව කියන දෙදෙනකුත් සිටින බව පොලිසිය පවසයි. සැකකරුවෝ බලංගොඩ, කිරිඳිවැල, ලුණුගම්වෙහෙර සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. මෙම අපරාධය සඳහා යොදා ගත් බව කියන ත්‍රීරෝද රිය සහ යතුරු පැදියද පොලිස් බාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි පැල්මඩුල්ල පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක සුදත් සෙනරත් බණ්ඩාර මහතා සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (2)

රත්නපුර කෝටි තුනේ කොල්ලයට ගුරුවරු දෙදෙනකු ඇතුළු 5ක් සැකපිට

Mahee Tuesday, 06 August 2019 08:30 PM

මට පේන්නෙ මහා බැංකුවේ වැඩේ පරද්දන්න හිතාගෙන ලංකාවේ ඉන්න කට්ටිය ලොකු තරඟයක් දෙනවා වගෙයි. එක තැනක් කෝටි පහළොවයි, මෙතන තුනයි. මදි මදි තව දියුණු වෙන්න ඕන.

:       0       1

athura Wednesday, 07 August 2019 04:18 AM

රණවිරුවොයි ගුරුවරුයි එකට දීල තියෙන්නෙ.හැබැයි හිරේ දාන්න නම් එපා ඒ පාර කියයි මේ ආණ්ඩුව ගුරුවරුත් හිරේ දානවා කියල.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site