IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රත්ගම තරුණයන් ඝාතනය කළ නිවස මහෙස්ත්‍රාත් පරීක්ෂාවට

(ඩී.ජී.සුගතපාල)

 

 

රත්ගම බූස්ස රත්නඋදාගමදි පැහැරගනු ලැබු පුද්ගලයින් දෙදෙනා පහරදී ඝාතනය කරන ලද බවට සැකකරන අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවස ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද (22) පස්වරුවේ පරික්ෂා කරනු ලැබිය.

මෙම අවස්ථාවට කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණි එල්.එච්.සමාධි මහත්මියද සහභාගි වුවාය.

මෙම නිවස ගාල්ල නගරයේ සිට උඩුගම ප්‍රධාන මාර්ගයේ කිලෝ මිටර් 12 ක් පමණ දුරින් ගොනාමුල්ල ප්‍රදේශයේ  කන්දක් උඩ හුදකලා වු ස්ථානයක  පිහිටා ඇති අතර පැහැර ගත් දෙදෙනාගේ රත්ගම  නිවෙස්වල සිට කිලෝ මිටර් 20ක් පමණ දුරින් පිහිටා ඇත.

මෙම නිවසේ පදිංචිකරු ප්‍රධාන මාර්ගය අයිනේ වෙළඳසලක් පවත්වා ගෙන යන පුද්ගලයකු වන අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින දකුණු පළාත් අපරාධ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත මහතාගේ සමිපතම මිතුරෙකු බවද අනාවරණය වි ඇත.

නිවෙස් හිමියා පැවසුවේ තමා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර පොලිස් පරික්ෂකවරයා පැමිණ තමාගෙන් නිවසේ යතුර ඉල්ලාගෙන ගිය බවය. සිරිත් පරිදි සවස තමා නිවසට ගිය බවත් මිනීමැරුමක සළකුණු නොතිබුණ බවත් ඔහු පැවසිය.

මෙතෙක් කරන ලද පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ එම නිවස අසළම ව්‍යාපාරිකයෙකුගේ සුඛෝපභෝගි වැන් රථයකින් මෙම දෙදෙනා පැහැරගෙනවිත් වෙනත් කැබ් රථයකට නංවාගෙන මෙම නිවසට ගෙන ගොස් මරාදමා ඇති බවයි. පසුව මළ සිරුරු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථානයකට ගෙන ගොස් විනාශකර ඇති බවට සැකකරන  බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් ජනවාරි 23 වැනි දා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන ගිනි අවි ද රැගෙන පැමිණි පිරිසක්  මෙසේ පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇත්තේ රත්ගම පොලිස් වසමේ බූස්ස රත්න උදාගම පදිංචිව සිටි කොස්ම රසික් චින්තක සහ අසේල මංජුල කුමාර නමැති දෙදෙනෙකි.

මෙම පැහැරගෙන අතුරුදන් කිරිම සම්බන්ධයෙන් මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ද සිල්වා මහතා 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර අද (22) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම ඒකකයේ උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංඛ මහතා පැය 48ක් රඳවා ගැනිමේ නියෝගයක් ලබා දුන්නේය.

පළමුවෙන්ම මේ පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ පැවැත්වු අතර  එක් පොලිස් කණ්ඩායමක් විසින් මෙම පැහැර ගැනිමට යොදා ගෙන ඇති සුඛෝපභෝගි වෑන් රථය අක්මීමණ පොලිස් වසමේ ගොනාමුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇත.

පැහැර ගැනිමෙන් දින දෙකකට පසු පැමිණි පිරිසක්  වෑන් රථය හිමිකරුගේ නිවසේ ආරක්ෂිත කැමරාවේ ඩී.වී.ආර්.කොටස ගලවා ගෙන ගොස් ඇති බවත්  පරික්ෂණ වලදී අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 



අදහස් (7)

රත්ගම තරුණයන් ඝාතනය කළ නිවස මහෙස්ත්‍රාත් පරීක්ෂාවට

sam Friday, 22 February 2019 10:04 AM

අඟුලානේ ඝාතනයේ වැරදිකරුවන්ට නීතියෙන් ලැබුන දඬුවම් වලට අමතරව ස්වභාව ධර්මයාගෙනුත් දඬුවම් ලැබුන බව පමණක් මතක් කිරීමට කැමතියි.

:       0       338

Bamunuarachchi Friday, 22 February 2019 05:01 PM

මේගොල්ලන්ට නීතියෙන් දඬුවම් දී ජනතාවත් දඬුවම් දී ස්වභාව ධර්මයාගේ දඬුවමට යොමුකළ යුතුය.

:       0       23

rocky Saturday, 23 February 2019 02:21 AM

මේවා කරනවා ඇත්තේ පුරුද්දට විය හැකියි. ඉස්සර කාලේ සුදුවෑන් වලින් මිනිසුන්ව අල්ලන් ගිහින් අතුරුදන් කිරීම පුහුණු කරපු`වීරයන්` වෙන්න පුළුවනි. නඩුවෙන් නිදහස් වුණොත් පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා දීම සුදුසුයි.! ජය සිකුරුයි!

:       18       511

eksath desapremi janathaSunday, 24 February 2019 03:29 AM

මේවා කරනවා ඇත්තේ පුරුද්දට 1989 ටයර් සැය වල මරා ගිනි තැබූ ආකාරයට සිදුව ඇත වෙනස කළු වැන් සංස්කෘතිය මේවා කරපු උන් පසුගිය කාලයේ මෙම ප්‍රදේශයේ කොළ කොටි සහෝදරයා සුදු වාහන ක්‍රියාත්මක උනේ පාවා දෙන්නන්ට එරෙහිව උන් විනශ නොකළ නම් තවත් දස දහස් ගණන් සෙබළුන්. අහිංසක ජනතාව මිය යනවා දෙ වනුව යුද්දය නිම උනා

:       167       1

sujeewa Saturday, 23 February 2019 02:26 PM

මට කියන්න තියෙන්නේ මේ පළවෙනි එකවත්, අවසාන එකවත් නොවන බව මතකතියාගන්න කියලා විතරයි.

:       0       2

Matalan Saturday, 23 February 2019 03:09 PM

පොලිස් නිලධාරීන් ලෙස මෙවැනි අමානුෂික ක්‍රියා කරන්නේ කරුණු 2 ක මතයි. 1. ඉක්මනින් පොහොසතෙකු වීම. 2. ඉක්මනින් උසස්වීමක් ලබාගෙන අවසනේයේ නි.පො. පති වී ඉන් පසුව පොලිස්පති වෙන්න තිබෙන ආසාව නිසායි.

:       0       2

sampath Tuesday, 26 February 2019 12:36 PM

මේවා පොලිසියේ නිලධාරින්ට හොද පාඩම්. අනුන්ගේ කුණු ගොඩවල් තමන්ගේ ඇගට දා ගන්නේ නැතිව ප්‍රශ්නයක් තියේ නම් අධිකරණයට යොමු කරන්න කිසිම කෙනෙකුට පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. නිල වශයෙන්වත් එහෙම බලයක් පොලිසියට නැහැ බොහෝ නිලදාරීන් ඒ බව දන්නේ නැති වීම හේතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site