(නිමල කොඩිතුවක්කු)
රටේ සම්පත් තමන්ගේ පුද්ගලික දේපල සේ සලකමින් කුණු කොල්ලෙට විකුණා දමන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි සෞඛ්‍යමය සහ නිරෝධායන නීති රීති වලට අනුගතව මහපාරෙ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ දේශීය සම්පත් විකිණීමට එරෙහිව සියලු බලවේග හා එක්ව මහජන පවුරක් සේ ගොඩනැගෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුව මැතිවරණයට පෙර ඉදිරිපත් කරනු ලැබූ සෞභාග්‍යයේ දැක්ම කීතු කීතු වලට ඉරා දමමින් ඒ වෙනුවට මහා පාවාදීමේ දැක්ම ක්‍රියාත්මක කරමින් සිටින බවත් පානම දී පැවති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුව හොර රහසේම කෙරවලපිටිය යුගදනවි බලාගාරය කුණු කොල්ලෙට විකුණා දමමින් මෑත ඉතිහාසයේ මහා පාවාදීම සිදු කළ බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව අද වනවිට සිය ජනවරම වීසි කොට පෞද්ගලික කොමිස් ජාවාරම් ක්‍රියාත්මක කිරීම උදෙසා රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණමින් සිටින බවත් ආණ්ඩුවේ දේශද්‍රෝහී ප්‍රෝඩාව ඒ හරහා මනාව දැක ගත හැකි බවත් ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිය උරුමයෙන් දේශපාලනය වගේම මොලයත් උරුම වී ඇති හැටි පුදුමයි.
පොඩක් රටට හොද අතට හැරෙද්දි ඉනන බෑ කට්ටියට
කිසි වැදගත් කමක් නැ
අනේ මහතතයො මිනිසුන්ට පාන් කියාගනන බැ ඔය කරන අරගලයක් ඔයා තනියෙන් කරගනන
සම්පත් ගැන කියමින් උද්ගෝෂණය කරන්නේ... මොන රෝගය බෝවුණත් මට වැඩක් නැතේ... විපක්ෂ පට්ටියේ යනු සැම දෙයට විරුද්ධනේ... රට අස්ථාවර කෙරුම අපේ මූලික අරමුණනේ...
සජී මලය මේ "තටමන්නේ" මහජනතාව ඉදිරියට ගෙන බිල්ලක් ගැනුම මතින් ගොඩයන්න නේද මල්ලියේ..? කොවිඩ් 4 වෙනි රැල්ලද, 5වෙනි රැල්ලද, 6ද, 7ද අපිට අදාළ නැත. බොහොම හොඳයි... සජි මල්ලියා විසින්ම එහි ප්‍රතිඵල නෙලාගනු නියතයි. කිසිවෙකු රටට, සමාජයට යහපත් වැඩක් කරන්නේ නම් ඔහු හෝ ඇය තමන්ගේ ජීවිතයට හොඳ ප්‍රතිඵල ලබාගනු නියතයි. "බුද්ධියෙන් හීන" මිනිසුන්ව රැවටීමට ඉතාමත්ම පහසුයි. අපේ මේ පුතාණෝටද සිදුවී ඇත්තේ එය බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...
කව්ද හලෝ විකුණන්නේ? විකුණනවා කියනෙකයි, ආයෝජනය කියනෙකයි අතර වෙනස ගැන මෙලෝ අදහසක් නැති මොට්ට දේශපාලුවන් කොතරම් මේ රටේ ඉන්නවාද? 49-51 (බලය රට තුළ) වැනි ක්‍රම වේදයකින් සමහර දැවැන්ත ව්‍යාපෘති බලගන්වන්න බැරි නම් මේවාට මුදල් යොදන්නේ ඔහේගේ අංකල්ද?
මේ ගොල්ල කරන්නේ හැම ඒකටම දොස් කියන ඒකවිතරයි
ඊ ලගට ජනාධිපති වෙන්නේ මෙයා කියලා දැනගතතම ඔයාලට මොකද හිතෙන්නේ
එහෙනම් අරගල පටන් ගන්න තිබුණේ ඡන්දෙ ඉල්ලන්නත් කලින් . දැං බොරුව ට රඟපානවා .
රවින්ද්‍ර කීවා හරියට හරි. 2019 සහ 2020 දීත් ඔය කියන බුද්ධියෙන් හීන අයව මුකරී කපටින් විසින් පහසුවෙන්ම රවට්ටනු ලැබුවා. අපේ අය මෙතරම්ම බුද්ධියෙන් හීනද කියලත් වෙලාවකට හිතෙනවා
හිතපු විදියට රට ඉන්දියාව වගේ කරගන්න බැරි වුණානේ... දැන් ඇරපු හැටියේ තව ට්‍රයි එකක් දීලා බලමු.
හම්බන්තොට ජාත්‍යයන්තර වරාය චීනයට විකුණනකොට හම්බන්තොට ජනතාවගෙ ජන්දයෙන් පත් වූ මේ හාදය එතකොට මහපාරට බැස්ස හම්බන්තොට තරුණයො ස්වාමීන් වහන්සේලා කුදලාගෙන ගිහිල්ල දින 52 ක් සිරගත කලේ කවුරු අතේ බලය තිබෙනකොටද බොලේ
හම්බන්තොට වරාය චීනයට විකිණීමට විරුද්ධවත් බැනර් එකක් ඔය අරගලයේ තියෙනවද?
තමුන්නැහේ පාරිලිමේන්තුවට යැවිවේ අපිට පාර්ලිමේන්තුවට ගිහින් හරියට වැඩක් කරගන්න බැරි නිසා මිස පාරේ දඟලන්න නොවෙයි. පාර්ලිමේන්තුවේ වැඩක් කරගන්න බැරි නම් ඊළඟ වතාවේ නොඉල්ලා සිටින්න.
මහ පාරේ අරගල කරන එක වෙන්ඩැ මේ වෙලාවේ වැදගත්ම දේ? අනික අරගල කෙරුවයි කියලා වැඩක් වෙන එකක් නැහැ.
හලෝ මේ යුදගනව් බලාගාර යෝජනාව පළමුව ආවේ 2019 අවුරුද්දේ නේද? අවුරුදු 5 රට කරලා රටේ විදුලි බල ප්‍රමානය වැඩිකරන්න මොන බම්බුවක්ද හලෝ ඔහෙලා කෙරුවේ? සැම අවුරුද්දකම රටේ විදුලි ඉල්ලුම 5% වැඩිවෙන බව ඔහේ නොදන්නවාට අපි දන්නවා.
යන්තම් කොරෝනා අඩුවේගෙන යන වෙලාවේ මෙයා මේ තව කොවිඩ් රැල්ලක් හදන්න යන්නේ
අපේ දේශපාලකයෝ ඔක්කොම වාගේ එකයි. තමන් වැරැද්ද කරනකොට, එය නිවැරදියි. අනුන් හරිදේ කරන කොට එය වැරදියි. දියවන්නාවේ බොහොමයක් විශේෂයෙන් බහුතරය සිටින පක්ෂවලත් ඔය ටිකම තමයි. 2015-19 කාලයේදී පාරේ කොච්චර දැඟලුවද? අද ඒ අය හ්ම් නෑ. ආන්ඩුව කරන හැම දෙයක්ම හරි නිසා වෙන්න ඇති.
ඔය කතාකොරන්නේ යුදගනාව බලාගාරය ගැනනම් ඔය යෝජනාව පළමුව ආවේ 2019 නේද? ඔබලාට ආව යෝජනාව මේ ආණ්ඩුව ක්‍රීයාත්මක කරනවානම් එම යෝජනාවේ හොඳ පැත්තක් තිබෙන බව පෙනෙන්නේ නැද්ද?