(අජන්ත කුමාර අගලකඩ)
සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් මඟින් ඉල්ලීමක් කර ඇත.
මේ අතර කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
අතුරලියේ රතන හිමි ( අපේ ජනබල පක්ෂය) , වාසුදේව නානයක්කාර ( ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ),තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය),විමල් වීරවංශ(ජාතික නිදහස් පෙරමුණ), උදයගම්මන්පිල(පිවිතුරු හෙළ උරුමය,ඒ එල් එම් අතාවුල්ලා ( ජාතික කොංග්‍රසය) ,ටිරාන් අලස් ( එක්සත් මහජන පක්ෂය) ජී වීරසිංහ( ශ්‍රී ලංකාවේ කොමියුනිටිස් පක්ෂය), අසංක නවරත්න( ශ්‍රී ලංකා මහජන පක්ෂය) ,ගෙවිදු කුමාරතුංග ( යුතුකම ජාතික සංවිධානය) මේ සඳහා අත්සන් තැබුවෝ වෙති .


COMMENTS
කට උඩට අරගෙන බලාගෙන ඉන්න ඇක්ෂන් ගන්නකම් !තොත්ත බබාලාගේ චූන් එක
මොට්ටයෝ රජ උනාම ඔහොම තමයි
20 අත්සන් කරල දීලා බකන්නිලන් හිටපල්ල, වැඩිය කතාකලොත් සැප ගන්න හම්බවෙන්නෙ නෑ ඇමතිකම ගහල යයි. ම්නිස්සුන්ට මොකක් වුනත් අපිට මොකද..ඔහේලා හිතන්නෙ ඒ විදියට බව අපි දන්නව.රටට ජනතාවට ආදරය කරන මිනිසුන්නම් අද මේ ගෙනියන වන් මෑන් ශෝ එකට විරුද්දව ඉල්ලා අස්වෙලා.
වහමු... වහමු... කියන අය නොවේද සති දෙකකට පමණ කලින් රට වටේ ජනතාව ඒක රාශී කරමින් විරෝධතා පැවැත් වූයේ . ඒවායේ ප්‍රතිපල නොවේද අපි අද ගෙවමින් සිටින්නේ. සිතන්න... මෙවන් අසීරු අවස්ථාවක තමාට, රට වෙනුවෙන්, ලබන වැටුප වෙනුවෙන් කුමක් කළ හැකිද කියා.
අතීතය විමසා බැලිමේදී පසක් වෙන කාරනාව ජර්මනියේ හිට්ලර් කාටවත් නොනැමුන අහංකාර පුද්ගයෙක් බවයි. මිලිටරි බලය ඔහුගෙ විශ්වාසයයි . අවසානයේ ඔහු ජයග්‍රහණය කලා මරනය .
ඇස් නොපෙනෙන,කන් නොඇසෙන, සංවේදනා රහිත,උඩඟු කමින් පිරි,මං පොර සංකල්පයෙන් ඉදිමුන,වන්දි බට්ටයන්ගේ ප්‍රකාශ මත ක්‍රියා කරන,සාමුහික තීන්දු වලට ගරුනොකරන,ජනතාවට ආරක්ෂා කරනු වෙනුවට බිලිදෙන අයෙකුට ඉල්ලීමි ඉදිරි පත් කර පලක් වේ ද?
රට වහ ගනන්වත් බැරි ,වැඩ බැරි ආණ්ඩුව
මේ ඉල්ලීමට හෝ කන්නුදුන්නොත් පක්ෂ නායකයන් හා වෘතීය සමිති එකතුවී ජනතාව රැක ගැනීමට කටයුතු කළ යුතුයි කියලා හිතෙනවා.
ස්තුතියි ඔබට. මින් වත් පලක් වේ යැයි බලාපොරොත්තු වෙමු.
ඔක්කොම පක්ෂවලට ජනතා බලයක් නැහැ .පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා බලය ලබාගත්ත අය .මේ හඬ නැගිය යුත්තේ පොහොට්ටු සහ ශ්‍රී.ල.නි ප්‍රබලයන් .ඔවුන්ට නිහඬ වී ඉන්නට බැහැ ජනතාව මැරෙනවා
එන්නත් ගෙන්න කිවුවාම ඕනේ නැහැ කියලා අවුරුද්දක් කල් ඇරපු මහදැන මුත්තා සහ ගෝලයෝ රොත්ත දැන් වැඩේ අල උනාම බයිලා ගහනවා
ඔච්චර කියන්න ඕන නෑ. ජනතාව වෙනුවෙන් මෙය නොකරනවනම් අපි ඉල්ලා අස් වෙනවා කියා කියන්න බෑ ඕගොල්ලන්ට. එහෙම වුනාම වරප්‍රසාද නැතිවෙනවනේ. මහන්සි වෙලා 20ත් සම්මත කරලා දුන්නනේ. දැන් ඉතින් ලියුමක් ලියල පොඩි ආතල් එකක් දෙන්න.
ආණ්ඩුව රට වහන එකක් නැහැ. කොරෝනා වෙන් මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ.ජනතාව මුලු රටම වහගන්න එකයි අන්තිමට සිද්ද වෙන්නේ .
රට වැහිය යුතු බව ඇත්ත . එදිනෙදා කුලී වැඩ කකරල කීයක් හරි හොයන අයට දෙන විසඳුම මොකක්ද . රටෙහි වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ එයාල .
රට වහන්නෙ නැත්තෙ විනෝදෙට කියලයි කට්ටිය හිතාගෙන ඉන්නෙ. රට වහන්න කියන එක ලේසියි. අන්තිමට අවශ්‍ය ඔක්සිජන් ටික ගන්නවත් සල්ලි නැතිවෙයි. කොරෝනා නිසා කොයි තරම් වියදමක් ද රජයට. තම තමන් පරිස්සමෙන් කටයුතු කළ යුතුයි කවුරුත් රට වහලා පාලනය කරන්න කලින්
ආයේ මොනවා වහන්නද ? තියෙන විදියට හොඳයි
මුණසිංහ, ඒකට තමයි ආණ්ඩුවක් කියල එකක් තියෙන්නෙ. ඔය ප්රශ්නය ගොඩක් රටවලට තියෙනවා. නමුත් ඒ රටවල රජයන් ඔවුන්ට උදව් කරනවා. අපේ උන් හොරා කකා ඉන්නෙ නැතුව එහෙම කරානම් හරි. රජයට සල්ලි නැතිවුනේ යාලුවන්ට බදු සහන දීලයි සීනි බද්ද වගේ වංචා නිසයි
ලියුම දැන් පුච්චලා නළලේ ගා ගන්න කට්ටියම
මෙයාලාගේ නිකං නාඩගම් විතරයි .විපක්ෂයයි අනික් සියලු දෙනාම රට වහන්න කියනකොට එයාලට බැනලා දැන් එනවා .තොත්ත බබාලා
දහ දෙනෙක් කිව්ව පලියට රට වහන්න එපා සර්.
මේ ලියුම මෙයාලගෙම සැලසුමේ කොටසක් විතරයි. දිනෙන් දින හීනවෙන ආණ්ඩුවේ ජනප්‍රසාධය, ඒ පාර්ශවයේම ගොඩට එකතුකරගනීම තමයි මේ ලියුමේ අරමුණ. හරියටම කියනවනම් ගම්මන්පිලට එර්දිව කාරියවසම් සිදුවීම වගේ. අවසානයේ ජනතාව දැන් ඉන්න ජනාධිපතිට ඇඳලා. මේ මනුස්සයා හරිම අහංකාර, උඩඟු, උද්දච්ච, මෝහයෙන් පිරුණ පරාණයක්.
මේ 10 දෙනා අඩු ගාණේ ජනතාව පත්වෙලා ඉන්න ඉරණම ගැන සංවේදී වෙලා තියෙනවා. කෝ අනික් කට්ටිය කට අරින්න බයද? ජනතා හදගැස්ම දැනෙන්නේ නැතිද?
වැහුවොත් 5000/- ඉල්ලයි කියන බයටයි. උද්දච්ච කමයි තමයි ඉතින්.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසියයුතුයි.
අපි රාජ්‍ය සේවකයින් ලෙස වැඩ බාරගත් පසු පුහුණු කිරීමේදී කියා දුන්නා කාර්යාලයට තොරතුරු ලැබෙන ක්‍රම අතර දුරකථන මගිනුත් තොරතුරු ලැබෙනවා කියලා... අදාල අයගෙන් විස්තර අරගෙන කටයුතු කරන්න කියලා.. නමුත් වත්මනේ එහෙම ඉල්ලීමක් ලැබුණාම වගකීමෙන් බේරෙන්න නව පරපුරේ වියතුන් කියනවා ලිපියක් එවන්න කියලා. ඉතාම හදිසි දෙයක් වුණත් මේ නිසා කරන්න බැරිවෙනවා. කල් යනවා...