IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


“රට වසා නොදැමීමට තීරණය කළ අවස්ථාවේ විමල්, ගම්මන්පිල, වාසු එහි සිටියේ නැහැ’’

(ඩයනා උදයංගනී)

රට වසාදැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් එහි නොසිටි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙම තීරණය ගනු ලැබූ පසුගිය සතියේ කැබිනට් රැස්වීමට මෙම අමාත්‍යවරුන් පැමිණ සිටියත් ඔවුන් එය අවසන්වීමට පෙර පක්ෂනායක රැස්වීමක් සඳහා පිටව ගිය බව ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

එදින කැබිනට් මණ්ඩල රැස්වීම රාත්‍රී 10.10 පමණ වන තුරු පැවති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ නායක රැස්වීමක් එදින රාත්‍රී 8.00ට කැඳවා තිබූ නිසා පක්ෂ නායකයින් ද වන මෙම අමාත්‍යවරු රාත්‍රී 9.00ට පමණ ඉන් පිටව ගිය බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රට වසා නොදැමීමට අමාත්‍ය මණ්ඩලය ඒකමතික තීරණයක් ගන්නා විට ඔවුන් ඉන් පිටව ගොස් සිටි අතර රාත්‍රී කාලයේ දී අදාළ තීන්දුව එම තිදෙනාට දැනුම්දීමට හැකියාවක් නොතිබූ බව ද සඳහන් කළේය.

ඔවුන් එදින පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව රට වසා දමන්නැයයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබූ බවද ඇමතිවරයා කීවේය.

ලෝකයේ ඕනෑම සන්ධාන දේශපාලනයක් තුළ විවිධ මතගැටුම්, යෝජනා, අදහස් ක්‍රියාත්මක පවතින බව කී ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ආණ්ඩුව අභ්‍යන්තර අර්බුදයක් ගැන කතා කිරීමට තරම් ආණ්ඩුව රෝගී වී නැති බවත් එය නිරෝගී ආණ්ඩුවක් බවත් ප්‍රකාශ කළේය.

 



අදහස් (11)

“රට වසා නොදැමීමට තීරණය කළ අවස්ථාවේ විමල්, ගම්මන්පිල, වාසු එහි සිටියේ නැහැ’’

lelwala Tuesday, 24 August 2021 05:52 PM

එකට වැඩ කරන්න බැරිනම් තවත් පක්ෂයේ තියාගන්නේ නැතිව බෙරකාරයයි, නැට්ටුවෝ ටිකයි එළවා දමන්න...

:       12       20

naleen Tuesday, 24 August 2021 06:01 PM

පොහොට්ටු මාධ්‍ය ප්‍රකාශක එක සැරයක් තෙල් මිල ගැන කියල නෑවා. මේ සැරේ ලොක් ඩවුන් ගැන කියල නෑවා...

:       4       27

fairoosTuesday, 24 August 2021 08:26 PM

මේ ආණ්ඩුව ආපු දා ඉඳන් නාන එක තමයි කළේ. වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ..

:       0       2

chandana Tuesday, 24 August 2021 07:55 PM

කාවවත් එළවලා නෙවෙයි, තව තවත් අවබෝධයෙන්, ශක්තිමත්ව මේ ගමන යායුතුයි. මේ ආණ්ඩුව පත්කරගත්ත ඡන්ද දායකයින් විසින්ම රැකගත යුතුයි. විරුද්ධ සුළුතරයකට නොරැවටිය යුතුයි. ශක්තිමත් ආණ්ඩු දුර්වල කරන්න බලවේග ක්‍රියාත්මක වෙන බව ජනතාව තේරුම් ගතයුතුයි. හැබැයි සාගර මැතිතුමා දැන හෝ නොදැන කරන්නේ මහජන මතය බිඳීමක්. ඒතුමා තවමත් පරිණත නැතුව ඇති. ඒ්ත් හානිය වෙන්නේ එතුමාගේ ක්‍රියාකලාපයෙන්ම තමයි. කවුරුත් නොහිතන වෙලාවට විපක්ෂයට හොඳ ඩෑෂ් පාරක් ගහන්න එතුමා බෝලය උස්සලා දෙනවා. මේවාට රැවටිලා මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කිසියම් හෝ ඡන්ද දායකයකු සිතනවා නම් එය තමන්ගේ ගෙල තමන්ම කපා ගන්නවා වගේ වැඩක්. මතකයිනේ, සමහරු රැවටිලා පාඩම් උගන්වන්න ගෙනාපු යහපාලනේ තරම... අදටත් ඒ්වයේ විපාක නැති කරන්න බැහැ. මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න උත්සාහ කරන්න එපා. ඩලස් මැතිතුමා නියම පරිණත පිළිතුරක් දීලා තියෙන්නේ.

:       43       14

සෙනෙවිරත්න Wednesday, 25 August 2021 07:09 AM

පිළිතුරු පරිනතයි. වැඩ බිංදුවයි. රජය පත්කරගත් ඔබ ඒ ගැන සෑහෙනවද? ඔබ නොබියව කියන්න රාජපක්ෂ පවුලෙ අය, ගෑවිච්ච අය විතරද දක්ෂක? එයාලගෙන් සියලුම තනතුරු පුරවල, වෙනත් අමාත්‍යාංශ වල බල තල පවුලෙ අයට දීම හරිද කියල? ව්‍යාපාරිකකයො කීප දෙනෙකුට ඕන විදියට සියලුම දෙය සිදුවීම, රටේ වටිනා ඉඩම් විදෙස් රටවලට විකිණිම ,ඔබ පත්කරගත් රජය කරාවි කියල හිතුවද? මේ රටේ ප්‍රශ්න යට ගහන නාට්‍යයක් බව තේරෙන්නෙ නැද්ද? ඔබ තවමත් මේ පවුල ලෝකෙට ණය වෙලා නිස්කාර ව්‍යාපෘති වලට මුදල් යෙදවීමෙන් මෙම ව්‍යසනය උදාවූ බව පිළිගන්නෙ නැද්ද?

:       0       5

naushiWednesday, 25 August 2021 10:46 AM

චන්දන මහත්මයා උපරිම ලෙස කඩේ යන බවක් පෙනෙයි

:       0       1

Sri Lanka Tuesday, 24 August 2021 08:05 PM

කවුරු කවුරුත් දැන් තීරණ ගන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරලා. රට බල්ලට ගියත් වැඩක් නැහැ... ඒකයි කොරෝනා ඉවර කරන්නේ නැත්තේ?

:       4       30

Dharmatileke Wednesday, 25 August 2021 09:18 AM

බල්ලන්ට නිග්‍රහ කරන්න එපා.

:       0       5

de silva Tuesday, 24 August 2021 11:56 PM

සාගර කියනවා අත ඉස්සුවා කියලා ඩලස් කියනවා හිටියේ නැහැ කියලා කවුද බොරු කියන්නේ.?

:       0       5

kamal Wednesday, 25 August 2021 08:31 AM

ඒකනේ කියන්නේ. ඒගොල්ලෝ හිටියේ නැහැනේ. හිටියනම් අත උස්සන්නේ නැහැනේ.

:       0       5

රඟහල Wednesday, 25 August 2021 09:01 PM

මොන තරම් පැනි බිව්වත්, මුට්ටි දැම්මත්, රටට විකාරයක් වුනත් සර් තරහ ගන්නෙ නෑ, විරුද්ධ මත ප්‍රකාශ නොකරන තාක්. මහින්ද මහත්තයගෙ පැසුනු බුද්ධිය නැත්තං මේවගෙ ප්‍රශ්නවලට උත්තර හොයන්න අමාරු වෙනවා. ඉක්මන් කොටයි කියන්නෙ ඒකයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 22 දා
2025 ජනවාරි මස 19 25 0

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 22 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


ඔට්ටු මධ්‍යස්ථානවලින් රුපියල් කෝටි 262 ක බදු පොල්ලක්
2025 ජනවාරි මස 19 40 0

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නො


රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි
2025 ජනවාරි මස 18 250 0

වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ


ඌවපරනගම මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
2025 ජනවාරි මස 18 181 0

පවතින අධික වර්ෂාවත් සමඟ ඌවපරනගම අඹගස්දොව රේන්දපොල මාර්ගයේ මාගා ගල්වල අසලදී අද (18) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව


ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි
2025 ජනවාරි මස 18 579 0

වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල්


ගාල්ලේ ප්ලාස්ටික් අලෙවිසලක ගින්නක්
2025 ජනවාරි මස 18 487 0

ගාල්ල තනි පොල් ගහ හන්දිය ප්‍රදේශයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය අලවි වෙළඳ සැලක ගින්නක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 354 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 592 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site