IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය ප්‍රායෝගිකයි

 

(සුජිත් හේවාජුලිගේ )

රජය රට  තවත් දින දහයක් වසා තැබීමට  ගත් තීරණය බොහෝ ප්‍රායෝගික යැයි  රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

මේ ආකාරයට සංචරණ සීමා ක්‍රියාත්මක කළහොත් රටට ලබන නොවැම්බර් මාසය වනවිට   යම් සැනසිලිදායි  තත්වයක්  උදා වනු ඇතැයි  තමා විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ්  ආසාදිතයන් වාර්තාවීම එක්දහස් පන් සියයක  සීමාවට  ළඟාවූ පසු  රට යම් මට්ටමකට  විවෘත  කළ හැකි බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ  මහාචාර්යවරයා එවැනි  ආසාදිතයන් සංඛ්‍යාවක් රෝහල් පද්ධතියට  දරාගැනීම අපහසු නොවනු ඇතැයිද  පැවසුවේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරේදී  එන්නත්කරණය  කඩිනම් කළ යුතු බවත්  එන්නත  ජනගහනයෙන් සියයට අසූවක පමණ  පිරිසකට ලබා දෙන තුරු  සංචරණ සීමා යම් යම් මට්ටම්වලින් පවත්වා ගැනීම ඉතා වැදගත් බවත්   අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ‍ය.

එසේම රට විවෘත කිරීමට කලින්  ප්‍රායෝගික  සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්  හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව පැවසූ  මහාචාර්යවරයා සෞඛ්‍ය අංශ ඒ සඳහා  මේ මොහොතේ සිටම ක්‍රියාත්මක විය යුතු බවද   පැවසුවේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය  නිසා  එන්නත්කරණය  මෙසේ වේගවත්  කිරීමට සිදුවී ඇති බවත් රටේ රංචු ප්‍රතිශක්තියක්  ඇතිවන තුරු එන්නත්කරණ  වැඩපිළිවෙළ  අඛණ්ඩවම සිදු කිරීම  ඉතා වැදගත් බවත්  ඔහු වැඩිදුරටත් කීවේය. 



අදහස් (8)

රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය ප්‍රායෝගිකයි

gunarathna Friday, 17 September 2021 08:20 PM

රටේ ජනතාවට ගරු කරන්න ඕනේ... ගිය වතාවේ එක එක දේශපාලකයන්ගේ වුවමනාවට කන්න නැහැ කියලා, බඩු ගන්න බැහැ කියලා මිනිස්සුන්ව එළියට බැස්සුවා. නමුත් මේ වතාවේ එහෙම කිසිම පුද්ගලයෙක් උද්ඝෝෂණය කෙරුවේ නැහැ. ඒක නිසා තමයි මේ විදිහට රජයට පහසු වෙලා තියෙන්නේ ඇඳිරි නීතිය දික්කරන්න.

:       13       13

Sriland Friday, 17 September 2021 09:29 PM

කොරෝනා කවදාවත් ඉවර වෙන්නෑ... බොරුව කවදා හරි ඉවරවෙයි.. කීපදෙනෙක් එකතුවෙලා ගන්න තීරණ හරිද වැරැදිද කියලා ජනතාවගෙන් අහලා බලන්න.

:       19       7

[email protected] Friday, 17 September 2021 10:35 PM

බලන් ඉන්නකෝ අඩුවේද කියලා? අද අරක්කු කොරෝනා පොකුරක් ඇති වුණා.. මේකේ ප්‍රතිඵල එන්නේ ලබන ඔක්තෝම්බර් 01 වෙනිදායින් පස්සේ... දෙසැම්බර් වෙනකොට ආසාධිතයින් වැඩි වෙනවා එතකොට නැවත රට වහමු...

:       4       9

රශ්මි Friday, 17 September 2021 11:15 PM

බාර් ඇරලා, රටේ පිරිමි ටික අසිහියෙන් පොරකනවා මහාචාර්යතුමාට පෙනුනෙ නැද්ද?

:       2       8

ලලිත් අම්බලන්ගොඩගේ Saturday, 18 September 2021 06:51 AM

ජනතාවගේ බුද්ධි මට්ටම බාර් පොලිම් වලින් දැක්කා. ජනතාව හදන තුරු කිසිදාක මේ රට හදන්න බැහැ. මිනිසා සාදා රට හදමු කියල මඩිහේ හිමි කීවා. මෝඩ මිනිස්සු නිසා දේශපාලකයෝ දූෂිත වැඩ කරනවා. ඉතිං ලංකාවෙ බහුතරයක් දෙනාගෙ බුද්ධි මට්ටම ඊයේ බාර පොලිම් වලින් දැක්කා. අම්බලන්ගොඩට එකම අඩුපාඩුවක්ව තිබුණු අම්බලන්ගොඩ වයින් ස්ටෝර්ස් එක ඉදිරිපිට පාරේ අඩුම තරමින් 2000ක වත් ජනතාව පොර කකා හිටියා. මොකක්ද මේ රට. රට වැහුවට පන්දාහ ගානෙ මොකට දෙන්නද. තමන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනයට රුපියල් 100 ක් වියදම් කරන්නෙ බොහොම අමාරුවෙන්. කවදාවත්ම මේ රට හදන්න බැහැ.

:       0       1

සෝමසිරි Saturday, 18 September 2021 07:11 AM

සුරාවෙන් මිලියන ගනන් පාඩුයි කියලා බාර් ඇරලා බේබද්දො පෝලිමේ පොරකාගෙන අරක්කු ගන්නවා නමුත් අපේ නගරයේ ආහාර ද්‍රව්‍ය ගන්නවත් මිනිස්සුන්ට ඉඩ දෙන්නෙ නැහැ

:       0       0

Prasanna Saturday, 18 September 2021 08:00 AM

රට ඇරලද? වහලද? ඇත්තටම මොනවද තව අරින්න තියෙන්නේ..?

:       1       0

සිරි Saturday, 18 September 2021 08:09 AM

වැහුවට වැඩක් නැහැ සංචරණ සීමා හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම්. නොයෙක් හේතු කියාගෙන මිනිස්සු හිතේ හැටියට එහෙ මෙහෙ යනවා. ප්‍රාණ බය තියෙන ටික දෙනෙක් පමණක් ගෙවල් වලට කොටුවෙලා ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 873 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site