IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


රටේ තිබෙනවාට වඩා අධ්‍යාපන අවස්ථා බිහිකළ යුතුයි - මහාචාර්ය සම්පත් අමරතුංග

(හර්ෂණ තුෂාර සිල්වා)

වර්තමානයේ තිබෙනවාට වඩා වැඩියෙන් මෙරට තුළ අධ්‍යාපන අවස්ථා බිහි කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (18) පැවැසීය.

ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය යැයි ද මහාචාර්යවරයා කීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ ‘කොළඹ ගුවන් සම්මන්ත්‍රණයේ’ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඒ බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

එහිදි අදහස් දැක්වූ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ ද කීය.

       “ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එය රටට හොඳ දෙයක් නෙමෙයි. එය ජාත්‍යන්තර දර්ශකවල සටහන් වෙනවා. එය එක් ක්ෂේත්‍රයක ප්‍රශ්නයක් නෙමෙයි. එය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අපිට තවත් වෛද්‍ය පීඨ අවශ්‍යයි. අපිට තවත් ඉංජිනේරු පීඨ අවශ්‍යයි.

අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් ආරම්භ කළා. මා එයට ලොව පුරා සේවය කළ ආචාර්යවරුන් 20 දෙනෙක් සම්බන්ධ කරගත්තා. ඔවුන් සම්මුඛ සාකච්ඡාවලට ලංකාවට එන්නේ නැහැ. මා ඔවුන් සම්මුඛ සාකච්ඡාවට ලක් කළේ ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ. ඉන් අනතුරුව මම ඔවුන්ගේ පත්වීම් ලිපි යැවුවා. ඉන් අනතුරුවයි ඔවුන් ලංකාවට පැමිණියේ. අපිට මිනිස්සු ඉන්නවා. එහෙත් අපි මානව සම්පත යොදාගන්න දන්නේ නැහැ. අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ.

ද්විතීය අධ්‍යාපනය ගත්තාම අපි ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. උසස් අධ්‍යාපන ප්‍රවේශය ලබන්නේ සියයට 2ක් පමණයි. අධ්‍යාපනය ලබන පිරිස, උපාධි පාඨමාලාවලට සම්බන්ධ වන පිරිස ගැන අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ.

සංඛ්‍යා දත්ත, කරුණු මේ සියල්ල තිබෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තාම අපි ඉන්නේ හොඳ තැනක නෙමෙයි. මොකද අපි මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. අපිට තවත් විශ්ව විද්‍යාල අවශ්‍යයි. අපිට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. අපට අන්තර්ජාලය ඔස්සේ පවත්වන පාඨමාලා අවශ්‍යයි. අප මිනිස්සුන්ට අධ්‍යාපනය ලබාදෙන්න ඕනේ.

අපේ සාක්ෂාරතාව හොඳයි. එහෙත් පරිගණක සාක්ෂරතාව ගත්තාම එය හොඳ නැහැ. අපේ අන්තර්ජාලය භාවිත කරන පිරිසගේ සංඛ්‍යාව බලන්න. අද වෙළෙඳපොළ එයයි. එයයි අපේ වෙළෙඳපොළ. ලෝකයේ අන්තර්ජාලය භාවිත පිරිසකගෙන් සියයට 50කට ආසන්න පිරිසක් ඉන්නේ ආසියාවේ. 

ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. අධ්‍යාපනයට කරන වියදම දෙස බැලුවාම අපි ඉන්නේ ඉතාම පහළ තැනක. අනෙක් රටවල් සැලකිල්ලට ගත්තාම අප සැලකිල්ලටවත් ගෙන නැහැ. අපි අධ්‍යාපනයට කරන වියදම ඒ තරම් පහළ අගයක තියෙන්නේ.

නවෝත්පාදනය ගත්තාම අපේ රටේ නවෝත්පාදන නොවෙන තරම්. බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය නවෝත්පාදන අතරින් ඉදිරියෙන් ඉන්නවා. අපේ රට වසරකට පේටන්ට් බලපත්‍ර ගන්නේ 200යි. එය දහස ඉක්ම විය යුතුයි. ඒ නිසා අපි මීට වඩා වැඩි අවධානයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

අපේ උපතේදී ආයු අපේක්ෂව අනෙක් රටවල් හා සැසඳීමේදී ඉහළ ගොස් තිබෙනවා. අපි සංවර්ධිත රටවල මට්ටමට පැමිණ තිබෙනවා. අපි එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව මෙන්ම අනෙක් රටවල මට්ටමට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව යනු සෞභාග්‍යය තිබෙන සෞභාග්‍යය උදා කරගත හැකි රටක්. අපට ප්‍රමාණවත් මිනිස්සු ඉන්නවා. ප්‍රමාණවත් සම්පත් තිබෙනවා. අපි එය තේරුම් ගත යුතුයි. වරද තිබෙන්නේ අපි හිතන විදියේ. අපට ප්‍රමාණවත් මාර්ග තිබෙනවා. එහෙත් අපි නිසි පරිදි ධාවනය කරන්නේ නැහැ. අපට ප්‍රමාණවත් පාසල් සංඛ්‍යාවක් තිබෙනවා.

එහෙත් මිනිස්සු ඉගෙන ගන්නේ  නැහැ. ඇතැම් අය පස්වරුවේ ටියුෂන් යනවා. අපට සම්පත් තිබුණත් ඒවායෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. විශ්ව විද්‍යාල සිසුන් අනෙක් විශ්ව විද්‍යාල වසන්නැයි ඉල්ලනවා. අනවශ්‍ය දේ ඉල්ලනවා. 

අපේ දර්ශක හොඳයි. අපි නරකම නැහැ. අපි ඇතැම් ක්ෂේත්‍රවලින් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා.

අප ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා. කෙසේ නමුත් අපට ඉදිරි ගමනක් තිබෙනවා. අප අපේ හැකියාවන් අපට පුළුවන් දේ තේරුම් ගන්න ඕනේ. අපි අපේ දුර්වලතා වගේම ශක්තීන් හඳුනා ගන්න ඕනේ. අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ.

අපි ඉන්නේ චක්‍රයක. උස් පහත් වීම් සිදුවෙනවා. අතීතයේ ලෝකයේ ආර්ථිකය පාලනය කළේ ඉන්දියාව සහ චීනයයි. දැන නැවත එය සිදුවෙමින් තිබෙනවා.

අපි නවෝත්පාදන කළ යුතුයි. අපි පර්යේෂණ හා සංවර්ධන කළ යුතුයි. අද ලෝකයේ නවෝත්පාදනයට, පර්යේෂණ හා සංවර්ධනයට ඉතා වැදගත් තැනක් හිමි ව තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කළ යුතුයි”.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ (පුහුණු) එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්.එස්.කේ.එස්.පී. වීරසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමරු තිළිණ ද පිළිගැන්වීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, නාවුක හමුදාපති රියාර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, දෙස් විදෙස් ආරක්ෂක උපදේශකයන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (6)

රටේ තිබෙනවාට වඩා අධ්‍යාපන අවස්ථා බිහිකළ යුතුයි - මහාචාර්ය සම්පත් අමරතුංග

kalpa Thursday, 18 October 2018 01:25 PM

මහාචාර්යතුමනි ඔබතුමා කියනදෙය ඉතාම නිවැරදියි. නමුත් ලංකා දේශපාලනයේ සිටින අයට අවශ්‍ය වෙන්නේ කිසිවක් කල්පනා නොකර කතිරය ගහන පිරිසක්. ජන්ද දායකයා නැනවත් වුනොත් ඔවුන්ට පැවැත්මක් නැහැ. එනිසා ඔවුන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට අකමැතියි.

:       0       0

gajath pathirathne Thursday, 18 October 2018 06:43 PM

ඔබ ශ්‍රී ලාංකීය ජනතාවගේ සිතුවිලි හා ආකල්ප නිවැරදි දිසාවට යොමු කිරීම සදහා දරන බුද්ධිමත් ප්‍රයත්නයට මගේ උණුසුම් සුබ පැතුම් !!!

:       0       2

Sampath Thursday, 18 October 2018 07:18 PM

ජපුර BSc බාහිර ව්‍යාපාර උපාධියට බඳවා ගන්න එකත් නවත්තලානේ. ඉතින් කොහොමද අධ්‍යාපන අවස්ථා ඇති කරන්නේ.

:       0       18

laksnman Friday, 19 October 2018 01:55 AM

ඔබතුමාගේ අදහස සම්පූර්ණයෙන්ම ඇත්ත. අපේ රටේ දරුවන් විශාල ලෙස විදෙස් අධ්‍යාපනයට යනවා. එයින් එම රටවල් විශාල ලෙස විදේශ විනිමය උපයනවා. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකලොත් එම රටවලට ලැබෙන විනිමය අඩුවෙනවා. එ්නිසා ත්‍රිරෝද දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන හරහා පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමට බාධා කරනවා. ඒ වාගේම එසේ වුනොත් ත්‍රීවීල් දේශපාලන පක්ෂවල පැවැත්මද නැතිවෙන නිසා ඔවුනුත් ඒවාට විරුද්ධ වෙනවා. එනිසා ඔබතුමාගෙ අදහස හොඳ වුනත් ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා.

:       29       3

රවින් Friday, 19 October 2018 02:45 AM

හොඳ අදහසක්. ඉස්ස ඉස්සෙල්ලම ත්‍රිවිල් ගෙන්වීම නතර කරන්න. එතකොට තරුණ ළමයි දැනට රට තුළ තියන ත්‍රිවිල් හදන්න පුරුදුවෙයි. එක තමා මුල. කාර්මික පැත්තට බර කරන එක. ගොවි මහතුන් කි දෙනෙකු ශ්‍රම හීනතාවය නිසා යන්ත්‍රෝපකරණ භාවිතා කරනවාද? ඒවායේ නඩත්තු කටයුතු සඳහා කාර්මිකයින්? රථ වාහන කොපමණ තිබෙනවාද? මේ ක්‍රියාවලියත් සමගින් තාක්ෂණය ඉබේම රට තුළට ඇදෙනවා.

:       0       5

rocky Saturday, 20 October 2018 03:32 AM

පළමුවෙන්ම අපේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ගේ ඒකාධිකාරය නැති කළයුතුයි. එමෙන්ම මේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් කරන්නේ විරැකියාව සංවර්ධනය කිරීම පමණයි. සැබෑ උගතුන් බිහිවන බවක් පෙනෙන්නේ නැහැ. ගුණදාස අමරසේකර මහත්තයා වරක් කීවා වගේ මේ විශ්ව විද්‍යාල රොත්තම වසාදැමිය යුතුයි. එ්කෙන් මේ රටට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට
2025 ජනවාරි මස 16 88 0

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පි


බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට
2025 ජනවාරි මස 16 88 0

තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි.


විදුලි බිල පහතට
2025 ජනවාරි මස 16 468 0

විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (16) විදුලිය ගාස්තු පහත දැ


පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්
2025 ජනවාරි මස 16 176 0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හි


ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්
2025 ජනවාරි මස 16 145 0

ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.


මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා
2025 ජනවාරි මස 16 775 0

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 292 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 573 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 317 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site