IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘‘රට කුඩු - කසළ මධ්‍යස්ථානයක් වු‍ණේ ඍජු වැඩපිළිවෙලක් නැති නිසයි‘‘

(ඩයනා උදයංගනී)

වාණිජ, නාවුක හා ගුවන් මධ්‍යස්ථානයක් කරගෙන තිබූ රට කුඩු හා කසළ මධ්‍යස්ථානක් බවට පරිවර්තනය වී ඇත්තේ රටට ප‍්‍රතිපත්තියක් හා ඍජු වැඩපිළිවෙලක් නැතිකම නිසා යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

වැදගත් භූගෝලීය පිහිටීම අනුව වරායවල් හා ගුවන්තොටුපල ගොඩගත හැකි රට මත් කුඩු ගේන මධ්‍යස්ථානයක් බවට ලංකාවේ මේ භූගෝලීය පිහිටීම මත්කුඩු හා කසල ගෙන්වන මධ්‍යස්ථානයක් වී තිබීම කණගාටුවක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ සාලාව යුද හමුදා කඳවුර පිපිරීමෙන් හානි වූ ව්‍යාපාරික ස්ථාන සඳහා රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකළ නව වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ 2013 දී සම්මත කළ පනතක් මහින්ද රාජපක්ෂ මගින් විදේශ රටවලින් භාණ්ඩ ගෙනවිත් නැවත පිටරටට යවන ක‍්‍රමවේදයක් ඇතිකළ බව කී ඇමතිවරයා දැන් ඒ පනත මගින් විදේශ රටවල රෝහල්වලින් ඉවත් කළ කුණු කසල ඇතුළු පරිහරණය කරන ලද භාණ්ඩ අතිවිශාල ප‍්‍රමාණයක් ලංකාවට ගෙනවිත් තිබෙන බව ද කීවේය.

කැනඩාව, මැලේසියාව, චීනය වැනි රටවලටද මෙලෙස යැවූ කුණු ඔවුන් ආපසු හරවා යැවූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (2)

‘‘රට කුඩු - කසළ මධ්‍යස්ථානයක් වු‍ණේ ඍජු වැඩපිළිවෙලක් නැති නිසයි‘‘

Mahee Wednesday, 31 July 2019 12:49 AM

හා හා බලාගෙන, තව මාස 3ක් ඇමතිකම් කරන්න තියෙන බව අමතක කරන්න එපා...

:       0       0

රවින් Wednesday, 31 July 2019 02:24 AM

මේ රටේ කිසිම වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක වීමට බැරිවෙන්නේ දූෂිත දේශපාලකයින් හින්දා වග අමතක වෙලා වගේ? නීති හැදුවොත් ඒවා ඉස්ස ඉස්සෙල්ලාම කඩන්නේ කවුද? නීතියට යටින් ඇඟිලි ගසන්නේ කවුද? අඩුම ගානේ අරයා වගේ පත්තරෙන් වත් බලලා ඉගෙන ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site