
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවකයින් සඳහා තව වර්ෂයක් යනතුරු රජයට තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ 2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවකදීය.
ඔහු එම ප්රවෘත්ති සාකච්ඡාවේදී මෙසේද සඳහන් කළේය.
"මං හිතන්නේ තව දුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නැහැ .අපි අවංකවම පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපට බරක්.මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නැහැ.වගකීමෙන් කියනවා නම් රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට හැකියාවක් නැහැ .නමුත් වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම ගන්වන වයස් සීමාව 65 කළාම බර අඩුවෙයි...
ඩිජිටල්කරණය තුළින් රජයේ සේවක සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කළ හැකියි. කොහොමත් වැඩි දෙනෙක් අයිස් කඳන්..
අත්‍යාවශ්‍යම සේවා සඳහා සුදුසුම කිහිප දෙනා යොදවා දැනට කාර්යක්ෂම භාවය නොමැති තනතුරු ඉවත් කිරීමේ වරදක් නැත. මෙම ඉවත් කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ යුතුයි. මෙයට විශේෂ අධිකරණ කටයුතු සඳහා කෙනෙකුට යොමුවීමටද පහසුකම් තිබිය යුතුයි. මොකද කිව්වොත් හැම රජයේ කාර්යාලවලම කිහිප දෙනෙක් මැරීගෙන වැඩ කරනවිට සමහර අය කෑම පාර්සලය සහ උණුවතුර බෝතල් අතැතිව බොහෝ කාලයක් මිඩංගු කරන අතර ජනතාව රස්තියාදු කිරීමට අති දක්ෂයි...
ඕක රනිල් කියනකොට එකඑක සංගම් ලවා විරෝධතා කෙරෙව්වේ කවුද අපි අධ්‍යාපන සුදුසුකම් නැතුව ලක්ෂයකට රැකියා දෙනවා කිව්වේ කවුද දැන් ඔය පළිගැනීම්වලට කියලා කරන්නේ මොකක්ද?
රාජ්‍ය සේවයට වඩා බරක් නොවෙයිද මේ වෙනත් ආයතන හා මණ්ඩල.. රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියෙකුට දෙන වැටුප වගේ දහගුණයකටත් වඩා වැටුපක් ගන්න සේවකයින් මේ ආයතනවල ඉන්නවා..මේ පුවතින්ම බලන්න ආයෝජන මණ්ඩලයේ 7 දෙනෙකුටය ගෙවන වැටුප කීයද කියලා..
මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමට, මතක නැද්ද රක්ෂා දහස් ගණනක් දුන්නා? පත්වීම දෙන්න කලින් ඔවුන්ට රාජකාරි තිබෙනවාද කියල බැලුවද? එමගින් තවත් බර කළා නේද?
සහතික ඇත්ත... රාජ්‍ය සේවයේ 2/3ක් පින්පඩි කායින්.. උනන්දුවෙන් වැඩ කරන සුළු පිරිස නිසා තමයි ආයතන දුවන්නේ...
ඔබට සතුටුයිද දැන්? එන්න කිරිබත් කමු...
රාජ්‍ය සේවය බරක් නම් සේවා කාලය 65 දක්වා වැඩිකලේ ඇයි? විශ්‍රාම යාමෙන් ඇතිවන පුරප්පාඩු පුරවනවා කිව්වට සේවා කාලය 65 කළ නිසා තවත් අවුරුදු පහකට පුරප්පාඩු ඇතිවෙන්නේ නැහැ.. වත්මනේ රැකියා අපේක්ෂා කරන තරුණයින්ට අබ සරණයි. නැවතත් තරුණ කැරලි ඇති නොවේවා.. රජයේ සේවය රටට බර වැඩිනම් කැමති කෙනෙකුට විශ්‍රාම ගන්න සලස්වන ක්‍රමයක් ඇතිකළ නොහැක්කේ ඇයි? මමත් විශ්‍රාම ගත් අයෙක්... විශ්‍රාම ගැනීමට පසුව තමා තවත් කලින් විශ්‍රාම නොගැනීමේ පාඩුව දැක්කේ. එකම දෙයකට වහල්ව නොසිටින ඕනෑම කෙනෙකුට කලින් විශ්‍රාම ගැනීම ප්‍රයෝජනයක් වෙනවා...
උපන් දා ඉඳලා රජයේ වියදමින් උගන්වලා, සරසවියටත් අරන්, ඒකෙන් අයින්වුණාම රජයේ රැකියා ඉල්ලා හිඟාකන කල්ලිය. ඡන්ද ගන්න රජයේ රැකියාවලට වැඩකට නැති පිරිසක් අැතුල් කරගන්න දේශපාලනය කරන හොරුන් රාජ්‍ය සේවයම රටට බරක් කරා. දැන් පඩි ගෙවා ගන්න බදු ගහනවා.. සල්ලි අච්චු ගහනවා...
අල්ලපු මෙසේ තියන ෆයිල් එක ළඟ තියන මෙසේ උඩින් තියන්නත් පාගා දෙන්න සිද්ද වෙන රාජ්‍ය සේවයක් තමා මෙහෙ තියෙන්නේ... තමන්ගේ කොට්ඨාශයේ ඉන්න ඡන්දෙ දුන්නු මිනිස්සු සතුටු කරන්න රස්සා දීලා අද තෙල් සංස්ථා, වරාය, ලංගම, ප්‍රා.ලේකම් කාර්යාල, දුම්රිය, රෝහල් වගේ තැන්වල කී දෙනෙක් ඉන්නවාද කියලා බලන්න... කිසිවැඩක් නොකර පඩි ගන්න.. මේක දැන්වත් කරන එක හොඳයි. මොකද IMF ලෝන් එක ගන්න කොන්දේසියක් තමයි මේක...
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මිනිසුන්ගේ වැටුප් බලන්න. ඔවුන්ගේ වැටුප් දැකීමෙන් මුළු රටම පුදුමයට පත්වනු ඇත. සාමාන්‍යයෙන් එක් අයෙකු මාසික දීමනා වශයෙන් රුපියල් 250,000ක් පමණ උපයයි..! එය රජයේ මාසික වැටුපට සහ සාමාන්‍ය ජීවන වියදම් දීමනාවලට අමතරවයි...
රාජ්‍ය සේවය බරක් නොවී තියේවිද? ඡන්දෙට වැඩකරපු හැත්ත බුරුත්ත බුරුතු පිටින් දාලා ඇඟිල්ලක් ගහන්න බැරිවෙන්න පිරෙව්වාම.. කොයි රජය කළේත් මේකම තමයි. ඒ වගේම පාර්ලිමේන්තුවත් රටට විශාල බරක්. රටේ ජනතාව හිඟාකකා දේශපාලකයින්ට සුරලෝක මවා දෙනවා...
අපිට බරක් වුණේ නුඹලා 225 තමයි බං...
ඇත්ත. ලංකාවේ වගේ තරම් රාජ්‍ය සේවකයින් ඉන්න එහෙත් අකාර්යක්ෂම සේවයක් ඇති එකම රට වෙන්න ඇති. මේක ලංකාවේම ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. මේ ක්‍රමය ඇත්තටම වෙනස් කරන්න ඕනෑ.
ලෝකයේ කිසිම රටක නැති පවුලේ ආණ්ඩුවත්, මෙගා මැති ඇමති මණ්ඩලයත් රටටම බරක්?
පළාත් සභාවයි, අසිමිත ඇමති මණ්ඩලයයි තරම් වෙන කිසිවක් බර නැහැ. ඒ වගේම පාර්ලිමේන්තු මන්තිවරුන්ගෙ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරින්ගෙ පවුල් පිටින් නඩත්තු කරන්න වෙලා තියෙන්නෙත් අසරණ මහ ජනතාවට. ඉස්සෙල්ලම ඒ බර සැහැල්ලු කරන්න.
රජයේ සේවය රටට බරක් කියනකොට ඒ සමගම අනවශ්‍ය වියදම් කිරීමද පෙන්නන්න පුළුවන් ඇත්තටම ළමා නිවාස වැඩිහිටි නිවාස විවිධ පුද්ගලයින් ආරම්භ කරන්නෙ පුන්‍ය කටයුතු කියලා වුනත් පරමාර්ථය ආදායම් ලැබීම ඉතින් මේවා අධීක්ෂණය වරදක් නැතත් ඒවා නඩත්තු කිරීමට රජය වැය කරන්නෙ ඇයි. ළමයින් හෝ වැඩිහිටියන් හතර පස්දෙනෙකු සිටියත් රජයේ වාහන කීපයක් යොදාගෙන නිළධාරින් හතක් අටක් නිවාඩු දිනවල කරන අධීක්ෂණ මොනවාද දින වැටුප් අතිකාල ගමන් වියදම් ඉන්ධන කොපමණ වැය වෙනවාද මේවත් රටට බරක් නැද්ද මේවා පළාත් සභා නිසා ඇතිවුණු අනවශ්‍ය වියදම්.
ආයෝජන මණ්ඩලේ මිලියන ගණන් වලින් වැටුප් ලබන හෙන්චයියන් ටික රටට බරක් නොවෙයිද.?
රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ කාලය දිගු කිරීම දෙආකාරයක ආර්ථිකමය ප්‍රති විපාක ගෙන දෙන්නක්. අවුරුදු 25ක් වයසකින් සේවයට එන අයකු පාලම් වසර කිහිපය තම සේවාවට හුරු වීමට ගත කල පසු වසර 20-30 සේවයකින් පසු විශ්‍රාම ගනී. දැනට ලංකාවේ සාමාන්‍ය ආයු කාලය වසර 87 කි. ඒ අනුව වසර 25-30ක් සේවය වෙනුවෙන්, එම පුද්ගලයා විශ්‍රාම ගිය පසු, සිය දක්ෂතාවයෙන් තොර, බදු මුදල ගෙවන්නගේ අනුග්‍රහයෙන් තවත් අවුරුදු 30-40 වැටුපක් ලබයි. අඩුම තරමින්, ඔහුනට වැඩකළ හැකි වයස 60-65 දක්වා හෝ සේවය ලබා ගන්නේනම්, එම පිරිවැය දරා, ඔහුන්ගේ සේවය ලබා ගත හැකියි.
රජයේ සේවකයො කියන්නෙ තනිකරම පිං පඩි කාරයො.. වැඩක් කරගන්න ගියාම ගෑස් බලන්න ඕනේ. පැය ගනන් රස්තියාදු කරවලා තමා අපේ වැඩේ කරලා දෙන්නෙ. එහෙමත් නැත්තං එක වැඩේට දවස් තුන හතරක් යන්න ඕනේ. මම නම් කියන්නෙ ඔය තියෙන වරප්‍රසාද , දීමනා හැම දෙයක්ම කපන්න ඔනේ... පෙන්ශන් එකත් නැති කරන්න ඕනේ. වැඩ වේලාව උදේ 7.30 - හවස 6.30වත් කරන්න ඕනේ.