(නිමල කොඩිතුවක්කු)
පුද්ගලයන් 34 දෙනෙකු ඝාතනය වී බිලියන ගණනක පාඩුවක් සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාම සම්බන්ධයෙන් එක් අයකුටවත් දඬුවමක් ලබා දීමට නොහැකි වීම පිළිබඳ රජයක් ලෙස ලැජ්ජා විය යුතුව ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මුතුරාජවෙල ඇතුළු රට පුරා 300 කට අධික කසළ කඳු අද ගොඩගැසෙමින් ඇති බවත් මේ සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවන බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, මීතොටමුල්ල නාගරික උද්‍යානයේ සමාරම්භය සහ රුක් රෝපණ වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘මීතොටමුල්ල කසල කන්ද නාය ගිහින් සිදු වූ ඛේදවාචකය පිළිබඳව සිදු කළ සාකච්ඡාවට මේ කසළ කන්දෙන් හම්බකරගත් අය, කසළ කන්දට කුණු ගෙනවිත් දාන අය, ඒවට වගකියන්න ඕනේ. මැතිවරණයේදී මේ කසළ කන්ද ඉවත් කරනවා කියලා ඡන්ද ගත් අය කවුරුවත් හිටියේ නැහැ. අන්තිමට කසළ කන්ද යුද හමුදාවත් සමඟ තාවකාලිකව පාලනය කරන්න අපි බාරගත්තා.
මෙය නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක්. මේ ඉඩම සංවර්ධනය කර විකුණුවා නම් මිලියන දෙතුන් දාහක් නාගරික සංවර්ධන අධිකාරියට සොයා ගැනීමට හැකිව තිබුණා. කොළඹ නගර සභාව සහ අනෙකුත් අය මෙතනට කසළ ගෙනවිත් දාලා එම ඉඩම සම්පූර්ණයෙන් විනාශ කළා. ඒ අය ඒ වෙනුවෙන් අද වෙනකං සත පහක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙව්වේ නැහැ.
මේ කන්ද කළමනාකරණය කරනවා කියලා කෝටි ගණන් ධනය වැය කළා. හැබැයි කන්දේ කිසිම කළමනාකරණයක් නොතිබිච්ච බව කන්ද කඩා වැටීමෙන් පෙනුණා. ඒ සල්ලි ගියේ කාගේ සාක්කුවට ද කියන එක මේ කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ ඉදිරිපත් වූ විනිසුරු නානායක්කාර මහත්මයාගේ වාර්තාවේ තිබෙනවා.
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 34 දෙනෙක් ඝාතනය වෙලා බිලියන ගණනක ව්‍යසනයක් මේ ඉඩමට කරලා, වාර්තාවක් නිකුත් වෙලා තිබෙනවා තවමත් එක් අයෙකුටවත් දඬුවමක් දෙන්න බැරිවෙලා තිබෙනවා. මේ ගැන ඇත්තටම අපි ලැජ්ජා විය යුතුයි.
නගර සභාව පාලනය කරන අයවත්, පළාත් සභාවවත්, පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයවත් මේ ගැන වගකියන කිසිම ආයතනයක් මෙහි වගකීම බාර ගත්තේ නැහැ. ඒ ගැන අපි කනගාටුවෙනවා ” යැයි ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යපෘතිය අවුරුදු ගානක් ප්‍රමාද කරල ඒවා සැලසුම් කරපු යටත් බනිනවා
මෙයා හොඳයි ලී වල පාට ගාන්ට.
dias මයා, ඔබ අදහස් කලේ මේ ගොයියා වඩාත් සුදුසු ලොකු බාස්ට අත් වැඩ සඳහා ගෝලයා හැටියටද? නැත්නම්...
මෙයා මෙච්චර කල් ඇමතියෙක් හැටියට හිටියේ අල්ලපු රටේ හරක් ගාලේ වෙන්න ඇති. එන්න එන්න ගමබිම් බලා ආදරයෙන් සාදරයෙන්..., මගබලා ඉන්නවා පල්දෝරු බාල්දි සමගින් පිළිගැනුමට අපේ පණ්ඩිත හිඟන්නන්...
අැයි ඔයාත් රජයේනේ... ඉතින් ඉල්ලා අස්වෙන්න.
ඔයා ඔය ඇඟිල්ල දිගුකරන කොට ඇඟිලි හතරක් ඔයාගේ පැත්තට නේද? අැයි ඔයාත් රජයේනේ..? ඉතින් ඉල්ලා අස්වෙන්නකෝ... සිනමා නොකර... ජනාධිපති පොදු අපේක්ෂකයා වෙන්න රඟපානවා වගෙයි.
ඇත්ත.. අන්තවාදීන්ව රජය ඇතුලේ තියාගන්නවට රජය ලැජ්ජා විය යුතුයි. ඔබට ලැජ්ජාවක් තිබ්බා නම් ඇමතිකමෙන් අස්වෙන්න. 250 ක් මැරුණු එකට ඔබතුමා ඇයි කිසිම දෙයක් කියන්නැත්තේ? රාජපක්ෂලාගෙන් කුට්ටි පිටින් ගත්තද?
ආදරණීය මහජනතාවනි, සිංහල බෞද්ධයන් රවටන තක්කඩියන්ට යළිත් රැවටෙන්නට එපා.. සිංහල බෞද්ධකම පෙරට දමා සුදු අඳින, අවසරයි, අතිපූජනීය ගංගොඩවිල සෝම හිමි වැනි යතිවරයාණන් වහන්සේලාගේ ශ්‍රී නාමය විකුණගෙන කන්නන්ට විශේෂයෙන්ම රැවටෙන්ට එපා. යළිත් එවන් තක්කඩියන්ව මහජන නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු එවන්න නම් එපා...!!!
එතන 34ක් මෙතන 250ට වැඩියි. කවුද වගකීමකින් කටයුතු කලේ? අනේ අපි දැනගෙන හිටියේ නෑ. අපිට කිව්වේ නෑ. හෝඩියේ පන්තියේ ළදරුවන් නිදහසට කියන ආකාරයේ කරුණු කියකියා ඉන්නවා විතරයි. ඔහොම වගකීම් පැහැර හරින්න නම් නායකත්වයක් මොකටද? නායකත්වය කියන එකේ තේරුමවත් නොදන්න බව මේවායින් ඔප්පු වෙනවා.
ආණ්ඩුවේ ඔක්කෝම වරදාන මෙච්චර කල් භූක්ති විදලා දැන් ආණ්ඩුවට බණිනවා.
මෙයාගේත් දැන් ලොකු ලොකු රඟපෑම්...!!!
මෙයත් නළුවෙක් වෙන්න යන්නේ...
ඇත්තටම මොවුන් මේ රවටන්න හදන්නේ කවුද?
මහත්තයෝ නිකමට අපේ ඔලු ගෙඩි ටික අතගාල බලනවද අන් ඇවිල්ලද කියල
මෙයාල තමා නියම දේශ පාලුවෝ. ඔබලාගෙන් රටට නැතත් රට්ටුන්ගෙන් ගජ වාසී
මම මේ කල්පනා කරන්නේ ඔය කියන ආණ්ඩුව කොහෙද තියෙන්නේ... කවුද ඕක ඇතුලේ ඉන්නේ කියලා...