




(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සත්ත්ව සුබ සාධන සංගම් එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද(26) පැවැත්විණි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් ජාතික ජල භීතිකා මර්ධන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
2018 ට පෙර, වසර 60ක් පුරාවට ජාතික ජල භීතිකා මර්ධන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළත් එහි අපේක්ෂිත අරමුණ වූ ජල භීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවත් මෙම ජාතික වැඩසටහන සුදුසුකම් සහිත පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හැකි විගස පවරන ලෙසත් විරෝධතාකරුවෝ පැවසූහ.
COMMENTS
සත්ව ජලභීතිකා මර්දනය හා සත්ව සෞඛය පශු වෛද්‍ය කාර්යභාරයකි. අවුරුදු 60 පශු වෛද්‍ය නොවන අය එම වැඩ සටහන කලද අදටත් වසරකට මිනිසුන් 20 ක් එම රෝගයෙන් මිය යති. 2018.04.01 දින සිට ඔවුන්ට එය භාර දී මාස 8 කට පසු එහි සාර්ථකත්වය දැක බිය වී නැවත සෞඛය අමාත්‍යංශය වෙත පවරා ගැනීමට යාම කණගාටුවට කරුණකි. ලෝකයේ අනෙකුත් රටවල් සත්ත්ව සෞඛ්‍ය පශු වෛද්‍යවරුන්ට හැර වෙන කිසිම අයකුට භාර දී නොමැත. ඔවුන්ගේ ඉල්ලීම ඉතා සාධාරණ වේ..
ජලභීතිකා මර්දන වැඩ සටහන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නැවතත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට සෞඛ්‍ය ඇමැති කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර ඇත .ඉතා සාර්ථකව දිවයින පුරා සිදු කරන මේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම ඉතා පිලිකුලෙන් හෙලා දකිමු .