ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
අදාළ නිලධාරීන්ට එරෙහිව දැනටමත් විමර්ශන පවත්වා ඇති බවත් ඔවුන් දැනට දරන ධුරවලින් ඉවත්කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනවලට අනුමැතිය දී ඇති බව ද වාර්තා වේ.
ඇතැම් නිලධාරීන්ට එරෙහිව මීට පෙර චෝදනා එල්ලවී තිබී ඇති බවත් ඇතැම් නිලධාරීන් ඇතැම් චෝදනාවලට වරදකරුවන් වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර එසේ වුවත් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම නිසා ඔවුන් දිගටම සිය ධුරවල කටයුතු කර ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.
ඉහත කී නිලධාරීන් 70 දෙනා අතර ප්‍රාදේශීය ලේකම්වරුන් 30 දෙනකුට ආසන්න පිරිසක් සිටින බවත් එයින් ඇතැම් නිලධාරීන්ට ළමා අපයෝජන චෝදනා සහ නිල රාජකාරී ඉටුකිරීම සඳහා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවටත් අනාවරණය වී ඇත. ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන් නීතිවිරෝධී ලෙස වැලි කැණීම් බලපත්‍ර ලබා දී ඇති බවටත් ඇතැම් නිලධාරීන් ඒවා විකුණා ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට අමතරව ඉහත කී නිලධාරීන්ගෙන් ඇතැම් නිලධාරීන් නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නිකුත්කර ඇති බව ද පැවසේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෞද්ගලික කරුණු සහ තරහ පිරිමහ ගැනීම සඳහා ඔවුන් යටතේ සිටින නිලධාරීන් ක්‍රියාපටිපාටිවලට පටහැණිව යමින් මාරුකර ඇති බව ද අනාවරණය වී තිබේ.
කොළඹ, අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අදාළ පැමිණිලි ලැබීමෙන් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් ඒවාට වරදකරුවන් වුවහොත් ඔවුන් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා අදාළ තනතුරුවලින් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය.
ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාව ද සැලකිල්ලට ගන්නා බව ඔහු කීවේය. විනය ක්‍රියාමාර්ග ගතහොත් එසේ කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් මත යැයි ද හෙතෙම කීවේය.
(සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)
055
COMMENTS
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පමණක් නොවෙයි අධ්‍යාපන අමාත්‍යංශයේ හා කලාප අධ්‍යාපන කාර්යාලවල , චෝදනා වලට ලක් වූ නිලධාරින් සම්බන්ධව ද සොයා බලා මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා !
කරනවානම් මෙන්න වැඩ. මීක කරොත් අඩුගානේ චන්ද දස ලක්ස්ජයක්වත් වැඩි වෙඉ ආණ්ඩුවට. හබි චන්ද ගුන්ඩුවක් නම්, ඇපත් නැතිවෙඉ ඊලග චන්දෙන්.
ඔවුන් ගෙදර යවා ඒ වෙනුවට උගත් තරුණ තරුණියන් පිරිසක් බඳවා ගන්න.
කාටද ආඩම්බර? මේ අයගේ නම්,සේවය කල ස්ථාන, චායාරුප මහජනතාවට දන ගැනීමට ප්‍රසිද්ධ කරන්න. ඒවගේම ඊ ළඟ අදියර පහල මට්ටමට යන්න. ස්තුතියි.
එතකොට ඔය චෝදනා තිබෙන දේශපාලුවන්ට මොකද කොරන්නේ?
මේ අයට විරුද්ධව කටයුතු කරන්න මොකද මෙච්චර කල් ගන්නේ?
කොහොමද ලංකාවේ රාජ්‍ය සේවයේ තත්වය?
බලමු ඔය කියන දේවල් වෙන හැටි. ඔය පරිපාලන සේවයේ අයයි දේශපානකයිනුයි දෙගොල්ලොම එකයි. බලය ලැබිලා වැඩියි.
වෙන රටක නම් වැඩ තහනම් කරලා ගෙදර යවල නැත්නම් නඩු දාල හිරේ. මේක ඉතින් අමුතුම රටක්නේ.
සමහර ප්‍රා. ලේලා හිතන් ඉන්නේ ඒ ප්‍රදේශයේ රජතුමා කියල. එහෙම වැඩ කරන්න ගිහින් සමහරු දේශපාලුවන්ගේ කනේපහර කාපු අයත් හිටිය. තවම හැදිච්ච පාටක් නෑ වගේ.
හදන්න බැරිනම් අයින් කරලා හරි රාජ්‍ය සේවයේ ගරුත්වය රකින්න ඕනේ. වැරදි ඔප්පු වුනොත් මාරු කරලා හරියන්නේ නැහැ .
අමාරුවෙන් රාජ්‍ය අංශයේ ජොබ් එක අරගෙන පුළුවන් තරම් ගෙදරට වෙලා ඉදලා අන්තිමට රටම කාලා දානවා .
රාජ්‍ය පරිපාලන විභාගේ පාස් උණු ගමන් මේ අය හිතන්නේ ඔක්කොම හරි කියලා . ටිකින් ටික තනතුරු ඉහළ යනකොට නායකයෝ පිරිහෙනවා .බලයේ ඉන්නකම් 98% ක්ම කරන්නේ නිල බලයෙන් හොර වැඩ .ජනතාවගේ මුදලින් ඉගෙනගෙන ජනතා මුදලින් පඩිගත් මේ හොරු ගෙදර යැවිය යුතුයි .
ඔවුන්ව ප්‍රජාසේවයේ යොදවන්න ඕනෑ...
පරිපාලන සේවයේ මුල්කාලයේ තිබූ ගරුත්වය නැතිවුනේ පළාත්සභා ඇතිකිරීමෙන් පසුව පළාත්පාලන පරිපාලන සේවය සමග ඒකාබද්ධ කිරීමෙන් පසුවයි. එතෙක් දිසාපති, උපදිසාපති වැනි තනතුරුවල සිටි මහත්වරුන් සේවය කලේ බස්වල ගොස් ජනතාව හමුවීමෙනි. තමාගේ නිලමුද්‍රාව සාක්කුවේ දමාගත් ඔවුන්ගේ දුක්ගැනවිලි වලට පිළිතුරු දුන්නා මම දැකලා තියෙනවා. එක් උපදිසාපතිතුමෙකු අසරණ වැසියෙකුගේ ප්‍රශ්නයකට විසඳුුුම එහිසිටි කෙනෙකුගේ පිටේ තබා ලිපියක් ලියා අනුමත කර දෙනවා. නමුත් දැන් සිටින්නන්ට පත්වීම අතට ලැබූ ගමන්ම වාහන බලපත්‍රයත් නිළ වාහනයකුත් ඕනෑවෙනවා. ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම ග්‍රාම නිලධාරි වාර්ථාව ලැබෙනතුරු ඉන්න කියනවා.