(විනීතා එම් ගමගේ)
ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අපේක්ෂකයන් විසින් නෛතික තත්ත්වයන් නොතකා රාජ්‍ය දේපල දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා බව නිරික්ෂණය වන බව පැෆරල් සංවිධානය පවසයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 1981 අංක 15 දරණ ජනාධිපතිරණ පනතේත්, එයට අනුශංගිකව මැතිවරණ කොමසාරිස් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන මගින් ද පැහැදිලි කර තිබියදීත් බොහෝ අපේක්ෂකයෝ ඒවා නොසළකා හැර රාජ්‍ය දේපල තම දේශපාලන ව්‍යාපාරයට යොදා ගන්නේ යැයි නිරික්ෂණය කළ බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට සිද්ධීන් ලෙස පැමිණිලි කළ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
තම සංවිධානය වෙත වාර්තා වන සිද්ධීන් අතරින් 48% ක් මෙසේ මහජන දේපල සහ දේශපාන බලය පක්ෂ හෝ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධව කොමසාරිස්වරයා පවා මැදිහත්වූ අවස්ථා ඇති බවත් හෙට්ටිආරච්චි මහතා කීය.
මේ වනවිට රාජ්‍ය බලය හිමි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇති අතර මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරුවන් තම අපේක්ෂකයා මෙම මැතිවරණ තුළ දී දේශපාලනිකව ප‍්‍රවර්ධනය කිරීමට මහජන දේපල සහ මහජන මුදල් භාවිතා කරමින් සිටිනු නිරික්ෂණය වූ බව ද හෙතෙම සඳහන් කළේය.
පළාත් සභා නියෝජනය කරන ආණ්ඩුකාරවරුන් දෙදෙනකු මේ වනවිට ආණ්ඩු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාන ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව කී හෙට්ටිආරච්චි මහතා මේ සියල්ලෙහි දී භාවිතා වන්නේ පොදු දේපල බව ද පෙන්වා දුන්නේය.
මෙයින් ඇතිවන්නේ අසමමිතික ඡන්ද ව්‍යාපාරයක් බැවින් මෙම තත්ත්වය පාලනය කිරීමට මැතිවරණ කොමිසම ගන්නා ක‍්‍රියාමාර්ගවලට සියලූ පක්ෂවල අපේක්ෂකයන් සහය දිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රාජ්‍ය දේපල දේශපාලනයට යොදා ගන්නා බව පැෆරල් කියයි
Mahee Monday, 21 October 2019 01:17 PM
ඔන්න අපේ ඡන්ද දායකයන්ට නුවණින් හිතා බලන්න දෙයක්. මොවුන් දෙගොල්ලම බලයට එන්න හදන්නේ සාධාරණ මැතිවරණ නීතියත් කඩලා නම් බලය ලැබුණට පස්සේ මොවුන් රටේ ඕනෑම නීතියක් කඩන්න සූදානම් බව නේද මේ කියැවෙන්නේ? දෙවියන්ගේ නාමයෙන් මේ පාරවත් මේ රටේ නීතියට ගරු නොකරන මේ දෙගොල්ලම එලවා දමන්න හිතට ගන්න...
kamal koyrala Monday, 21 October 2019 02:03 PM
මේ තාක් කාලයක් සෑම මැතිවරණවලදීම දූෂණ, අවභාවිතා වුණා... පැෆරල් ගත්තු ක්‍රියාමාර්ගයක් හෝ දඬුවම් කළ ධුරයන් අහෝසි කරපු එකක් තියෙනවා නම් කියන්න නොදන්නා කමට අහන්නේ..!!!
Bandara Monday, 21 October 2019 08:13 PM
මේක පැෆරල් කියන්න ඕනේ නැහැ, හැම ආණ්ඩුවක්ම වගේ කරා