IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රජයේ කාර්යාලවලට සේවක සීමාවක්

(සුජිත් හේවාජුලිගේ )

රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කොවිඩ්19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු රැස්වීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද යුද හමුදාපතිවරයා කීය.

සංචරණ සීමා කර කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අතර කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .

කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ පොලිස් වසම් හා ග්‍රාම සේවක වසම් සියයකට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට හුදෙකලා කර ඇත .

කෙසේ වෙතත් මුළු රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් දැනට පැනනැගී නැතැයි රජය පවසයි .

 



අදහස් (2)

රජයේ කාර්යාලවලට සේවක සීමාවක්

සුනෙත් හේමන්ත Monday, 10 May 2021 10:09 AM

තාම සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නැද්ද සර්....

:       0       1

සිරිබිරිස් Monday, 10 May 2021 10:40 AM

මෙච්චර කියද්දීත් ගණන් ගන්නේ නැතුව ඉඳල පරක්කු වෙලා හරි මෙහෙම හරි තීරණයක් ගත්ත එක ලොකු දෙයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site