IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ආයතන 8 කට නව සභාපතිවරු

( +++ සුජිත් හේවාජුලිගේ)

රජයේ තවත් ආයතන අටක් සඳහා සභාපතිවරු ඊයේ (18) පත්කරනු ලැබූහ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස සුසන්ත රත්නායක මහතාත් මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතාත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කිමාලි ප්‍රනාන්දු මහත්මියත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත හේරත් මහතාත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතාත් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතාත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මියත් මෙසේ පත් කරනු ලැබ සිටිති.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටින සුජීව රාජපක්ෂ මහතා විගණන ක්ෂේත්‍රයේ වසර තිහක පමණ පළපුරුදුකම් ඇති නිලධාරියකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත් කෙරුණු කිමාලි ප්‍රනාන්දු මහත්මිය බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකි.

චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු ජයන්ත ධර්මදාස මහතා ප්‍රකට ව්‍යාපාරිකයකු වන අතර ඔහු එම සංස්ථාවේ සභාපතිවරයකු ලෙස මෙයට කලින් අවස්ථාවක ද කටයුතු කර තිබිණි.

ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය.

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු සුසන්ත රත්නායක මහතා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයායි.

බිස්නස් ටුඩේ ටොප් ටුවෙන්ටි ෆයිව් (Business Today Top Twenty Five)  හිදී 2013 - 2014 මූල්‍ය වර්ෂය සඳහා හොඳම ව්‍යාපාරික කාර්ය සාධනයක් පෙන්නුම් කළ ව්‍යාපාරය වශයෙන් පළමු ස්ථානයට පත්වූයේ ද ජෝන් කීල්ස් සමාගමයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනිය ලෙස පත් කෙරුණු සුජාතා කුරේ මහත්මිය  හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. ඇය මහා භාණ්ඩාගාරයේද කලක් රාජකාරි කළාය.



අදහස් (4)

රාජ්‍ය ආයතන 8 කට නව සභාපතිවරු

ධනා Thursday, 19 December 2019 07:40 AM

සතුටුයි.

:       93       15

Mahee Thursday, 19 December 2019 08:25 AM

දෙන්නෙක් හැර අනික් අය නම් වැඩකාරයින් බව පෙන්වපු අය.. සමහරවිට ඔක්කෝටම දැන් පුළුවන් වෙයි වැඩ පෙන්වන්න. අපේ ඉල්ලීම ඒකයි. ලාබෙට දුවන්න බැරි නම්, ඇමතියාට අනවශ්‍ය විදිහට නැමෙනවා නම් දාල යනඑකත් වැඩ පෙන්වීමක්...

:       0       0

manoj Thursday, 19 December 2019 09:26 AM

සුදුස්සන්ට සුදුසු තැන ලැබීම සතුටක්.

:       81       5

රවින් Thursday, 19 December 2019 10:50 AM

ජයන්ත ධර්මදාස පිය උරුමයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය පිවිසුනා මිස ස්වඋත්සාහයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට පැමිණි කෙනෙකුන් නොවේ. චිත්‍රපටි ක්ෂේත්‍රයේ දැනුම පිළිබඳව නම් ටිකක් සැකයි. අනිකුත් අයවලුන් පරිපාලන ක්ෂේත්‍රයේ පළපුරුදු ඇති හෙයින් ආයතන කාර්යක්ෂමතාවයන් ඉහළට නැංවීමේ හැකියාව තිබේ. හේතුව නම් කළමනාකරණ විශ්ලේෂණ හැකියාවන්ය.

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31202 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13363 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 70 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site