IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රංජිත් අලුව්හාරේ ගොනු කළ පෙත්සම සලකා බලන්න දිනයක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පසුගිය මහමැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂකයින් ලැබූ මනාප ඡන්ද නැවත ගණන් කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම පක්ෂකයෙන්ම තරග කොට පරාජයට පත් වූ අපේකෂයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා ගොනු කළ රිට් පෙත්සම අනිද්දා (06) සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය.

පෙත්සම්කාර රංජිත් අලුවිහාරේ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ,එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න , මාතලේ තේරීම් බාර නිලධාරියා ඇතුළු 14 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිති අලුවිහාරේ මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ ඉකුත් මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා සිදු වූ බවය.

මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල ගණන් කිරීමේදී ලග්ගල සහ දඹුල්ල යන ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල සිටි සිය නියෝජිතයින් 21 දෙනකු ඉන් ඉවත්කිරීමට කටයුතු කෙරුණු බවත් , රෝහිණී කවිරත්න මහත්මියගේ ඡන්දපොළ නියෝජිතයින් එම ස්ථානයේ රැඳී සිටීමට ප්‍රධාන ගණන් කිරීමේ නියෝජිතවරයා ක්‍රියාකර ඇතැයි ද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.

එම ක්‍රියාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 51 සහ 52 වගන්තීන් වලට පටහැනි බවත් , එබැවින් එම දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගයෙන් තරග කළ අපෙක්ෂකයින් ලැබූ මනාප ඡන්ද නැවත ගණන් කරන ලෙස දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරියාට නියෝග කරන්නැයිද පෙත්සම්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

 



අදහස් (0)

රංජිත් අලුව්හාරේ ගොනු කළ පෙත්සම සලකා බලන්න දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site