(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ඔය නාටකයත් දැනගෙන හිටියා. ඇප නොදුන්නා නම් තමයි ගැටලුව...
නීතිය කාට ගිහින්ද..? හැංගි හැංගි අධිකරණයට කට්ටි පනිමින් සිටි පුද්ගලයාට ඇප දුන්නා.. මේ එක සිද්ධියක් වුණාට රටේ සියලුම ජනතාවට පෙන්වන නරක ආදර්ශයක්.. ඉදිරියේදී මෙවැනි ජවනිකා වංචනිකයන් විසින් කරුණු ඇත.. මෙවැනි දෙයට දැඩි ක්‍රියාමාර්ග නොගන්නේ නම්.. නැවතත් අපි පරණ දේශපාලන රඟපෑමට හසුව ඇතිබව මහජනයාට තේරුම් යනු ඇත. සාමාන්‍යයෙන් අපි මෙවැනි දෙයක් රටේ නායකයාට කරානම් අපිට මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැහැ. ඇයි.. නීතිය පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ..?
1.රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල් 2.රාජිත රිමාන්ඩ් 3.රාජිත බන්ධනාගාර රෝහලට 4.රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි 5.රාජිතට ඇප ඔන්න නිව්ස්...
කොහෙන්ද දැන් අපි හිනාවෙන්න ඕනේ?
මෙයාට හොද හිරේ නෙමෙයි... අපාය නේද?
නීති ඔක්කොම දුප්පතාට. මෙහෙම රටක ආයෙත් ඉපදීමක් සිදු නොවේවා.
තවත් නාට්‍යයක් මතුසම්බන්ධයි. කොහොමත් මහ ඡන්දේ වෙනකන් කොටස් වශයෙන් නාට්‍යය කීපයකම පෙන්වාවී. ගිය ආන්ඩුව කාලේ පෙන්වපු නාට්‍යය එහෙමත් මේ ආන්ඩුව ඉක්මනින්ම අවසන් කරාවී. අන්තිමට මේවා බලලා කඩේ යන මිනිස්සු චූන් වෙන එක විතරයි වෙන්නේ.
හිනා වෙලා පන පලයන් පෙරේදා
කලේ කන නාට්ටි මේවා.. විගඩන් කිව්වොත් එ්ත් හරි.. මිනිස්සු තණකොළ කනවා කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ නේද?
ලංකා ඉතිහාසයේ, කවදාද හොරු හොරුන්ව ඇල්ලුවේ. දෙගොල්ලම එකයි. මේ ගොල්ලන්ට ඡන්දය දීලා පත්කරලා පාර්ලිමේන්තුවට යවන අපි තමයි මොඩයින්... තව ටික දවසකින් කියයි" බේරුවල කිඹුලා නිදොස් කොට නිදහස් කළා කියලා. මෙච්චර දවසක් කාලය කාදැම්මේ මේක කියන්නද? මේ ආණ්ඩුවත් අර පාණ්ඩුව වගේම තමයි.
පාඨලී චම්පික රණවක මැතිතුමාගේ නිදහස් වීම තුළිනුත් රාජිත සේනාරත්න මැතිතුමාගේ නිදහස් වීම තුළිනුත් පැහැදිළි වන්නේ ආණ්ඩුවට තවම ගරු අධිකරණය ග්‍රහණයට ගන්න බැරිවුණු බවයි. ඉදිරියටත් මේ විදියට අධිකරණය ස්වාධීනව ක්‍රියාකරන බව විශ්වාසයි. ජනතාවට අන්තිමට යන්න තියන තැන අධිකරණය නිසා එහි ස්වාධීන බව රන් හා සමානයි.
"වෙනස මාරයි. " "ඔන්න ගෙනා වෙනස." "දැන් සැපද?" "මෙන්න විශේෂ හෙළිදරව්වක්. යහපාලන ආණ්ඩුවේ සියලුදෙනා රෝහල් ගතකර ඇප ලබා දෙනු ලැබේ." වහල් ආණ්ඩුව කාලේ කියපුවම අදටත් අදාලයි.
මේක නම් නාට්‍යයක්...
නීතිය බල්ලට ගිහින්... ඇති හැකි යට එක නීතියකුත් දුප්පත් මිනිහට තව නීතියකුත්.. මේවා කාටද කියන්නේ?
රාජිතල, චම්පිකලා පෙන්න පෙන්න වැලි ජාවාරම් කරුවන්ට, පස් ජාවාරම් කරුවන්ට නිදහසේ වැඩේ කරගෙන යන්න ඉඩ දීලා වැලි ජාවරම්කරුවෙකුට විරුද්ධ වෙච්ච නුවර තරුණයෙකුගෙ කශේරුකාව කැඩෙන්න ගහලා. දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන හාමුදුරුවරුන්ටවත් මේවනම් පේන්නේ නෑ.
අධිකරණය ආණ්ඩුවේ ග්‍රහණයට ගිහින් තමා 2015 රොටි තැටිය රත් කළේ. ආයිමත් ඒ සෙල්ලම කරන්න ගියොත් මොනවා වුනත් තව අවුරුදු පහක් ඇතුලත රොටි තැටි රත් වේවි. අපේ රටේ මිනිස්සු මොනවා වුනත් ගොන්කම් තේරුම් ගන්නවා කල් ගිහින් හරි.
රාජිතගේ නාඩගමට මුවා වෙලා අන්න පර්සි මහේන්ද්‍ර තව අක්කර 3ක් සින්නක්කරවම විකුණලා. 69 ලක්ෂය සනීපද? කෝ අර මහා සඟ විරුවෝ...?
කවුද මේ කොන්දේ අමාරුව තියෙන නඩුකාරයා...?
පුද්ගලිකව අපි එකිනෙකා නොහඳුනන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික විවිධ මතදරන අපිට මේක හොඳම පාඩමක්... මේ දෙගොල්ලම කරන්නේ එකම දේ. ඔවුන් යාලුවෝ. ඔවුන් එකම පන්තියේ. දැන්වත් මේ ගැන අපි අවබෝධයෙන් කටයුතු කරමු. මෙතන අදහස් පලකරන අපි කව්රුත් පොඩි වැරැද්දක්, දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කළත් දඬුවම් විඳින්නම ඕනේ. වරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයක් කියා තිබුණා, "නීතිය මම දන්න නැහැ" කියමින් කාටත් බේරන්න බැහැ කියලා. ඒ කියන්නේ මේ රටේ නීතිය සාමාන්‍ය මිනිස්සුන්ට පමණයි කියන එකයි.
ගාර්නියර් බැරිස්ටර්ට අැප නැත. රාජිතට ඇප ලැබේ.
දැන් මෙයාට තිබ්බ දරුණු පපුවේ අමාරුව සනීප ඇති...
අපි මේ එල්ලුම්ගහත් ලෑස්ති කරගෙන පුල පුලා බලාගෙන හිටියේ .. දැන් ඉතින් ඔක්කොම වතුරේ.
දවස් ගාණක් බෙරිහන් දුන්න මෙයා දේශපාලන පළිගැනීමක් කියලා දැන් කියාවි උත්තරීතර අධිකරණය අපට විශ්වාසයි කියලා කවුරු මොනවා කිව්වත් ලෝකය පාලනය කරන දෙවියන් අපි විශ්වාස කරනවා.
දැන් සැපද ?
දැන් අපි බැංකු හොරුත් මේ වගේම අල්ලමු.
ඔය කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු තියනවනේ... එ් නිසා ජනතාව රවට්ටලා වැරදි වහගෙන රට කනවා. මේ ළඟට එන නාට්ටිය මහ බැංකුව එතකොට මේක යට.... දැන් අර සුවිස් අක්කගේ වැඩෙත් අද ගොඩනේ.. ජනතාව හැමදාම කබලෙන් ලිපට...
දැන් ගෙදර යයි නැගිටලා... මම බලාපොරොත්තු වුනේ වෙන දෙයක්...
විජේබාහු අර ගුස්පයෝ දෙන්නාගේ නැදෑයෙක්ද ? හැම තිස්සෙම අමතක කරනවා ඒ අය රජයෙ මුදල්වලින් ගෙවූ වග..............
නීතිපති දෙපාර්තමේන්තුව පරාදයි....................
ජනතාව නීතිය අතට ගැනීමට කාලය පැමිණ ඇත.
චම්පික නාටකේ තරම්ම රාජිත සහ කිඹුල්ලු චිත්‍රපටිය ලස්සනක් නැහැ නේද මෙයා? එ්කේ එච්චරම විහිළුත් නෑ.. අනේ වෙන එකක් දාන්නකෝ අපිට බලන්න!!! කිසි ගතියක් නෑ අනේ..
අධිකරණය සහ වෛද්‍යවරු ඇස්පනාපිට කරන මෙවැනි අවනීතිය ගැන නීතියේ පිහිටක් බලාපොරොත්තු විය හැකිද? සාමාන්‍ය ජනතාව වන අපිට නීතියේ පිහිටක් රට තුළ පැතිය නොහැකිය.
අධ්‍යක්ෂක එළියේ... නළු නිලියන් වන ස්විස් ගානියා සහ අනිත් දෙන්නා තාම ඇතුලේ. ඒ ඇයි?
සල්ලි හා බලය ඔබට තිබේ නම් නීතිය ඔබට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වේ. බැසිල්, ගෝඨා හා රාජිත. මේ ලෙඩවීම බොරුවක් බව අධිකරණය දන්නවා. එ්ත් වෛද්‍යවරු නිර්දේශ කළම අධිකරණයට කරන්න දෙයක් නැහැ. මේ නීතියේ හිල් වහන්න මිනිස්සුන් උද්ඝෝෂණය කළයුතුයි. මොවුන් නීති හදන්නේ ඔවුන්ට ගැලවෙන්න පුළුවන් විදිහට...
දැන් ඔක්කොම ඉවරයි...
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. මෙයාමනේ වතාවක් මහින්දගේ දෙඅත් ශක්තිමත් කරන්න හිතාගෙන ඒ පැත්තට පැන්නේ... අපරාදෙ කියන්න බැහැ.. මොනවා නැතත් අපේ රටේ දේශපාලුවන්ට හොඳට රඟපාන්න නම් පුළුවන්...
මහබැංකු හොරකම නිකම්ම යට ගැහිලා නේද? ඡන්දෙට කලින් කියපුවා කෝ අද...?
නියම රෙස්ලින් ෂෝ එකක් ඉවර වුණා.
මේවා ඔක්කොම ඩ්‍රාමා තමයි.
මේ සෙල්ලම නතර කරන්න. අධිකරණයේ ඉන්න කොන්ද පණනැති කට්ටිය ඇතුලට දමන්න ඕන. මේ කට්ටිය කොහොමද කාගෙවත් පදේට නටන්නේ. ජනතාවගේ ප්‍රශ්නත් ඔය විදියට විසදන්න පුළුවන්නේ. අපේ මිනිස්සුන්ට නීතියට ඉහලින් යන අයට පාඩමක් උගන්වන්න දන්නේ නැහැ. පොහොර ගෝනිවලට කඩේ යන්න විතරයි දන්නේ. එන්න එන්න මිනිසුන් තිරිසන් විදියට ඉන්න එක වැඩිවෙන එක විතරයි වෙන්න. එක එක්කෙනාගේ හිරි ඇර ගන්න බලයට එන්නේ. වෙන රටවල රටේ නායකයින්ගේ නම් රන් අකුරින් ලියවෙන්නේ. ඒකට අපේ රටේ. කිරි හැලියට ගොම එකතු වෙනවමයි.
තිබ්බ එකට වැඩිය තාම හොඳයි..!. අරෙහේ කෙරුවේ තනිකර අරලියගහ මැදුරෙන් දුන්න නියෝගනේ... එ්කේ හිටිය අරන් AKD ත්... හ්ම් අමතක වෙලාද මන්දා!...
රාජිත නාටකය අවසානයි. ස්විස් තානාපති කාර්යාල නාටකයත් අවසානයි. දැන් මීලග නාටකය මොකක්ද කියලා අපි බලාගෙන ඉමු හාල්, පොල්, එළවලු ගණන් ගියාට කමක් නැහැ.
පව් ඉතින්... 69 ටම පොඩි පොඩි දේවල් දෙන්න එපැයි..
ආණ්ඩුව නඩු අසන්නේ හෝ ඇපදෙන්නේ නැතිබව බොහෝ දෙනෙක් නොදන්නා බව පෙනීයයි. නඩු අසන්නේ හෝ ඇප දෙන්නේ උසාවියෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. නමුත් මේ නීතියේ ඇති හිඩැස්වලින් මේ දූෂිතයන් රිංග යාම , සාමාන්‍ය ජනයා තුළ නීතිය කෙරේ ඇති විශ්වාසය නැතිවීමට හේතුවෙනවා. කොහොම උනත් ඇප ලැබුනට නඩුව දිගටම යන අතර මොහු වැරදිකරුවෙක් උනොත් නියත වශයෙන්ම මොහුට දඩුවම් ලැබේවී. ආණ්ඩුව කළ යුත්තේ මේ නීතියේ හිඩැස් වැසීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. මෙයට ජනතාව සහයෝගය දිය යුතුයි.
මිනිස්සු බෙදලා වෛරය ඇති කරවලා කරන දේශපාලනේ........... අන්තිමට මේ දෙගොල්ලොම හොරකම් වලින් බේරෙනවා.
ඔව් ඔව් අංක දෙක පටන්ගත්තලු. ආණ්ඩුවනේ රට විකුනුවේ. බයියන්ට මරු ආතල්...
කොහොමත් මේවා කාගේහරි අනුදැනුම ඇතිව කරන දේවල්නේ. ඒ නිසා ආපහු ගන්නත් පුලුවන්. කොහොම වුනත් ඕවා පළිගැනීම් ගොඩට තමා වැටෙන්නේ. දැන් කිසිම ස්වාධෘන බවක් පේන්න නෑ. හැමදේම සෙල්ලම් තමා...
දැන් පපුවේ අමාරු, කැක්කුම් ඉවරයි. කවුරුන්ද මේ රවට්ටන්නේ. අපරාධකාරයෝ එළියේ. වත්තට පැනලා කුසගින්න නිවාගන්න පොල් ගෙඩි ගත්ත අය හිරේ.....
මේ දේශපාලකයන්ට මධ්‍යට ඇවිල්ලා මෙහෙම බොරු කියන්න පුලුවන්නම්, දේශපාලන වේධිකාවල කියන එව්වා පට්ටපල් බොරු වෙන්න ඕනේ. මේවට නීති හදන්න ඕනේ. මිනිස්සු විශ්වාස කරනවනේ මේ බොරු.