(නිමන්ති රණසිංහ)
සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වූ කරුණු අනුව රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
COMMENTS
දැන් නම් ඇත්තටම පපුව ඩිග් ඩිග් ගානවා...
අපිට අලුත් නාට්ටියක් බලන්න පුළුවන් ළඟදීම.. නිකන් ඉන්න බැරුවට ඉල්ලන් කෑවේ..
දේශපාලන පළිගැනීම් තමයි.. මේවට හුරේ දාන බයියොත් ඉන්නවනේ...
මොහු කළ සියලු වරදවලට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයෙහි පරාජයටද මොහු වගකිව යුතුයි. පක්ෂයෙන් නෙරපන්නයි තියෙන්නේ...
අසව් අසව්..., අවුරුදු 5කට පසු කැකිල්ලේ රාජසභාව නැවත ආරම්භ කළ වගයි..
ඔන්න ලොක්කෝ ඔය කැරකෙන්නේ කෙළවන්නම තමයි. අපිත් බලාගෙන ඉන්නේ මොන විදිහටද වැඩේ සිද්ද වෙන්නේ කියලා. අර දෙන්නටම වැඩේ බාරදෙයිද දන්නේ නැහැ.
ඒක තමයි උඩ බලාගෙන කෙල ගහන්න එපා කියන්නේ
අනේ ඉතින් චතුර මාධ්‍යට දුන්න මුඛ්‍ය වදන් ටික...
සුදු පිරුවට ඇඳගෙන රටට වින කරන මෙවැනි අයට දැඩි දඬුවම් දිය යුතුයි.
නියමයි. ඇතුලට දාන්න.
අපි ආයෙත් ගෝඨාව බලයට ගේනවා මෙයාව ඇතුලට දැම්මොත්.
එජාපෙ නවින් දිස්සානායක වැනි වැදගත් මහත්වරු කීපදෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ට ගරුකරනවා ඔබ මහා නීච විදිහට බලයේ ඉන්න හදපු කෙනෙක් ඔබලාව දේශපාලනයේ කවුරු හෝ අතුගා දමන්න ඕනේ. ඔබේ ක්රීයා කලාපය දැක දැකත් ඔබට පක්ෂව මෙතැන ලියනවා නම් ඔහුත් මහා නීච්යෙක් .
වරාය චීනට දීපු එක හොඳයි දැන්, එම් සී සී හොඳයි දැන්. වඳ දොසතරලා නෑ දැන්. බැංකු හොරුත් නෑ. බොරුවෙන් පිහිටවූ ආණ්ඩුවක් බොරුවෙන් වැනසී යයි.
කළ කම් පල දේ - දිට්ඨධම්ම වේදනීය කර්ම ආදී වශයෙන් බුදු දහමේ පෙන්වා දෙන්නේ මේවා තමයි. තමුන් පහුගිය කාලෙ කරපු දේවල් (රාජපක්ෂලා නම ගෑවුනු අය හිරේ දැමීම, හාමුදුරුවරුන් තොග පිටින් හිරේ දැමීම) සිහි කර ගන්න. ඕවට කියන්නේ දේශපාලන පලි ගැනීම් කියලා නෙවෙයි ද?
හොරු ඇතුලට දාද්දී සමහරුන්ට රිදෙනවා.
විදෙස් ගමන් තහනම් කරලා හිටන්, මහා උළු ගෙදර ගමන ඉක්මන් වෙයි වගේ.
කට වාචාල කතා කිය කිය හිටිය මෙලෝ වැඩක් කරෙත් නෑ. රටට වැඩකුත් නෑ
මේ දේශපාලන නාඩගම් ගෝඨාභය වත් නවත්වලා සීලාචාර රටක් වෙයි කියලා හිතුවා. එයත් හීනයක්.
බලලෝබී, දුශිත දේසපාලුවෝ ඉන්න රටක් සීලාචාර වෙයි කියන එකත් හීනයක් තමා..