IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


‘යහපාලන ආණ්ඩුව ණයගත්තේ බලය රැකගන්නයි’

(නාලක සංජීව දහනායක)
 
යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළදී ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 26ක විදෙස් ණය මුදලෙන් කිසිදු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කර නොමැති බවත්, ඔවුන්ට ණය ලබාගැනීමට සිදුවූයේ තම බලය රැක ගැනීමට යැයිද විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
තමන්ගේ බලය ආරක්‍ෂකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව විසින් කරනු ලබන වියදම් සියල්ලටම වන්දි ගෙවීමට මහජනතාවට සිදුවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
 
විපක්‍ෂනායකවරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 



අදහස් (20)

‘යහපාලන ආණ්ඩුව ණයගත්තේ බලය රැකගන්නයි’

jim kuru Tuesday, 01 October 2019 11:09 AM

මෙයාලා ණය ගත්තේ මේ අයගේ පුද්ගලික බැංකු ගිණුම් තරකර ගන්න තමා.

:       20       29

Mahee Tuesday, 01 October 2019 11:11 AM

එහෙම කියන්න එපා මන්ත්‍රීතුමා. බලය රැකගන්නවට අමතරව, ඔබතුමාලගේ කාලේ වගේම හිතේ හැටියට බෙදා ගන්නත් ඒ ණය පාවිච්චි කළා. කිව්වත් නොකිව්වත් දෙගොල්ලන්ගේම ණය බර දරන්නේ අපි තමයි.

:       0       30

Don Tuesday, 01 October 2019 11:15 AM

අසීමිත විදිහට ණය අරන් ස්වාධීන ලංකාව චීනයේ දේශපාලන ඉත්තෙකු බවට පත්කළේ ඔබයි රාජපක්ෂ. මේ ආණ්ඩුව ඒ ක්‍රියාවලිය පවත්වාගෙන ගියත් එය ආරම්භ කළේ ඔබේ රජයයි. මේ ආණ්ඩුවට විතරක් දොස් පවරලා ඔබට ඒ අපරාධයෙන් ලිස්සා යන්න බෑ.අපිට යහපාලනයේ අවුරුදු 5 වගේම ඔබේ අවුරුදු 10 ත් හොඳට මතකයි.

:       31       33

Nissanka Tuesday, 01 October 2019 11:17 AM

අපේ ආණ්ඩුව ණය ගත්තේ කොමිස් ගහන්නයි.

:       0       103

සමන්ත Tuesday, 01 October 2019 11:19 AM

මේවා මේ කන්න ඕනේ වෙද්දී කබරගොයි න්‍යායේ කතා. එතකොට මේ ආණ්ඩුව වැඩක් කරලම නෑ.කරලා තියෙන්නේ පහුගිය කාලේ නෙළුම් කුලුනෙන් එහෙම ගසා කාපුවගේ ණය ගෙවන එක විතරයි. හැමදේම හොරට කරපු අය අද විපක්‍ෂ නායකකමේ ඉන්නෙත් හොරට.

:       129       172

Naushi Tuesday, 01 October 2019 11:20 AM

ඔබතුමා ණය ගත්තේ කොමිස් ගහන්නයි.

:       122       166

lion Tuesday, 01 October 2019 11:26 AM

කවුද ලිපිය ලියලා දුන්නේ?කබ්රාල්ද? ලොක්කා නැව් එන්නේ නැති වරායවල්, ප්ලේන් එනේ නැති ගුවන් තොටුපළවල්, මිනිස්සු නැති ක්‍රීඩාංගන, පින්තූර ගහන්නේ නැති චිත්‍රාගාර ගැහුවේ ස්වල්ප ණය කන්දරාවක් අරගෙනද? ඔය හැම දෙයක්ම විවෘත කරන්න වියදම් කරපු කෝටි ගණනක් සල්ලි ඔබතුමාගේ ගෙදරින් ගෙනල්ලද වියදම් කළේ? ඔබටත් ඔබේ පවුලේ අයටත් පළමු පන්තියේ ආසන 35 ක් දුන්නේ නැහැ කියලා ඔබතුමා එයා ලංකා එකට කළ අපරාදය නිසා අද එම ආයතනය බංකොලොත් වෙලා. ඔබ එම සමාගම දක්ෂ ලෙස පාලනය කල කෙනා එළියට දැම්මා. ගිවිසුම කැඩුවා.ඔහු ටිකට් නුදුන්නේ ප්ලේන් එක පිරිලා තිබුන නිසා. ඊට පස්සේ මස්සිනා දැම්මා. මිනිහා ඉතුරු ටික කාලා දැම්ම.රටට ආදරය ඇති නායකයෝ වැඩ කරන්නේ ඔහොමද?මේ කියන්නේ ලඟදි ගරු විනිශ්චයකාරවරු එයා ලංකා සමාගම සම්බන්ධව දුන්න වාර්තාවේ දක්වපු කරුණු. ඔය කරපු එක වැඩකින්වත් අදායමක් එනවද මහත්තයෝ? ණය වාරිකය,පොළිය ගෙවන්න අපේ දුප්පත් රටේ සල්ලි කෝ?ඔබ කොච්චර සුදනා වෙන්න හැදුවත් ඔබේ නියම ස්වරුපය හංගන්න බැහැ මත්තයෝ.

:       0       262

සත්‍යපාල Tuesday, 01 October 2019 11:41 AM

දුෂිත පවුල් පාලන ආණ්ඩුව නූපන් දරුවන් පවා ලෝකෙට ණයකාරයෝ කෙරුවේ මොකටද කියලා කිව්වා නම් හොඳ නැද්ද ?

:       0       138

Anuraa Tuesday, 01 October 2019 11:46 AM

ලංකාව රාජපක්ෂ බූදලය බව මෙයාලට කියලා දෙන්න.

:       71       110

Botheju Tuesday, 01 October 2019 11:51 AM

ඔබතුමා ණයට ගෙන සංවර්ධනය කළ ලාභ ලබන ව්‍යාපෘති ගැන නිවේදන නිකුත් කරන්න ගියොත්... ඔක්කොම එකයි.

:       58       224

Hafeel Tuesday, 01 October 2019 12:05 PM

එහෙමද? අවංක මිනිහෙක් මේ ප්‍රකාශය කරන්නේ. ජනතාව පිළිගන්නම ඕනද?

:       4       23

Chathuri Tuesday, 01 October 2019 12:40 PM

මෙයා ණයට ගත්තේ පවුලයි,පරම්පරාවයි රැකගන්න.

:       0       136

Sumathipala Tuesday, 01 October 2019 01:30 PM

ඔය අහගෙන තියෙන්නේ යස අගේට. ප්‍රතිචාර ටික කියවල බලන්න.

:       0       11

Chanak los angeles Tuesday, 01 October 2019 01:42 PM

මේ සාටක මෙපමණ දඟලන්නේ බලය තියාගන්න නොවෙයිද?එතකොට හොර පාරෙන් අගමැති පුටුවට රිංගුවේ පුටුවේ ඉඳගෙන භාවනා කරන්න වෙන්න ඇති.

:       0       22

sandy123 Tuesday, 01 October 2019 02:25 PM

අනේද කියන්නේ...?

:       0       0

kamil Tuesday, 01 October 2019 05:38 PM

එතකොට මෙයාලා ණය කදු ගත්තේ සහෝදර සමාගමට කොමිස් ගන්න ද .?

:       0       0

සපුමල් Tuesday, 01 October 2019 07:16 PM

සපුමල් නියම පිළිතුරක් දීලා තියෙනවා. ඇත්තටම මේ කතාව කොයි තරම් නම් බොරුවක්ද? අසත්‍යක්ද ? සැබෑ නායකයෝ, ශ්‍රේෂ්ට නායකයෝ කිසිදවසක, මොනම තත්වයක් තුළවත් එහෙම අසත්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. මේ ආණ්ඩුවේ වැරදි නෑ කියලා අපි කියන්නේ නෑ. එත් කරපු හොඳ තිබුණු බව පිළිගන්න ඕනේ. 2005 බලයට එනකොට පටන්ගෙන තිබු දකුණු අධිවේගී මාර්ගයට තියපු මුල්ගල ගලවලා නිල්වලා ගඟට විසි කරලා චීනෙන් ණය අරන් තමන්ගේ නම ගහගත්තා. එදා හම්බන්තොට වරායේ සංකල්පය ගෙනාවේ සුප්‍රකට නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වන ආරියශීල වික්‍රමනායක විසිනුයි. එදා U.N .P ආණ්ඩුව එක පටන්ගන්න සැලසුම් කරලා තියෙද්දී ආණ්ඩුව පෙරලුවා.

:       0       0

Rohana Wednesday, 02 October 2019 04:37 AM

ඔබතුමා විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුව හොරකම් කළා කියනවා. දැන් ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාළේ එයාලා කියනවා ඔබතුමාලා හොරකම් කළා කියලා. දෙපැත්තම ඡන්ද බලාගෙන මඩ ගහගන්නේ නැතිව හොරකමෙන් දූෂණයෙන් තොරව රට දියුණු කළා නම් අපිට මෙහෙම වෙනවද?

:       0       0

ajith Wednesday, 02 October 2019 05:04 AM

ඒක එහෙමයි කියමුකෝ. තමුන්නාසේලා මොකටද සුරිය වැව ක්‍රීඩා පිටියෙන් කෝටි 410/- කුත් නෙලුම් කුලුනෙන් රුපියල් කෝටි 200/- කුත් හොරකම් කළා කියල කියන්නේ?

:       0       0

sandy123 Wednesday, 02 October 2019 06:21 AM

අනේද කියන්නේ..................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හිටපු ජනපතිවරුන්ගේ නිවාසවල වටිනාකම මනින්න යයි
2025 ජනවාරි මස 21 956 0

හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.


ගල්වලේ සේවකයෙක් සිරවී මරුට
2025 ජනවාරි මස 20 628 0

ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි ප


ට්‍රම්ප් දිවුරුම් දෙයි
2025 ජනවාරි මස 20 735 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.


හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්
2025 ජනවාරි මස 20 1853 0

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහ


ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති
2025 ජනවාරි මස 20 590 0

වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.


දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 20 62 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 400 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 614 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 333 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site