IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යොහානිගේ අලුත් ගීත ඇල්බමයක් ලගඳීම

( තිළිණි ද සිල්වා )

ළඟදීම තමා නිකුත් කරන නව ගීත ඇල්බමයත් සමග ,රසිකයින් තම සංගීතය හා නිරතුරුවම රැදී සිටිනු බවට විශ්වාස යැයි සිය ප්‍රථම සංගීත ප්‍රසංගය සදහා ඉන්දියාවට ගොස් සිටින , ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ මෙරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඉන්දියාවේදී පැවසුවාය.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන සී ටීවී(ZEE Tv )සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.ඇයගේ මෙම ඉන්දීය සංගීත ප්‍රසංග සංවිධානය කළ සංවිධායක වන්නේද එම මාධ්‍ය ආයතනයයි.

විනාඩි 17 තත්ත්පර 25 ක ධාවන කාලයකින් යුතු එම සම්මුඛ සාකච්ඡාවේදී යොහානි තමන් ගේ සංගීත වෘත්තීයේ පටන් ගැන්ම , පවුලේ අයගෙන් හා සංගීත ක්ෂේත්‍රයෙන් ලැබුණු සහාය ආදී කාරණා සහ එක් රැයෙන් ඇය ගායනා කල "මැණිකේ මගේ හිතේ " ප්‍රතිනිර්මාණ ගායනය ජනප්‍රිය වීම සම්බන්ධයෙන් ඉතා ධනාත්මක ලෙසින් අදහස් දැක්වූවාය.

ඇය සමග සම්මුඛ සාකච්ඡාවේ නිරතවූ මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්න කිහිපයක් පහතින් දැක්වේ.

සී ටීවි මාධ්‍යවේදිනිය -ඔබ කවද්ද හිතුවේ අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත් වගේ තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරිපත් කරලා තිබ්බා. කවද්ද දැනගත්තේ මගේ ගීතය ප්‍රසිද්ධ වුණා කියලා?

යොහානි- "මම නිවැරදි නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23 විතර වනවා. මේ ගීතය මිලියන 20 ඉක්මවද්දී මම හිතුවා ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කියලා. නමුත් මේ ගීතය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට ගිහින් මිලියන 20 ඉක්මවා ගියාම මට හිතා ගන්නවත් බැරි වුනා."

මාධ්‍යවේදිනිය - ඔබට හින්දි භාෂාව පුළුවන් ද ?

යොහානි -ඇත්තටම මට ඉංග්‍රීසි භාෂාව හොදින් හැසිරවීමට පුළුවන් වුනත් හින්දි භාෂාව ඉතාම හොදින් හසුරුවන්න බැහැ.ඒත් අපි බලමු ඉක්මනින්ම හින්දි භාෂාවත් ඉගෙන ගන්න.

ප්‍රශ්නය - ඔබේ රසිකයින්ට දෙන පණිවිඩය මොකක්ද?

"හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මගේ සංගීතයත් සමඟ ඉන්න. ඉදිරියේදී මම ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයක් ඉක්මනින්ම නිකුත් වනවා. මගේ සංගීතයට උදව් කරන්න.ගොඩාක් ස්තූතියි.මේ දුන් හැම ගෞරවයකටම යැයි ද යොහානි කියා සිටියාය.

සතීෂාන් රත්නායක ගායනා කළ , දුලාන් ආර්එක්ස් ගේ පද රචනයෙන්. හා. චමත් සංගීත් සංගීත අධ්‍යක්ෂණය කළ "මැණිකේ මගේ හිතේ " ගීතය ප්‍රති ගායනා කීරීමෙන්මෙන් ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ ඉකුත් 30 වැනිදා ඉන්දියාවේ ගු⁣රුග්‍රෑම් හී පිහිටි ස්ටූඩියෝ එක්ස් ඕ අවන්හලේදී පැවති පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගයේ ඡායාරූප එම අවන්හල විසින් සිය නිල ෆේස්බුක් පිටුව හරහා සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

එම ඡායාරූප වලින් ඇයට ඉන්දීය සංගීත රසිකයින් ගෙන් ඉතා ඉහළ ආකර්ෂණයක් ලැබුණු ආකාරය දක්නටද ලැබේ.

මේ අතර හෙට( 03 ) හයිද්‍රාබාද් නගරයේ හාට් කප් අවන්හලේ දී සිය දෙවැනි සංගිත ප්‍රසංගය පවත්වන අතර ඊට ද ඉන්දීය සංගීත ලෝලීන් ගේ දැඩි ආකර්ෂණය හිමි වනු ඇත .

 



අදහස් (8)

යොහානිගේ අලුත් ගීත ඇල්බමයක් ලගඳීම

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 02 October 2021 11:18 AM

මේ රටේ කෙනෙකු මේ තරම් ලස්සනට අසල්වැසි රාජ්‍යයේ අැගැයීමට ලක්වෙනවා. ඒත්, මේ රටේ බොහෝ අය ඒ ගැන ඒ රටට ස්තූතියක් හෝ කරන්නේ නැහැ.... අඩුම තරමේ යොහානි මේ රටට ගෙනා කීර්තිය ගැන හෝ හිතන්න වගකිවයුතු අයගේ හිත්වලට මනුස්සකමක් නැහැ. අමිතාබ් බච්චන් වගේ නිහතමානී මිනිසුන් තමයි මතු මතු වැඩි වැඩියෙන් ලෝකෙට අවශ්‍ය... අද මේ රටේ සමහරුන්ට ඉන්දීය භීතිකාව... බුදුහාමුදුරුවන්ව හා බුදුදහම අපට ලැබුණේ ඉන්දියාවෙන්... අමරදේවයන්, සනත් නන්දසිරි, සුනිල් ශාන්ත ඇතුළු බොහෝ දෙනා සංගීතය ඉගෙන ගත්තේ ඉන්දියාවෙන්... අද බොහෝ දෙනා ඒවා අමතක කරලා. ඒ අයට ඉන්දියාව පේන්නේ වැරදි විදිහට... මේ රටේ මහජන හදවත් ඉන්දියාවෙන් ඈත් කරවන්න දැඟලුවේ එක්තරා ත්‍රස්තවාදී කටයුතුවල නිරතව සිටි පක්ෂයක්... අද ඉන්දියාව තමන්ගේ සැබෑ යථාර්ථය මේ රටේ දේශපාලන අඳ බාලයින්ට හොඳහැටි ප්‍රදර්ශනය කොට තිබෙනවා...

:       10       48

NMSaturday, 02 October 2021 05:56 PM

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම ශ්‍රී ලංකාවේ සංගීත කලාව වෙනුවෙන් මීට වසර හතරකට පෙර බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ඉදිකිරීම ඇරඹුණු ‘අමරදේව අසපුවේ’ ගොඩනැගිලි මේ වන විට වල් බිහිවෙමින් පවතී. ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ මෙරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය මැදිහත්ව ශ්‍රී ලංකාවේ කලාව වෙනුවෙන් ‘අමරදේව අසපුවේ’ වැඩකටයුතු අවසන් කිරීමට හැකිනම් ශ්‍රී ලංකාවේ යුග ගණනාවක වෙනස් ආකාරයට ගැයුණු සංගීත කලාව (එදා මෙදා සංගීතය) එක තැනකට ගෙන ඒමට හැකියාව තිබේ.

:       1       14

පිටිගල මිලානෝ Saturday, 02 October 2021 04:00 PM

ඉන්දියාවෙන් සංගීතේ ඉගෙනගත්ත මාස්ටර්ලා ටික අපිට සින්දු කියනවා.. නවකයින්ට අත නොදී.. යොහානි ලංකාවෙන් සංගීතේ ඉගෙනගෙන ඉන්දියාවේ අයට සින්දු කියනවා අපේ මාස්ටර්ලට සරිගම අවුල් වෙන්නම...

:       2       13

Ruwan Saturday, 02 October 2021 04:11 PM

ඇත්තටම සන්තෝෂයි... ඇල්බමයක් කරලා මෙහෙම ජනප්‍රිය වුණු එක ගැන... සුබ පතනවා. නමුත් අපේ අමරදේව මාස්ටර් වගේ වටිනා සහ අර්ථවත් ගීත ගායනා සදාකාලිකයි. තව අවුරුදු 02කින් බලන්න.

:       5       25

Mangala Saturday, 02 October 2021 04:33 PM

ඉන්දියාවේ කලාකාරයින් වෙනයි, දේශපාලකයින් වෙනයි. ඕනෑම රටකින්, දේශයකින් හොඳ දේ හොඳයි. නරක දේ නරකයි. කලාවයි, බුදුදහමයි, දේශපාලනයයි පටලවා ගන්න එපා. යොහානිට ලැබෙන පිළිගැනීම ගෙෳරවය අපිට, ලංකාවට ආඩම්බරයක්. ඒක මොන විදියෙන්වත් අඩුවක් වෙන්නේ නැහැ... ඔය කියන වගකිවයුතු අය අගය නොකළා කියා. අනික මොකක්ද ඒ ගොල්ලන්ගේ තියෙන වගකිවයුතුකම, කිසිම දේක වගකීමක් නැති මිනිස්සුනේ ඔය වගකිව යුත්තෝ...

:       0       8

Rocky Saturday, 02 October 2021 05:15 PM

දොළුකන්දෙන් පස්සේ පටන් ගත්තු ලොකුම රැල්ල...!

:       32       3

මහසෙන් Saturday, 02 October 2021 07:16 PM

ඇති යන්තන්... දැවි දැවී උන්නු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා.

:       21       1

Nadun Saturday, 02 October 2021 07:55 PM

කට්ටිය සෙට් වුණාම තාම කියන්නේ අවුරුදු 20ක් පරණ සින්දු...!!!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site